"සමනල කන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
26 පේළිය:
[[Image:පාද_පද්මය.jpg|RIGHT]]
 
සුරරද සමන් සමගින් සුරඟන එවර</br>
පැහැ නද මදාරා පරසතු මල් පතර</br>
කර පුද වඳින රැඳි මුනි සිරිපා තඹර</br>
සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර</br>
 
 
35 පේළිය:
අපේ පැරැන්නෝ පිරී ඉතිරී ගිය ශ්‍රද්ධා භක්තියෙන්ශ්‍රී පාද වන්දනාවේ යෙදුණහ.සම්බුදු සිරිපා රැඳුණු සමනොළ කන්ද, සමන් දෙවියන් , තෙරුවන් ගුණ,ගමන්මගේ විශේෂ ස්ථාන ආදිය ඇතුළත් වු ඡනකවි වලට නිදසුන් කිහිපයකි.
 
බතට කන්න බැරි බතලේගල කන්ද</br>
අලට කන්න බැරි අලගල්ලේ කන්ද</br>
හූනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද</br>
මෙකඳු තුනට නායක සමනොළ කන්ද</br>
 
යන්ට හොඳයි තේවතු බල බලායේ</br>
කන්ට හොඳයි පැණිරස අග්ගලායේ</br>
ඉන්ට හොඳයි සීතල පිනි බබායේ</br>
වැන්දොත් හොඳයි සමනොළ පිං පුරායේ</br>
 
සිරිපා වන්දනාවේ මුල්කාලීන තොරතුරු වලට සිරිපා අඩවිය සොයා ගැනීම පිලිබඳව ඡනප්‍රවාද වල සඳහන් වන්නේ මේ විදියටයි.සිරිපා අඩවිය සොයා ගෙන තිබෙන්නේ භාතිය රඡතුමා රාඡ්‍ය පාලනය කරන කාලයේදීය.භාතිය රඡතුමාට ආවතේව කළ පුද්ගලයා හැඳින්වූයේ ‍"කොටා " යන නමිනි.භාතිය රඡතුමාගේ මල් උයනේ දවසින් දවස මල් අඩුවෙන්නට පටන් ගත්හ. කවුරු හෝ තම මල් වත්තේ මල් සොරකම් කරනවා යැයි රඡුට සිතිණි.රඡතුමා හොරා අල්ලන්න කොටා ට භාර කළා.දවසක් මල් උයනේ සැඟවී බලා සිටි කොටාට දකින්නට ලැබුණේ සුරංගානාවියෝ පැමිණ මල් කඩාගෙන යන බවයි.කොටාත් සුරංගනාවියෝ පසුපසම කඳු මුදුනට ගියා.සිරිපා අඩවිය සොයා ගෙන තිබෙන්නේඵ් විදියට බව ඡනප්‍රවාදයේ සඳහන් වේ.
50 පේළිය:
බු. ව.236 වන විට ශ්‍රී පාදය පූඡනීය ස්ථානයක් බවට පත්වි තිබේ.පොෙළාන්නරු සහ දඹදෙණි යුගයන් වලදී ශ්‍රී පාද වන්දනාවට විශේෂ තැනක් හිමි වූ බව ඉතිහාසයේ සඳහන් වේ. සිරිපා වන්දනාව ගැන තොරතුරු සඳහන් වන පැරණිම සෙල් ලිපි දෙක පිහිටුවා තිබෙන්නේ මහා විඡයබාහු රඡතුමා විසිනි. "අඹ ගමුව" සහ "ගීලීමලේ' යන ප්‍රදේශවල පිහිට වූ මෙම සෙල් ලිපි පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් වෙයි.
19 සියවසේ අග භාගය වන විටත් සිරිපා වන්දනා ගමනෙහි තිබූ දුෂ්කර බවත් ,ත්‍රාස ඡනක බවත් "ටර්නර්" නැමති ලේඛකයා මේ විදිහට පවසයි. </br>
"....................වන්දනා කරුවෝ නඩේ ගුරා අනුව කවි ගායනයේ යෙදෙමින් ගමනේ යෙදෙති.මාර්ගය රළුය, බිය ඡනකය,රුදුරු වන මෘගයන් ගෙන් ගහණය........."
 
"https://si.wikipedia.org/wiki/සමනල_කන්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි