"හරිතාගාර ආචරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: diq:Tesirê Sera
සුළු robot Modifying: ms:Kesan rumah tanaman; cosmetic changes
1 පේළිය:
[[Imageගොනුව:Green house.jpg|right|200px]]
 
පෘථිවිය ජිවීන්ගේ වාසයට සුදුසු ග්‍රහලෝකයකි.ඊට හේතුව වෙනත් දේට අමතරව පෘථිවි පෘෂ්ඨය මතුපිට සහ ඊට ආසන්නව ජීවය පවත්වා‍ ‍ගෙන යාම සඳහා සුදුසු උෂ්ණත්වයක් පවත්වා ගැනිමට හැකි වායුගෝලයක් තිබිමයි.මේ සඳහා බලපා ඇත්තේ ස්වභාවික '''හරිතාගාර ආචරණය''' නමින් විස්තර කෙරෙන ක්‍රියාවලියයි.
 
කාබන්ඩයොක්සයිඩ්CO<sub>2</sub>,මී‍තේන්(CH4),ක්ලෝරෝ ‍ෆ්ලෝරෝ කාබන්, නයිට්‍රස් ඔක්සයිඩ්,සහ ජල වාෂ්ප ප්‍රධාන හරිතාගාර වායු වශයෙන් හැඳින්වේ.මෙම වායු පෘථිවියේ වායුගෝලයේ පහළ මට්ටම්වල සුළු ප්‍රමාණවලින් ස්වභාවිකව පවති.සුර්යයාගේ සිට පෘථිවි පෘෂ්ඨය කරා පැමිණ නැවතත් ආකාශයට පිට කරනු ලබන තාප ප්‍රමාණයෙන් කොටසක් වායුගෝලය තුළ රඳවා ගැනිමෙන් පෘථිවියේ උෂ්ණත්වය පාලනය කිරීම හරිතාගාර වායු මඟින් සිදු කරයි.මෙයට හරිතාගාර ආචරණය යයි කියනු ලැබේ.මෙයින් අදහස් කරන්නේ ජීවීන්ගේ පැවැත්ම සඳහා හරිතාගාර වායු වැඳගත් කාර්යයන් ඉටු කරන බවයි.එහෙත් පසු ගිය දශකවලදි වායුගෝලයේ ඇති හරිතාගාර වායුවල සාන්ද්‍රණය වැඩි වි ඇති බව සොයා ගෙන ඇත.ඉන්ධන පිළිස්සීම, වන විනාශය වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙම වායුවල සාන්ද්‍රණය වැඩි වි ඇති බවට දේශගුණ වෙනස්වීම් හා සම්බන්ධ පර්යේෂණ කටයුතුවල යෙදෙන විද්‍යාඥයින්ගේ මතයයි.මෙසේ අස්වභාවිකව හරිතාගාර වායුවල සාන්ද්‍රණය ඉහළ යාම වැඩි කරන ලද හරිතාගාර ආචරණය යනුවෙන් හැඳින්වේ.ඒ අනුව හරිතාගාර ආචරණය ස්වභාවික ක්‍රියාවලියකි. වැඩි කරන ලද හරිතාගාර ආචරණය අස්වභාවික ක්‍රියාවලියක්‍ වේ.
 
මෙසේ හරිතාගාර වායුවල සාන්ද්‍රණය තව තවත් වැඩි විමට ඉඩ හැරියහොත් පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය දශක කිහිපය තුළ පැවැති උෂ්ණත්වයේ වැඩි විමට වඩා වැඩි ‍වේගයකින් ඉහළ යනු ඇත.විද්‍යාත්මක තොරතුරු අනුව 20 වන ශත වර්ෂය තුළදි සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.3-0.6 ප්‍රමාණයනකින් වර්ධනය වී ඇති බව හෙළි වී ඇත. දේශගුණය වෙනස්වීම් පිළිබඳ අන්තර් ජාතික අනුකමිටුව 1995 නොවැම්බර් මස මැඩ්රිඩ් නුවරදි සම්මත කර ගන්නා ලද දේශගුණ වෙනස්විම් පිළිබඳ අලුත්ම විද්‍යාත්මක ඇගයීම් වාර්තාවට අනුව වර්ෂ 1990ට සාපේකෂ වර්ෂ 2100 දී මුළු පෘථිවි ගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2-3.5 දක්වා ප්‍රමාණයකින් ඉහළ යා හැකියයි.සඳහන් කරයි.වර්ෂ 2030 වනවිට කාර්මික යුගයට පෙර තිබු සාමාන්‍ය උෂ්ණ්ත්වයට වඩා අංශක දෙකකින් සාමාන්‍ය ලෝක උෂ්ණත්වය වැඩි වනු ඇතැයි ‍බොහෝ විද්‍යඥයෝ අනාවැකි පළකර සිටිති.අංශක ස්වල්පයකින් වුවද ගෝලීයව සාමාන්‍ය උෂ්ණත්වය වර්ධනය වීම ගොඩබිම හා සාගර යන දෙකේම දිගු කාලීන බලපෑම ඇති කිරිමට හේතු වේ. මුහුදු මට්ට්ම ඉහළ යාම භූමි පරිබෝග රටාව වෙනස්වීම,ඕසෝන් තලය වියැකීම අන්තගාමී දේශගුණයක ලක්ෂණ ඇතිවීම මේ නිසා සිදු විය හැක.
 
හරිතාගාර යනුවෙන් හඳුන්වන්නේ "වීදුරු වහළක් සහිත ආවරණ වු ප්‍රදේශයක් (කුටියක්) වන අතර ඵ්වා තුළ ඉහළ පරිසර උෂ්ණත්වයක් අවශ්‍ය වන ශාක වවනු ලැබේ.වීදුරු වහළ මඟින් තාපය ඇතුළු පැත්තට ගලා යන නමුත් ඉන් කොටසක් ආපසු පිටතට විකිරණ වීම වළක්වයි.මේ නිසා වීදුරුවලින් සකස් කළ ගොඩනැඟිල්ලක් තුළ කෘතිම වශයෙන් උෂ්ණත්වයක් වැඩිවේ. ඒ අනුව හරිතාගාරයක් පිටතට වඩා ඇතුළත උෂ්ණත්වයක් තබා ගැනීමට සකස් කරන ලද කෘතිම ගොඩනැඟිල්ලකි.මෙවැනි වීදුරුවලින් සැකසු ගෙවල් ලෝකයේ උෂ්ණත්වය අඩු ශීත රටවල වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය ඇතැම් ‍‍බෝග වගා කිරිමට කෘතිමව උෂ්ණත්වය වැඩි කර ගැනීමේ අරමුණින් සකස් කර ගෙන ඇත.
 
වායුගෝලයේද ඇතැම් විට ගිම්හලක් පරිදි ක්‍රියාත්මක වෙයි. සුර්ය විකිරණය වායුගෝලය මතට වැටී එය පෘථිවි තලය දක්වා පැමිණ එයින් කොටසක් අවශෝෂණය කරන අතර කොටසක් පරාවර්තනය කරයි.නමුත් වායුගෝලයේ ඉහළ වළා වැස්මක් නිර්මාණය වුවහොත් පෘථිවි තලයට අවශෝෂණය වු කෙටි තරංග පරිදි පිටකිරිමට එමඟින් බාධා ඇතිවේ.පිටතට විකිරණය වී නොයන තාප ශක්තිය වායුගෝලය තුළම පවතින බැවින් එය "ගිම්හලක්" පරිදි ක්‍රියාත්මක වෙයි.
 
අවුරුදු මිලියනයක් පමණ වු ඉතිහාසය තුළ පුර්ව මානව ක්‍රියා නිසා පෘථිවි වායුගෝලයේ සංයුතිය වෙනස් නොවු බැවින් මෙලෙස වායුගෝලය අතීතයේ සිට ස්වභාවික ගිම්හලක් ලෙස ක්‍රියාත්මක විය.නමුත් මෑත කාලයේ පෘථිවියෙහි කෘතිමව හඳුන්වා දෙන ලද ගිම්හල් ඵලය ඇති කිරිමට ප්‍රධාන වශයෙන් දායක වන්නේ කාබන්ඩයොක්සයිඩ්ය.ඒ හැරුන විට ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ,මීතේන්,හා ඕසෝන් වැනි වෙනත් වායු වර්ග ද ගිම්හල් ඵලය ඇතිකිරිමේ ක්‍රියාවලියට දායක වන අතර ක්‍රියාකාරිත්වය නිසා වර්තමානයේ එම දායකත්වය වැඩිවෙමින් පවතින බව අනාවරණය වී ඇත.මෙම ගිම්හල් වායු වර්ග මගින් උරා ගනු ලබන අධෝරක්ත කිරණ(දිගු තරංග) නිසා වැඩි වැඩියෙන් වායුගෝලය තාපවත් වේ.එමෙන්ම ඒ මගින් වැඩි ජලවාෂ්ප ප්‍රමාණයක් වායුගෝලයේ ඇති වී වැඩියෙන් වලාකුළු නිර්මාණය වීමක් සිදුවේ.මෙහි ප්‍රතිඵලයක් පරිදි වායුගෝලය තුළ තාපය එක් රැස් වීමක් නැතහොත් "ගිම්හල් ඵලයක්" හ‍ට ගැනීමක් සිදු වේ.මෙම ගිම්හල් ඵලය කෙටි කාලීන මෙන්ම දිගු කාලීන දේශගුණ විපර්යාසය කෙරෙහි බලපානු ලැබේ.
 
ගිම්හල් ඵලයෙහි ඉතාම කෙටිකාලීන ප්‍රතිඵලය වන්නේ යම් ප්‍රදේශයකට ලැබෙන වැසි ප්‍රමාණය වැඩි වීම වේ. උෂ්ණත්වය ඉහළ යන විට ජල වාෂ්ප ප්‍රමාණය ද ඉහළ යන නිසා වාෂ්පීකරණ ද වැඩි වී වළා වියන පැතිරී වර්ෂාව ලැබේ.නමුත් වායුගෝලයේ පවතින සාමාන්‍ය සංසරණයෙහි සංකීර්ණ හැසිරීම සහ විවිධ ප්‍රාදේශීය සාධක හේතු කර ගෙන වැඩි වන වර්ෂාව සෑම ප්‍රදේශයකටම එක හා සමානව නොලැබිය හැක.මේ නිසා ඇතැම් ශුෂ්ක ප්‍රදේශ හෝ වියළි ප්‍රදේශ තව තවත් වියලීම හා කාන්තරීකරණයට ලක්වීමක් සිදුවිය හැකි වේ.ගිම්හල් ඵලයෙහි දිගුකාලීන ප්‍රතිඵලය වන්නේ පෘථිවිය ක්‍රමයෙන් සිසිල් වීම බව අනාවරණය
 
== මේ අඩවිත් බලන්න ==
* [[ඕ‍සෝන් වියන ]]
* [[මිහිතල‍යේ උණුසුම]]
* [[පෘථිවිය උණුසුම් වීම ]]
* [[ආක්ටික් කලාප‍යේ උණූසුම ]]
 
[[ar:احتباس حراري]]
55 පේළිය:
[[ml:ഹരിതഗൃഹപ്രഭാവം]]
[[mr:हरितगृह परिणाम]]
[[ms:Kesan rumah hijautanaman]]
[[nl:Broeikaseffect]]
[[nn:Drivhuseffekt]]
"https://si.wikipedia.org/wiki/හරිතාගාර_ආචරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි