"යාපනය රාජ්‍යයේ ජනතාවගේ සමාජය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'යාපනය රාජ්‍යයේ ජනතාවගේ සමාජ සංවිධානය පදනම් වී ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
7 පේළිය:
නීති
 
ආර්ය චක්‍රවර්ති රජුගේ පාලන කාලයේ සමාජය පාලනය කිරීමේ නීතිවලට, පිය දෙටු පාලන ක්‍රමය ද, මව් දෙටු සමාජ ක්‍රමයක්ද අතර එකඟතාවයකින් යුතු ක්‍රමයක් පාදක වී තිබුණි. මෙම නීති සිරිත් නීති වශයෙන් ස්වදේශීය මුදලිවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට යටත්ව පැවත ගෙන එන්නට ඇත. දේපළ උරුමය වැනි සමහර අංශවල නීති වර්තමාන කේරළයේ මරුමකට්ටයම් සහ වර්තමාන තුලුනාඩුහි අලිය සනාතන වැනි නීතිවලට සමාන බව පසු කාලීනව උගත්තු පෙන්වා දී තිබේ. තව දුරටත් මහමදිකයින්ගේ පූර්වචක්‍ර (Pre-emption) නීතිය සහ අසල් වැසි ඉන්දියාවේ නීතියද ව්‍යවහාර නීතිය සමග එක් වන්නට ඇත. මෙම ව්‍යවහාර නීති පසු කලෙක සංග්‍රහ කරන ලදුව ලන්දේසීන් විසින් 'තේසවල‍ෙමෙතේසවල‍මේ' නමින් 1707 දී මුද්‍රණය කරන ලදී. පුරාණ සම්ප්‍රදාය යටතේ පාලනයේදී ගැහැණියගේ අනුප්‍රාප්තිකයා ගැහැණිය විය. එහෙත් පසුව සමාජ සැකැස්ම පිය දෙටු ක්‍රමයට (Patriarchal system) පදනම් වූ විට අනුරූප පාලන ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එහිදී පිරිමියෙකුගේ අනුප්‍රාප්තිකයා පිරිමියෙකු විය. එපරිදි 'මුතුසම්' (පිය උරුමයේ දේපල) පැවරීම පුතුන්ට ද චිඩෙනම් (දෑවැද්ද හෝ මව් උරුමයේ දේපළ) පැවරීම ගැහැණු පක්ෂයට ද විය. ඒ අනුව දෑවැදි සහිත සහෝදරියකගේ අනුප්‍රාප්තිකයා තවත් සහෝදරියක් වේ. කිසියම් සහෝදරයෙකු උරුමක්කාරයෙකු නොමැතිව මිය ගිය හොත් ඔහුගේ උරුමයන් ඔහුගේ සහෝදරයින්ට හිමි වන අතර සහෝදරියන් බැහැර කෙරේ. පිය දෙටු පවුලක එක් සහෝදරයෙකු පවුල් ඒකකයක් වුවත් සියලුම සහෝදරවරු ගත් කළ පිය පක්ෂයේ ඤාතීන් වෙති. එයින් කෙනෙකු මිය ගිය හොත් ඔහුගේ දේපළ එම සියලු පිය පක්ෂයේ ඤාතීන්ට බෙදී යයි.
 
 
"https://si.wikipedia.org/wiki/යාපනය_රාජ්‍යයේ_ජනතාවගේ_සමාජය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි