"සැළලිහිණි සන්දේශය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය [[සන්දේශ කාව්‍ය]] නමින් ‍හැඳින්වේ.දැන‍ට අප අත‍ට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය ‍[[ගම්පොල]] [[යු‍ගය|ගම්පොල යු‍ගයේ]] ලියැවුණු [[මයුර සන්දේශ]] කාව්‍යය යි.සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ [[කෝට්ටේ යු‍ගය]] දී ය.ඉන් පසු එය [[සීතාවක යු‍ගය]] ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.</br>
 
[[කෝට්ටේ]] යු‍ගයේ විසූ දීප්තිමත් මදීප්තිමත්ම කවියා ලෙස කැපී පෙනෙනුයේ [[තො‍ටගමුවේ]] [[විජයබා පිරිවෙනෙහි]] අධිපති ව සිටි ෂඩ්භාෂාපර‍මේශ්වර [[තො‍ටගමුවේ ශ්‍රී රාහුල හිමි]]යාණෝය.</br>
 
ශ්‍රී රාහුල මා හිමියන් විසින් රචිත පොත් අතර [[පරෙවි සන්දේශය]],[[සැළලිහිණි සන්දේශය]], [[කාව්‍යශේඛරය]],[[පංචිකා ප්‍රදීපය]] ,[[බුද්ධිප්පසාදිනිය]] යන පොත් ප්‍රචලිත ය. රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි.එය රචිතව ඇත්තේ සවන(vi) [[VIවන පරාක්‍රමබාහු රජ]]ගේ කණිටු දියණිය වන [[ලෝකනාථා(උලකුඩය)]] දේවියට ,රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස [[කැලණිය|කැලණියේ]] [[විභීෂණ රජ|විභීෂණ]] දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.</br>
 
 
මෙය ‍පද්‍ය [[111]] කින් සමන්විත,නවමු අදහස්,උපමා,අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත් සන්දේශ කාව්‍යය‍කි.එහෙයින් සැළලිහිණි සන්දේශය [[සිංහල]] [[සාහිත්‍යය|සාහිත්‍යයේ]] හිමි වන්නේ උසස් තැනකි.
 
[http://epothgula.org/selalihiniya/ සැළලිහිණි සන්දේශයේ පෙළ]

සංස්කරණ

22,856

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/57843" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි