"මුත්තයියා මුරලිදරන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
මුත්තයියා මුරලිදරන්
 
පෞද්ගලික තොරතුරු
 
සම්පූර්ණ නම - මුත්තයියා මුරලිදරන්
මුරලිදරන්ගේ ක්‍රීඩා ඉරියව් විවේචනය කරමින් සිටි දෙදෙනෙකු වූයේ කලින් ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඩීන් ජෝන්ස් සහ කලින් ඉන්දීය පිලේ නායකයෙකුව සිටි බිෂාන් බේඩිය.
සුරතල් නම - මුරලි
උපන් දිනය - 1972 අප්‍රේල් 17. ශ්‍රී ලංකාවේ මහනුවර
ක්‍රීඩා විලාසය - පිට දඟ පන්දු යවන්නා
පිත්ත හසුරුවන විලාසය - දකුණත් පිතිකරු
පන්දු යවන විලාසය - Right arm off break
 
අන්තර්ජාතික තොරතුරු
 
පළමු ටෙස්ට් තරඟය - 1992 අගෝස්තු 28 ඕස්ට්‍රේලියාවට එරෙහිව.
අන්තිම ටෙස්ට් තරඟය - 2008 අප්‍රේල් 03 - බටහිර ඉන්දීය පිලට එරෙහිව.
පළමු එක්දින ජාත්‍යන්තර තරඟය - 1993 අගෝස්තු 12 - ඉන්දියාව සමග
එක්දින තරඟ වලදි කමිස නොම්මරය - 08
 
කණ්ඩායම් තොරතුරු
 
වසර කණ්ඩායම
 
1991/92 - අද දක්වා ටැමිල් යූනියන් ක්‍රිකට් සහ ඇත්ලටික් ක්ලබ්
1999-2007 ලැන්කැෂයර්
2003 කෙන්ට්
2008 චෙන්නායි සුපර් කිංග්ස්
 
වෘත්තීය සංඛ්‍යා ලේඛණ.
ටෙස්ට් එක් දින F/C LA
තරඟ 120 305 219 378
ලකුණු 1156 516 2087 693
පන්දු යැවීමේ සාමා: 11.56 5.86 11.28 6.41
100/50 0/1 0/0 0/1 0/0
ඉහළම ලකුණු 67 27 67 27
 
යැවූ පන්දු 40035 16534 62929 20.095
විකට් 735 464 1309 575
පන්දු යැවීමේ සාමා: 21.95 23.00 19.06 22.97
ඉනිමකදී විකට් 5 63 8 115 10
ඉනිමකදී විකට් 10 20 n/a 32 n/a
හොඳම පන්දු යැවීම 9/51 7/30 9/51 7/30
උඩ පන්දු/ස්ටම්ප් 68/- 120/- 119/- 142/-
2008.04.08දින වන විට.
මූලාශ්‍රය. Cricket Archive
 
මුත්තයියා මුරලිදරන් උපත ලද්දේ ශ්‍රී ලංකාවේ මහනුවරදී ය. බොහෝ විට ඔහු හැඳින්වෙන්නේ ‘මුරලි’ යනුවෙනි. 2002 වර්ෂයේ ‘විස්ඩන් ක්‍රිකටර්ස්’ සඟරාව විසින් ඔහු හඳුන්වා දෙනු ලබන්නේ මෙතෙක් පහළ වූ “ශ්‍රේෂ්ඨතම ටෙස්ට් පන්දු යවන්නා” ලෙසයි.
ඔහු ටෙස්ට් තරඟ වලදී ඉහළම විකට් ප්‍රමාණය ලබා ගත් පුද්ගලයාය. ෂේන් වෝන් විසින් දරා තිබූ එම වාර්තාව 2007 දෙසැම්බර් 3 වැනි දින මුරලිදරන් විසින් අභිබවන ලදි. බටහිර ඉන්දීය කොදෙව් පිලේ කර්ට්නි වොල්ෂ් විසින් 2004 දී ලබා ගෙන තිබූ 519 විකට් ප්‍රමාණය අභිබවා යමින් මුරලිදරන් මෙම තත්වය ඊට කලින් ලබා ගෙන තිබුනද ඉන් පසුව උරහිසේ ආබාධයකට ලක් වීම නිසා ඔහු ඉක්මවා යාමට වෝන්ට අවස්ථාව පෑදුනේය. ඔහු එක් දින තරඟ වලදී වැඩිම විකට් ප්‍රමාණය ලබා සිටින දෙවැන්නාය.
කලින් සිටි බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ මයිකල් හෝල්ඩිංග්ස් ද මුරලිදරන් විවේචනය කළේය. එහෙත් පසුව පවත්වන ලද පරීක්ෂණ වලින් හෙළි වූ කරුණු වලින් අනතුරුව ඔහු තම විවේචන ඉල්ලා අස් කර ගත්තේය. හෝල්ඩින් සහ බේඩි දෙදෙනාම මුරලිගේ පන්දු යැවීමේ ඉරියව් ‘හෙල්ල විසි කිරීමේ’ (Javelin Throw) ක්‍රමයට සමාන බව කීහ. ICC යේ අධ්‍යයන වාර්තාවෙන් පසු කමිටු සාමාජිකයෙකු වශයෙන් හෝල්ඩින් මෙසේ කීවේය. “විද්‍යාත්මක සාක්ෂි සියල්ල වෙනස් කරනවා. පියවි ඇසට සාමාන්‍ය ලෙස පන්දු යවන්නෙක් ලෙස පෙනෙන්නෙක් පවා අංශක 11 හෝ ඇතැම් විට 12 ක් පමණ අත නවන බව තාක්ෂණයට පෙනී යනවා. මෙම ක්‍රීඩකයින් නීති රීති උල්ලංඝණය කරති. ක්‍රීඩාව මෙම යථාර්ථය. සමග කටයුතු කළ යුතුයි”.
එක් ටෙස්ට් තරඟයකදී විකට් හයකට වඩා සාමාන්‍යයක් හිමි කර ගෙන සිටින මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් ක්‍රීඩාවේ අති සාර්ථක පන්දු යවන්නන්ගෙන් එක් කෙනෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයාය. ඔහු දේශීය වශයෙන් ටැමිල් යූනියන් ක්‍රිකට් සහ ඇත්ලටික් ක්ලබ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන අතර විදේශීය වශයෙන් ලැන්කැෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරයි.
2002 මැයි මාසයේ ඇඩම් ගිල්ක්‍රිස්ට් කාල්ටන් පාපන්දු ක්ලබ් හි දිවා භෝජන සංග්‍රයකදි මුරලිදරන්ගේ ක්‍රීඩා ඉරියව් ක්‍රිකට් නීති සමග නොගැලපෙන බව කීවේය. ගිල්ක්‍රිස්ට්ගේ ප්‍රකාශයක් උපුටා දක්වන Age පුවත්පත “ඔව් මම හිතනවා ඔහු ‘චක්’ කරනවා කියා.... මම එසේ කියන්නේ ඔහු ක්‍රීඩාවේ නීති කියවන්නේ නම් කිසි සැකයක් නෑ මගේ හිතේ ඔහු සහ තවත් බොහෝ ක්‍රීඩකයින් ක්‍රීකට් ඉතිහාසයේ පුරා චක් කර තිබේ” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන් කර ඇත. 1996 සහ 1999 වර්ෂ දෙකේදිම ICC ය විසින් මුරලිදරන්ගේ ඉරියව් නිවැරදි බව ප්‍රකාශ කර තිබියදි ඒ බව නොසලකා ඉහත සඳහන් ප්‍රකාශයන් කරන ලද්දේ ‘දුස්රා’ පන්දුව පිළිබඳ විවාදාත්මක සිද්ධි වලට පෙරදීය. මෙවැනි ප්‍රකාශයක් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති උල්ලංඝණය කරන ලදැයි එම මණ්ඩලය ග්‍රිල්ක්‍රිස්ට් ට තර්ජනය කර ඔහු එවැනි අනර්ථකාරි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් වැරදි කරුවෙකු කළේය.
මුරලිදරන්ගේ ක්‍රීඩා ජීවිතය බොහෝ හැලහැප්පීම්, විවේචන, දෝෂ දර්ශන වලට ලක් වූ එකකි. ඔහුගේ පන්දු යැවීමේ විලාශය බොහෝ අවස්ථාවලදී ක්‍රිකට් විනිසුරුවරයින් හා ක්‍රිකට් ප්‍රජාවේ ඇතැම් කොටස් විසින් ප්‍රශ්න කරනු ලැබින. එහෙත් අන්තර ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පර්යේෂණාගාර පරික්ෂණ මගින් අවස්ථා දෙකකදී එනම් 1996 දී සහ 1999 දී පරික්ෂණ පවත්වා ඔහුට එල්ල වී තිබුනු චෝදනා වලින් නිදහස් කිරීමටත් ඔහුගේ ඉරියව් නිවැරදි බවටත් තීරණ ලබා දුන්නේය. ඔහුගේ දුස්රා පන්දුවේ නීත්‍යානුකූල භාවය ගැන 2004 දී ප්‍රශ්න කෙරින. මෙම පන්දුව යැවීම පිළිබඳ නිල වශයෙන් කෙරුණු පරීක්ෂණ පදනම් කර ගෙන සියලු ක්‍රීඩකයන්ට ගැලපෙන පරිදි වැලමිට නැමිය යුතු සීමාවන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් වෙනස් කරන ලදි. 2005 දී කරන ලද එම වෙනස් කිරීමෙන් දූස්රා චෝදනා වලින් මුරලි ගැලවුනේය. මුරලිද එම සීමාව තුලට වැටුනි.
2006 වසරේ නවසීලන්ත ක්‍රිකට් සංචාරයේදි මුරලිදරන් ගේ තවත් විවේචකයෙකු වූ නවසීලන්ත පිලේ හිටපු නායකයෙකු හා ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ මාටින් ක්‍රෝ මුරලිදරන්ගේ දුස්රා පන්දුව ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු බවට ඉල්ලා සිටි අතර ක්‍රීඩා තරඟ වාරයකදි ඔහුගේ ඉරියව් ඉතා නරක අතට හැරුනු බව පෙනි ගියේ යයිද කීවේය. එම වසරේ මුලදි ලෝර්ඩ්ස් හි දි කව්ඩ්රි දේශනය පවත්වමින් මුත්තයියා මුරලිදරන් ‘චකර්’ කෙනෙකු බව කීවේය. ක්‍රෝ ගේ මෙම ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වමින් ICC යේ සාමාන්‍යාධිකාරී වූ ඩේවිඩ් රිචඩ්සන්, මහාචාර්ය බෲස් එලියට් ආචාර්ය පෝල් හැරිසන් සහ මාක් පෝර්ටුස්විත් යනාදින්ගේ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කළේය. “නරක අන්දමින් පන්දු යවන්නන් ලෙස නොදැක්වෙන ඇතැම් ක්‍රීඩකයින් පන්දු යැවීමේදි වැරදි ලෙස පෙනී යන ඉරියව් ප්‍රදර්ශනය කරන බවත්, ස්ථිර වශයෙන් නැමුනු වැල මිට සහිතව පන්දු යවන බවත්, නීතියේ දැඩි අර්ථකතනයන් යටතේ ඔවුන් නීති කඩන්නන් ලෙස පෙනෙන්නේය. එහෙත් එසේ බැලුවොත් නිවැරදිව පන්දු යවන එකද ක්‍රීඩකයෙකු ඉතිරි වන්නේ නැත”. ඉහත ප්‍රකාශය ඩේවිඩ් රිචඩ්සන් විසින් ඉදිරිපත් කළේය.
 
[[ගොනුව: MuralitharanBust2004IMG.JPG|thumb|]]
 
 
"https://si.wikipedia.org/wiki/මුත්තයියා_මුරලිදරන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි