"ඡායාරූප ශිල්පී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
35 පේළිය:
==ඡායාරූප බෙදාහැරීම==
 
[[Image:photoshare1photoshare2.jpg|160px|thumb|left|ඡායාරූප බෙදාහැරීම]]
 
බොහෝ පුද්ගලයින් තම ඡායාරූප විශේෂිත කණ්ඩායම් වලට හෝ පොදුවේ ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි වන පරිදි සමාජීය වෙබ් අඩවි හෝ වෙනත් වෙබ් අඩවි වල උඩුගත කරයි. නීතිය මගින් තම ඡායාරූප අනිසි ලෙස යොදා ගැනීම් වලින් වැලැක්වෙන බවට විශ්වාසයක් ඇති පුද්ගලයින් පොදු වෙබ් අඩවි වල හෝ නොමිලේ ප්‍රදර්ශනය සඳහා වන බලපත්‍රයක් ඇතිව තම ඡායාරූප උඩුගත කරයි. [http://en.wikipedia.org/wiki/Wikimedia_Commons Wikimedia Commons] වැනි සමහර වෙබ් අඩවි සියුම් ලෙස බලපත්‍ර පිළිබඳව සොයා බලන අතර, පොදුවේ පළ කිරීම පිළිබඳව පැහදිලි තොරතුරු ඇතුලත් පින්තූර පමණක් අනුමත කරයි.
 
සමහර ඡායාරූප ශිල්පීන් වෙබ් අඩවි මගින් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම, පළ කිරීම, බෙදා හැරීම හෝ විකිණීම සහ/හෝ අනෙක් පරිභෝජකයින් විසින් නැවත ප්‍රකාශනය සඳහා බාගත කිරීම් පිළිබඳව බලවත් සැලකිල්ලක් දක්වයි. මෙලෙස, සමාජයීය වෙබ් අඩවි මගින් පල කරන පුද්ගල ඡායාරූප සංචිත හෝ නාමාවලි දහස් ගණන් ඡායාරූප වලින් සමන්විත වන අතර එම ඡායාරූප අදාල පුද්ගලයින්ගේ අනු දැනුමක් නොමැතිව විකිණීම හා පරිභෝජනය සිදුකරයි. එවිට ඡායාරූප ශිල්පියාට අදාල ඡායාරූපය සඳහා ලැබිය යුතු ආදායම වෙනත් පුද්ගලයෙකු ලබා ගන්නා අතර ඡායාරූප ශිල්පියාට කිසිවක් නොලැබේ.
 
[[Image:photoshare1.jpg|160px|thumb|right|ඡායාරූප බෙදාහැරීම]]
 
එමෙන්ම සඟරා හා වෙබ් අඩවි මගින් පවත්වන ඡායාරූප තරඟ සඳහාද ඡායාරූප යවනු ලබයි. ආධුනික ඡායාරූප ශිල්පීන් එම තරඟ සඳහා ඡායාරූප යොමු කර, ඡායාරූපයේ නම හා ඡායාරූපය පිළිබඳ කතාන්දරයද ඉදිරිපත් කර සඟරා මුල් පිටුවක නොමිලේ තම ඡායාරූපය පළ කර ගැනීමට හැකිවීම පිළිබඳව තෘප්තිමත් වේ. නමුත් එමගින් සිය දහස් ගණන් ඡායාරූප එම වෙළඳ සමාගම් වල අයිතියට පැවරෙන අතර අවසානයේදී සාමාන්‍යයෙන් එවා වෙනත් මුද්‍රණ කටයුතු සඳහා හෝ අන්තර්ජාලයේ පළ කිරීම් සඳහා යොදා ගනු ලබන්නේ ඡායාරූප ශිල්පියාට කිසිම ගෙවීමක්, දැන්වීමක් හෝ කීර්තියක් නොමැතිවය. ඡායාරූප ශිල්පියාගේ හිමිකම් අයිතිය සුරැකිය හැක්කේ ගිවිසුමකට පමණි. තම ඡායාරූප වල සුරක්ෂිතභාවය පිළිබඳ යම්කිසි සැලකීමක් දක්වන ඡායාරූප ශිල්පීන් ඒවා විකිණීමට පෙර අදාල වෙළඳ ආයතන හා ප්‍රකාශකයින් පිළිබඳව සොයා බැලිය යුතුය. හිමිකම් ගිවිසුමක් තිබෙන අවස්ථා වලදී පවා, අදාල වෙළඳ සමාගමේ ඉතිහාසය පිළිබඳ වාර්තා හොඳ තත්වයක තිබේද යන්න හා ව්‍යාපාරික කටයුතු සාර්ථකව සිදුවන්නේද යන්න සොයා බැලිය යුතුය.
"https://si.wikipedia.org/wiki/ඡායාරූප_ශිල්පී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි