"අද්මිරාල්ති නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
සමුදී‍්‍රය ප‍්‍රශ්ණ සහ වැරදි පාලනය කරන නීතියේ අංගය අද්මිරාල්ති නීතිය (සමුද්‍රීය නීතිය ලෙසින්ද හැඳින්වේ) යි .සාගරයේ කි‍්‍රයාත්මක වන්නාවූ යාත‍්‍රාවන් මෙහෙයවනු ලබන පුද්ගලික ආස්ථිත්‍යයන් අතර සම්බන්ධතාවන් පාලනය කරන පුද්ගලික ජාත්‍යන්තර නීතියේ කොටසකි. ජලතරණ අයිතීන්, ඛනිජ අයිතීන්, වෙරළාසන්න ජල තීරයන්හි අධිකරණ බලය සහ ජාතීන් අතර සම්බන්ධතාවන් පාලනය කරන ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ පුද්ගලික ජාත්‍යන්තර නීතියේ අංගය වන මුහුදු නීතියෙන් එය වෙනස් වේ.
 
 
පසුබිම
 
මුහුදින් භාණ්ඩ ප‍්‍රවාහනය ආදිතම වානිජ මධ්‍යයකි. මෙකී සමදී‍්‍රය වෙළඳාමේදී ඇතිවන ආරවුල් විසඳීම සම්බන්ධයෙන් වන රීති ඉතා ඈත ඉතිහාසයෙන් පවා වාර්තා වී ඇත. මෙම නීතිය පිලිබඳ චිරන්තන මූලාශ‍්‍රයන් අතර රෝඩියානු නීතිය (මෙහි කිසිදු ලිඛිත නිදර්ශකයක් ඉතිරිව නැතත් රෝමානු හා බයිසැන්ටියානු නීති සංග‍්‍රහයන් තුල මෙහි සංකල්පයන් දැකගත හැක) මෙන්ම පසුකාලීනව බිහිවූ හන්සියාතික ලීගයේ සම්ප‍්‍රදායන්ද වැදගත් තැනක් ගනී.
 
රෝමානු හා බයිසැන්ටියානු සමුදී‍්‍රය නීතිය හැරුනුවිට ඉස්ලාමීය නීතියද ජාත්‍යන්තර අද්මිරාල්ති නීතියට විශාල දායකත්වයක් සපයා ඇත. යම්හෙයකින් විනාශයකට හෝ අයුතු කි‍්‍රයාවකට මුහුණදීමට සිදුවුවහොත් ඉස්ලාම් නීතියට අනුව ඔවුන්ට ණයගැතියන් බවට පත්වීමට සිදුවන බව තේරුම්ගෙන මුස්ලිම් නාවිකයනට පෙරගෙවීමක් ලෙස ස්ථිර වැටුපක් ගෙවනු ලැබිණි. මීට ප‍්‍රතිපක්‍ෂ ලෙස රෝමානු සහ බයිසැන්ටියානු නාවිකයෝ සමුදී‍්‍රය ව්‍යාපාරයේ පරදුතබන්නන් ලෙස සැලකුනු අතර සාර්ථක මුහුදු ගමනක් අවසානයේ වෙළඳාමෙන් ලද ලාභයෙන් කොටස් සිය තනතුර මත පදනම්ව ඔවුන්ට ගෙවනු ලැබිණි. වෙරළාශි‍්‍රත ගමනාගමනය සහ ගැඹුරු මුහුදේ සංචාරයන් සම්බන්ධයෙන් මුස්ලිම් නීතිවේදීහු වෙනස් ක‍්‍රමවේදයන් අනුගමනය කළහ. එමෙන්ම නැව සහ නැව්බඩු යන දෙකම අත්කරගත් අවස්ථාවන්හි හැරුනුවිට ඔවුහු භාණ්ඩ ප‍්‍රවාහනය සම්බන්ධයෙන්ද නාවිකයන් වගකීම දැරිය යුතුය යන මතය දැරූහ. සමුදී‍්‍රය කටයුතු සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර නීතියේ වර්ධනය සඳහා ඉස්ලාමීය නීතියේ බලපෑම සලකා බැලීමේදී රෝමානු බලපෑමට සමාන වැදගත්කමක් ඉස්ලාමීය නීතියේ බලපෑමටද ලබාදිය යුතු බව පෙනීයයි.
 
අද්මිරාල්ති නීතිය එංගලන්තයට හඳුන්වාදෙනු ලැබූයේ සිය පුත‍්‍රයා වන සිංහ හදවතක් ඇති රිචඞ් රජුගේ ප‍්‍රතිරාජයා වශයෙන් කටයුතු කළ ඇක්විටේන්හි එළිනෝර් විසිනි. ඇය ඊට පෙර සිය නිජබිම වූ ඔලරන් හි අද්මිරාල්ති නීතිය ස්ථාපිටකොට තිබුණි. ඇගේ පළවන සැමියා වූ ප‍්‍රංශයේ හත්වන ලූවී රජු සමඟ කුරුස යුද්ධයට සහභාගිවූ ඇය නැගෙනහිර මධ්‍යධරණී ප‍්‍රදේශයේදී අද්මිරාල්ති නීතිය පිලිබඳ දැනකියාගෙන තිබිණ. එංගලන්තයේදී විශේෂිත අද්මිරාල්ති අධිකරණ විසින් සියළුම අද්මිරාල්ති නඩු විභාග කරන ලදී. මෙම අධිකරණ එංගලන්ත පොදු නීතිය භාවිතා නොකළ නමුත් ජස්ටීනියන්ගේ කෝපුස් ජූරිස් සිවිලිස් සංකල්පය මත විශාල වශයෙන් පදනම්ව කටයුතු කරන ලදී.
 
ඇමරිකානු විප්ලවයට හේතුසාධක වූ එක් ප‍්‍රධාන කරුණක් වූයේ අද්මිරාල්ති අධිකරණයන්ය. උදාහරණයක් ලෙස ස්වාධීනත්වය පිලිබඳ ප‍්‍රකාශයේ විවිධ අවස්ථාවන්හිදී ජූරියේ නඩු විභාග සම්බන්ධයෙන් අපව රැවටීමට ලක්කිරීම වෙනුවෙන් ලෙස සඳහන් කරන්නේ මුද්දර නීතිය ඇමරිකානු යටත්විජිතයන්හි කි‍්‍රයාත්මක කිරීමට අද්මිරාල්ති අධිකරණයන්ට පාර්ලිමේන්තුව විසින් බලය ලබාදීමේ පරිචය පිලිබඳවය. මෙයට හේතුවූයේ මුද්දර නීතිය ජනතාවගේ විරෝධයට බඳුන්වූවක් වන බැවින් යටත්විජිත ජූරිය එය කඩකිරීම සම්බන්ධයෙන් යටත්විජිත වැසියන්ට දඩුවම් කිරීමට ඇති ඉඩ අවමවීමයි. අද්මිරාල්ති අධිකරණයන්හි ජූරිය විසින් නඩු විභාග නොකරන බැවින් මුද්දර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන යටත්විජිත වැසියන්ට එරෙහිව ජූරියකින් තොරව අද්මිරාල්ති අධිකරණ විනිසුරුවරයකු ඉදිරියේ නඩු විභාග කළහැකි විය.
 
1789 එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් අනතුරුව අද්මිරාල්ති නඩු තීරණ ඔස්සේ ක‍්‍රමක‍්‍රමයෙන් එක්සත් ජනපද නීතිය තුලට අද්මිරාල්ති නීතිය පිවිසියේය. ඇමරිකානු විප්ලවයයේ කැපී පෙනෙන චරිත බවට පත්වූ ඇමරිකානු නීතීඥයින්ගෙන් වැඩි දෙනකු සිය පුද්ගලික වෘත්තීය ජිවිතයේදී සමුදී‍්‍රය නීතිය පිලිබඳ නීතීඥවරු වූහ. නිව්යෝර්ක්හි ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් සහ මැසචුසෙට්ස්හි රෝන් ඇඩම්ස් ඒ අත්රින් කැපී පෙනෙන චරිත විය.
 
1787 දී එවකට ප‍්‍රංශයේ තානාපතිවරයාව සිටි තෝමස් ජෙපර්සන් ජේම්ස් මැඩිසන් වෙත ලිපියක් යවමින් ඒ වනවිට ජනපදයන්හි අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත්කොට තිබූ එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට භූමියේ නීතිය විසින් (අද්මිරාල්ති නීතීන්ට පටහැනි) නඩු විභාග කළහැකි සියලූම කාරණාවන්හිදී ජාතීන්ගේ නීතිය (එනම් අද්මිරාල්ති නීතිය) අනුව නොව ජූරිය විසින් නඩු විභාග කිරීම කළයුතුය’ යන ප‍්‍රතිපාදනය ඇතුලත් කරමින් සංශෝධනයක් කළ යුතු බව යෝජනාකර සිටින ලදී. එහි ප‍්‍රතිඵලය වූයේ එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිදුකළ හත්වන සංශෝධනයයි.
 
"https://si.wikipedia.org/wiki/අද්මිරාල්ති_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි