"සත්ත්ව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: == සත්ත්ව විද්‍යාවේ උපක්ෂේත්‍ර == සත්ත්වයන්ගේ ජිවිතය පිළිබඳව අධ්‍...
 
සත්ත්වවේදය වෙතට යළි-යොමුකරමින්
1 පේළිය:
#REDIRECT[[සත්ත්වවේදය]]
== සත්ත්ව විද්‍යාවේ උපක්ෂේත්‍ර ==
 
සත්ත්වයන්ගේ ජිවිතය පිළිබඳව අධ්‍යයනය කිරීම සත්ත්ව විද්‍යාව නම් වේ. ජීව විද්‍යාව යනුවෙන් අප අදහස් කරන දේහි අන්තර්ගත වන්නේ ජීවයෙහි ස්වාභාවික ඉතිහාසය පිළිබඳව අධ්‍යයනයක යෙදීමයි. චාල්ස් ඩාවින්ගේ ජීවිත කාලය තුල ඔහු විසින් සිදු කරන ලද කැපකිරීම් වල ප්‍රතිඵලයක් වශයෙන් ඉහත කී ජීවයෙහි ස්වාභාවික ඉතිහාසය පිළිබඳව නූතන විද්‍යාත්මක සොයා ගැනීම් සිදු කරන ලදී. අපදන්නා පරිදි සත්ත්ව විද්‍යාව මූලික වශයෙන් ගොඩ නැගෙන්නේ ජර්මනියේ සහ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල වලය. බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල වල සත්ත්ව විද්‍යාත්මක පුහුණු මධ්‍යස්ථාන මූලික වශයෙන් ස්ථාපිත කරන ලද්දේ තෝමස් හෙන්රි හක්ස්ලි විසිනි. ඔහු විසින් සත්ත්වයින්ගේ රූපාකාරය පිළිබඳව අවධානය යොමු කල අතර 19 වන ශත වර්ෂයේ දෙවන භාගයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලද විශිස්ඨතම සන්සන්දනාත්මක කායව්‍යවච්ඡවේදියෙකු විය. ඔහුගේ පාඨමාලාව දේශන සහ විද්‍යාගාර ප්‍රායෝගික පන්ති වලින් සමන් විත වු අතර මේ ක්‍රියාකාරකම් බහුලව පැතිර පැවතුනි.
 
හක්ස්ලි විසින් පර්යේෂණයට භාජනය කර සොයා නොගන්නා තවත් බොහෝ දේ ඉතිරිව පැවතුණි ඒවායින් සමහරක් නම් ඔවුන්ගේ පරිසර වලදී සත්ත්වයින්‍ පිළිබඳව අධ්‍යයනය කිරීමයි. මෙය ඩාවින් සහ ඇල්ෆ්‍රඩ් රසල් වැලේස් විසින් අධ්‍යයනය කරන ලදී. (මොවුන් දෙදෙනො පසු කලෙක ස්වාභාවික වරණ වාදය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ලදී) ඩාවින් හෝ වැලේස් යන විද්‍යාඥයන් දෙදෙනා ගෙන් එක් අයෙකු වත් විශ්ව විද්‍යාලයක දේශක තනතුරක් දැරුඅය නොවු නිසා ඔවුන්ගේ මෙම ඉදිරිපත් කිරීම් ඉතා පුදුම සහගත ලෙස විද්‍යාත්මක ප්‍රජාව අතින් බැහැර කිරීමකට ලක්කෙ‍රිණි. ක්‍රමක්‍රමයෙන් හක්ස්ලිගේ සන්සන්දනාත්මක කායවිව්‍යච්ජේද විද්‍යාවට අනෙකුත් ක්‍රමෝපායන් මගින් සහයෝගයක් ලැබිණි. 20 වන ශත වර්ෂයේදී මෙලෙස සොයා ගැණුනු සත්ත්ව විද්‍යාව නම් ක්ෂේත්‍රයෙහි පහත ඒවා අන්තර්ගත වී ඇත.
 
1. සන්සන්දනාත්මක කායවිව්‍යච්ජේද විද්‍යාව - මෙහිදි සත්ත්වයන්ගේ ආකෘතිය පිලිබදව අධ්‍යයනය කෙරේ.
2. සත්ත්වයින්ගේ භෞත වේදය - කායවිවච්ඡේද විද්‍යාව සහ කළල විද්‍යාව ඇතුලත්වු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මේ පිළිබඳව හැදැරේ.
3. ශාක හා සතුන්ගේ පොදු ජානමය සහ සංවර්ධනය වීමේ ක්‍රමෝපායන් අණුක ජිව විද්‍යාව අණුක ප්‍රවේණි විද්‍යාව සහ සංවර්ධනාත්මක ජීව විද්‍යාව මගින් අධ්‍යයනය කෙරේ.
4. සත්ත්වයන්ගේ හැසිරිම පිළිබඳව අධ්‍යයනය කරන චර්යයා විද්‍යාව
5. සත්ත්වයන්ගේ පරිසර විද්‍යාව චර්යාත්මක පරිසර විද්‍යාව සහ අනෙකුත් ක්ෂේත්‍ර මගින් ආවරණය කෙරේ.
6. සත්ත්වයන්ගේ සහ ශාක වල පරිණාමය වීමේ ජීව විද්‍යාව පරිණාමය, පුවේණි විද්‍යාව, ප්‍රවේණිය විවිධත්වය, මෙන්ඩලීය වාදය සහ ප්‍රජනනය යන ලිපි වල සලකා බැලේ.
7. ක්‍රමානුකූල සත්ත්ව ලෝක අධ්‍යයනය, වංශ ප්‍රවේනිය, ජෛව භූගෝල විද්‍යාව සහ වර්ගීකරණය මගින් සත්ත්ව විශේෂ පොදු පැවතෙන්නන් සහ කලාපීය සම්බන්ධතාවයන් පිළිබඳ වර්ගීකරණයක් සිදු කරනු ලබයි.
8. වර්ගීකරණය මත පදනම්ව ඇති කරන ලද ක්ෂිර පායින් පිළිබඳ අධ්‍යයන විද්‍යාව සහ පක්ෂි විද්‍යාව මගින් විවිධ විශේෂ හදුනාගෙන ඔවුන්ගේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වයන් වර්ගිකරණයට ලක් කරන අතර සතුන් අතර විශාලතම කාණ්ඩය වන කෘමීන් පිළිබඳව අධ්‍යයනය කෘමි විද්‍යාව මගින් සිදු කරනු ලබයි.
9. පාෂාණ ධාතු විද්‍යාව
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Zoology
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/සත්ත්ව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි