"ඡායාරූප ශිල්පී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
39 පේළිය:
සමහර ඡායාරූප ශිල්පීන් වෙබ් අඩවි මගින් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම, පළ කිරීම, බෙදා හැරීම හෝ විකිණීම සහ/හෝ අනෙක් පරිභෝජකයින් විසින් නැවත ප්‍රකාශනය සඳහා බාගත කිරීම් පිළිබඳව බලවත් සැලකිල්ලක් දක්වයි. මෙලෙස, සමාජයීය වෙබ් අඩවි මගින් පල කරන පුද්ගල ඡායාරූප සංචිත හෝ නාමාවලි දහස් ගණන් ඡායාරූප වලින් සමන්විත වන අතර එම ඡායාරූප අදාල පුද්ගලයින්ගේ අනු දැනුමක් නොමැතිව විකිණීම හා පරිභෝජනය සිදුකරයි. එවිට ඡායාරූප ශිල්පියාට අදාල ඡායාරූපය සඳහා ලැබිය යුතු ආදායම වෙනත් පුද්ගලයෙකු ලබා ගන්නා අතර ඡායාරූප ශිල්පියාට කිසිවක් නොලැබේ.
 
එමෙන්ම සඟරා හා වෙබ් අඩවි මගින් පවත්වන ඡායාරූප තරඟ සඳහාද ඡායාරූප යවනු ලබයි. ආධුනික ඡායාරූප ශිල්පීන් එම තරඟ සඳහා ඡායාරූප යොමු කර, ඡායාරූපයේ නම හා ඡායාරූපය පිළිබඳ කතාන්දරයද ඉදිරිපත් කර සඟරා මුල් පිටුවක නොමිලේ තම ඡායාරූපය පළ කර ගැනීමට හැකිවීම පිළිබඳව තෘප්තිමත් වේ. නමුත් එමගින් සිය දහස් ගණන් ඡායාරූප එම වෙළඳ සමාගම් වල අයිතියට පැවරෙන අතර අවසානයේදී සාමාන්‍යයෙන් එවා වෙනත් මුද්‍රණ කටයුතු සඳහා හෝ අන්තර්ජාලයේ පළ කිරීම් සඳහා යොදා ගනු ලබන්නේ ඡායාරූප ශිල්පියාට කිසිම ගෙවීමක්, දැන්වීමක් හෝ කීර්තියක් නොමැතිවය. ඡායාරූප ශිල්පියාගේ හිමිකම් අයිතිය සුරැකිය හැක්කේ ගිවිසුමකට පමණි.
 
 
"https://si.wikipedia.org/wiki/ඡායාරූප_ශිල්පී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි