"එක්සත් රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Infobox Country
|conventional_long_name = [[මහා බ්රිතාන්‍ය]] හා [[උතුරු අයර්ලන්ත]] එක්සත් රාජධානිය
|common_name = එක්සත් රාජධානිය
|image_flag = Flag of the United Kingdom.svg
|image_coat = UK Royal Coat of Arms.svg
|symbol_type = Royal coat of arms
|image_map = Location UK EU Europe.png
|map_caption = එක්සත් රාජධානියේ (තද කොළ) පිහිටීම [[යුරෝපා සංගමය]]ට (ලා කොළ) සහ [[යුරෝපය|යුරෝපයේ]] අනෙකුත් කොටස්වලට (තද අළු) සාපේක්‍ෂව
|national_anthem = "[[God Save the Queen]]"
}}
 
(The United Kingdom of Great Britain and Northern Ireland) නිල නම: [[මහා බ්රිතාන්‍ය]] හා [[උතුරු අයර්ලන්ත]] එක්සත් රාජධානිය. [[යුරෝපය]]ට අයත් මහා බ්රිතාන්‍ය දූපත හා [[අයර්ලන්ත දූපතේ]] උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට [[එංගලන්තය]], [[ස්කොට්ලන්තය]], [[වේල්සය]] හා [[උතුරු අයර්ලන්තය]] යන රටවල් ද [[මෑන් දූපත්]] හා [[චැනල් දූපත්]] ද අයත් වේ. අගනුවර: [[ලන්ඩනය]]. රජ බස: [[ඉංග්‍රීසි]]. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.
 
රාජ්‍ය පාලනය සිදුවන්නේ [[ලන්ඩන්]] නගරය කේන්ද්‍ර කරගත් පාර්ලිමේන්තු පද්ධතියක් මගින් වන නමුත් පිළිවෙලින් උතුරු අයර්ලන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ අගනගර වන [[බෙල්ෆාස්ට්]], [[කාර්ඩිෆ්]] සහ [[එඩින්බර්ග්]] යන නගර සඳහා ද බලය විමධ්‍යගත කර තිබේ. ලොව විශාලතම අධිරාජ්‍යය යැයි සැලකෙන [[බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය|බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ]] උච්චතම අවස්ථාව වන 1922 දී පෘථිවි භූමියෙන් හතරෙන් එකක් පමණ එයට අයිතිව තිබූ අතර මෙයින් 14ක් පමණ දැනට ද ඉතිරිව පවතී. මෙම යටත්විජිතවල භාෂාව, සංස්කෘතිය සහ නීති පද්ධතිය යන අංශවලට බ්‍රිතාන්‍ය ආභාෂය බලපා ඇත.
 
එක්සත් රාජධානිය [[සංවර්ධිත රට|සංවර්ධිත රටක්]] වන අතර එය දළ ‍ජාතික නිෂ්පාදිතය අතින් ලොව හයවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. මෙය ලොව මුලින්ම [[කාර්මීකරණය]] වූ රට මෙන් ම 19 ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ලොව අංක එකේ බලවතා ලෙසද විරුදාවලි ලබා තිබුණි. නමුත් ලෝක යුද්ධ දෙකේ දී සිදුවූ අලාභ හානි සහ 20 වැනි සියවස අගභාගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කඩාවැටීමත් සමග එක්සත් රාජධානියේ ගෝලීය බලපෑම අඩු විය.
"https://si.wikipedia.org/wiki/එක්සත්_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි