"ශ්‍රී ලංකාවේ ආගමික පසුබිම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
23 පේළිය:
මුළු ජනගහනයෙන් 70% අදහන [[ථේරවාදී බුදු දහම]] ලංකාවේ ප්‍රධානතම ආගමයි. බු.ව.246 දී [[අශෝක අධිරාජ්‍යාගේ]] පුත් [[මිහිඳු මහරහතන් වහන්සේ]] ලංකාවට වැඩමවා එවකට ලක්දිව පාලනය කල දේවානම්පියතිස්ස රජතුමා බෞද්ධයෙකු බවට පත් කිරීමත් සමඟම බුදු දහම ලංකාවේ ස්ථාපිත විය.එතැන් පටන් සියලුම රාජ්‍ය පාලකයන් බුදු දහම ලංකාවේ ව්‍යාප්ත කිරීම සදහා වෙහෙස මහන්සි වී වැඩ කළේය. අශෝක රජතුමාගේ දියණිය වන [[සංඝමිත්තා තෙරණිය]] විසින් [[බුද්ධගයාවේ]] සිට [[ශ්‍රී මහා බෝධීන් වහන්සේ]] ලක්දිවට වැඩමවා මෙරට බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සදහා අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන ලදී.බු.ව.200 පමණ වන විට බෞද්ධ ආගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට පත්විය.04 වන සියවසේදී ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ඉතා සුවිශේෂී සිදු වීමක් සිදු විය. එනම් [[දන්ත කුමරුවන්]] හා [[හේමමාලි කුමරිය]] විසින් [[දන්ත ධාතූන් වහන්සේ]] මෙරටට වැඩමවීමයි. කෙසේ නමුත් පසු කාලයේදී ඇති වූ හින්දු හා යුරෝපීය බලපෑම් මඟින් බුද්ධාගමට යම් බලපෑමක් එල්ල විය. නමුත් 19 වන සියවසේ මද භාගයේදී බෞද්ධයන්ගේ පිනට මෙරට පහළ වූ [[අනගාරික ධර්මපාලතුමා]] විසින් ආරම්භ කරන ලද බෞද්ධ ආගම සුරැකීමේ වැඩසටහන් වල ප්‍රථිපලයක් ලෙස නැවත මෙරට බෞද්ධ පුනර්ජීවනයක් ඇතිවිය.
==හින්දු==
[[image:Hanuman20a.jpg‎|thumb|150px|කෝවිල]]
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 16% පමණ [[හින්දු]] භක්තිකයෝය. හින්දූන්ට නොනැසී ආරක්ෂා වීමට හා දිගින් දිගටම මෙරට රැදී සිටීමට දකුණු ඉන්දීය පාලකයන්ගේ සහය ලැබුණු ආකාරය ඉතිහාසය පුරාම වරින් වර දක්නට ලැබේ.යුරෝපීයන්ගේ යටත් විජිත පාලන සමයේ නැගී ආ ක්‍රිස්තියානි ආගම හේතුවෙන් අනෙක් ආගම් වලට මෙන්ම හින්දු ආගමට ද බලපෑම් එල්ල විය. අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගෙන් බහුතරයක් හින්දු භක්තිකයෝය.ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන්ගේ ප්‍රමාණය 16% පමණ වුවද ඔවුන් අතර ඉතා හොඳ ආගමික සහයෝගීතාවයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ මෑත කාලීන හින්දු ඉතිහාසයේ ඉතා වැදගත් හින්දු ආගමික තැනැත්තා බවට පත් වන්නේ යාපනයේ සත්ගුරු ශිව යෝගස්වාමි පූජකතුමාය. විසිවන සියවසේ බිහි වූ ඉතා විචක්ෂණශීලී පූජකවරයෙකු වූ මොහු හින්දු ආගමිකයන්ගේ හදවත් තුල නිල වශයෙන් සත්ගුරු පදවිය ලද ඉසිවරයා ද වේ.
 
==ඉස්ලාම්==
15 වන ශත වර්ෂයේ දී අරාබි ජාතික වෙළඳුන් විසින් ඉන්දියන් සාගරයේ වැඩි ප්‍රමාණයක වෙළඳ බලය අත්පත් කොටගෙන තිබුණි. එම නිසා ශ්‍රී ලංකාවට ද මොවුන්ගේ බලපෑම එල්ල විය. එකී තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අරාබි ජාතිකයන් ශ්‍රී ලංකාවේ පදිංචි කරුවන් බවට පත් විය.මොවුන් තමන්ගේ ආගම වන ඉස්ලාම් ආගම ලංකාව තුල ව්‍යාප්ත කිරීමට උත්සහ කළහ. කෙසේ නමුත් 16 වන සියවසේ දී පෘතුග්‍රීසීන්ගේ ආගමනයත් සමඟම මුස්ලිම් ජාතිකයන් සතුව පැවති වෙළඳ බලය තමන් සතු කරගනීමට පෘතුග්‍රීසීන් උත්සහ දැරූහ. මෙම තත්ත්වය යටතේ මුස්ලිම් සම්භවක් සහිත පිරිස් වෙත පෘතුග්‍රීසීන්ගෙන් බලපෑම් එල්ල වන්නට විය.මෙම තත්ත්වයට මුහුණ දීම සදහා මුස්ලිම් ජාතිකයන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාප වල සිට රට තුලට හා නැගෙනහිර ප්‍රදේශ වලට සංක්‍රමණය විය.වර්තමානයේ දී මුස්ලිම් ජාතිකයන්ගේ අවශ්‍යතා වුවමනා පිළිබඳව වැඩි දුරටත් සොයා බලීම සදහා 1980 දී 'මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව' ආරම්භ කරන ලදී. මෙහි මූලික අරමුණ වනුයේ මුස්ලිම් ජාතිකයන්ගේ හුදකලා බව දුරුකරලීමයි.අද වන විට සිටින 8% පමණ වන මුස්ලිම් ජාතිකයන්ගෙන් වැඩි පිරිසක් අරාබි ජාතික සම්භවයක් ඇති මරක්කල සහ මැලේ ජාතිකයන්ය.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_ආගමික_පසුබිම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි