"කලා ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Venus de Milo Louvre Ma399 nn4.jpg|thumb|200px|Venus de Milo Louvret]]
කලාව ඵෙතිහාසිකව මූර්ති, ගුහා චිත‍්‍ර,ගල් පර්වතයන්හි ඇඳි සිතුවම්, දළ වශයෙන් වසර 40000 කට පෙර පැලියෝලිතික යුගයට අයත්වන පාෂාණමය මෙවලම් දක්වා දිවගියද ඒවා නිර්මාණය කළ සංස්කෘතීන් පිලිබඳ දන්නා තොරතුරු අවමවීම හේතුකොටගෙන ඒවායේ කලාත්මකභාවය පිලිබඳ නිශ්චිත අර්ථකථනයක් දීම අසීරු කරුණකි. දකුණු අපි‍්‍රකාවේ ගුහාවකින් සොයා ගන්නා ලද වසර 75000 ක් පමණ පැරණි ඉතා කුඩා ගොලූබෙලි කටු සමූහය මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම කලාත්මක නිර්මාණයන් ලෙස සැලකේ.
ශ්‍රේෂ්ඨ කලා සම්ප‍්‍රදායන් ඊජිප්තුව, මෙසපොටේමියාව, පර්සියාව, ඉන්දියාව, චීනය, ගී‍්‍රසිය, අරාබිය (පැරණි යේමනය හා ඕමානය) වැනි අතීත ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයන් ආශ‍්‍රිතව බිහිව ඇත. මේ සෑම ශිෂ්ඨාචාරයක්ම ඊට ආවේණික කලා සම්ප‍්‍රදායකට හිමිකම් කියයි. මෙම ශිෂ්ඨාචාරයන්ගේ ප‍්‍රමාණාත්මකබව සහ ඒවා දීර්ඝ කාලායක් පැවතීම හේතුකොටගෙන ඒවායේ කලාකෘතීන් ආරක්‍ෂාවී ඇති අතර ඒවා අනෙකුත් සංස්කෘතීන් වෙත මෙන්ම වෙනත් කාලයන් කරාද බලපෑම් සහගත වී ඇත. කලාකරුවන් කටයුතු කළේ කෙසේද යන්න පිලිබඳ ප‍්‍රථම වාර්තාන්ද අපට හමුවන්නේ මෙම ශිෂ්ඨාචාරයන් තුලිනි. උදාහරණයක් ලෙස ශක්තිය, තැන්පත්කම, සුන්දරත්වය සහ ව්‍යවච්ජේද විද්‍යාතමකව නිවැරදි පරිමාණයන් නිරූපනය කිරීම සඳහා මිනිසාගේ බාහිර රූපාකාරය අභිවන්දනයට ලක්කිරීම සහ ඊට ඇවැසි හැකියාවන් වර්ධනය කිරීම ග‍්‍රීක කලාව විසින් සිදුකරනලදී.
"https://si.wikipedia.org/wiki/කලා_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි