"ඡායාරූප ශිල්පී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය:
==ඡායාරූප අලෙවිය==
 
[[Image:photography exhibition.jpg|200px|thumb|left|ඡායාරූප ශිල්පීන්ප්‍රදර්ශන]]
 
පිටපත් ගැනීම් හා අනවසරයෙන් භාවිතා කිරීම් වැනි ක්‍රියාවලින් තම ඡායාරූප ආරක්ෂා කර ගැනීමට අනන්‍ය අයිතියක් ප්‍රකාශන හිමිකම මගින් ඡායාරූප ශිල්පියාට ලැබේ.
19 පේළිය:
 
ගිවිසුම් කාල පරිච්ඡේදය බොහෝ විට අවුරුද්දක් වන අතර වෙනත් කාල පරිච්ඡේදයක් වුවද විය හැක. ඡායාරූප ශිල්පියා සාමාන්‍යයෙන් පුරස්කාරක ගාස්තු මෙන්ම ඡායාරූපය භාවිතා කරන සෑම අවස්ථාවකටම වෙන වෙනම ගාස්තු අය කරන අතර එම ගාස්තුව පුරස්කාරක මුදලින් අඩුවේද නැද්ද යන්න ගිවිසුම් කොන්දේසි අනුව තීරණය වේ. ඇතැම් විට ගිවිසුම අනුව ඡායාරූපය සීමා කිරීම් නොමැතිව යොදා ගැනීම (මෙයින් අදහස් කරන්නේ එකම ඡායාරූපය එක් වසරක් තුල කිහිපවරක් විවිධ භාවිතයන් සඳහා විකිණිය හැකි බව වේ) හෝ සීමා කිරීම් සහිත ලෙස යොදා ගැනීම (ගිවිසුම් කාලපරිඡේදය තුල එම ඡායාරූපය යොදා ගත හැක්කේ අදාල වෙළඳ සමාගමේ කටයුතු සඳහා පමණක් වේ) සිදුකරයි. උදාහරණයක් ලෙස ඡායාරූපයක් සුබපැතුම් පත් සඳහා සීමා කිරීම් නොමැතිව යොදා ගැනීමේදී වසරක් තුල එක්සත් ජනපදයේදී මුද්‍රණය සඳහා යම් කිසි මුදලක් සමග ඒකක මුද්‍රණයකට පුරස්කාරක ගාස්තුවක් අය කිරීමට ගිවිසුම සකස් කල හැක. තවද වෙළඳ සමාගම සඳහා පුරස්කාරක ගාස්තු ගණනය කර නිර්ණය කිරීමේ අයිතිය ගිවිසුම මගින් ඡායාරූප ශිල්පියාටද ලබා දිය හැක. පුරස්කාරක මුදල ඡායාරූපය මිලදී ගන්නා කර්මාන්තය හා ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස පෝස්ටර හා රූපවාහිනී වෙළඳ දැන්වීම් සඳහා යොදා ගන්නා ඡායාරූප සඳහා වන පුරස්කාරක ගාස්තු පොත් පිංචක හෝ පත්‍රිකාවක් යම් සීමාසහිත පිටපත් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සඳහා වන පුරස්කාරක ගාස්තු වලට වඩා වැඩි අගයක් වේ. පොතක හෝ සඟරාවක මුද්‍රණය කිරීමේදී ඡායාරූපය යොදා ගන්නා වර්ගඵලය මත පදනම්වද පුරස්කාරක අගය වෙනස් වේ. උදාහරණයක් ලෙස එය පිටුවකින් හතරෙන් කොටසක්ද, පිටු භාගයක්ද, සම්පූර්ණ පිටුවක්ද ලෙස වර්ග කර පුරස්කාරක තිරණය කල හැක. පිටකවර සඳහා යොදා ගන්නා ඡායාරූප වල පුරස්කාරක ගාස්තුව සාමාන්‍යයෙන් පොතක් හෝ සඟරාවක් තුල යොදා ගන්නා ඡායාරූප වල අගයට වඩා වැඩිය.
 
[[Image:photography exhibition2.jpg|200px|thumb|right|ඡායාරූප ප්‍රදර්ශන]]
 
සඟරාවක, වෙළඳ සමාගමක හෝ වෙනත් ඕනෑම ප්‍රකශන කටයුත්තක් සඳහා ඡායාරූප ශිල්පියෙක් විසින් ගන්නා ලද ඡායාරූප වල අයිතිය බොහෝ විට ඡායාරූප ශිල්පියාට වඩා අදාල ප්‍රකාශනය හෝ සමාගම සතුවේ. නමුත් එසේ වන්නේ ගිවිසුම් කොන්දේසි මත පදනම්වය. පුද්ගල ඡායාරූප (විශේෂයෙන් දේහලක්ෂණ විදහා දක්වන තනි පුද්ගල ඡායාරූප) සහ විවාහ මංගල ඡායාරූප වල ප්‍රකාශන අයිතිය බොහෝ විට ඡායාරූප ශිල්පියා ගිවිසුමක් මගින් තමන් සතුකර ගනී. ඒ අනුව එම ඡායාරූප යම්කිසි වෙනත් අවශ්‍යතා සඳහා පසු කාලයකදී නැවත ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් පාරිභෝගිකයාට එම ඡායාරූප නැවත පිටපත් කිරීමට හෝ සංස්කරණය කිරීමට අවශ්‍ය වුවහොත් තමන් විසින්ම එම කටයුත්ත සිදුකිරීම සඳහා ඡායාරූප ශිල්පියා සමඟ සාකච්ඡා කර අවසර ගත යුතුය. සමහර අවස්ථා වලදී නැවත මුද්‍රණ අයිතිය පාරිභෝගිකයාට පැවරීම සඳහා ඡායාරූප ශිල්පියා විශාල මුදලක් අය කරයි.
"https://si.wikipedia.org/wiki/ඡායාරූප_ශිල්පී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි