"ශ්‍රිත (ගණිතය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'250px|thumb|[[ගොනුව:Challange amila 1.JPG]] ශ්‍රිත (…' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:41, 27 මාර්තු 2009 තෙක් සංශෝධනය

ශ්‍රිත (කුලක සිද්ධාන්තය) මෙම ලිපියට හෝ කොටසට සම්බන්ධ විය යුතු බව යෝජනා විය. ශ්‍රිතයක ගණිතමය සංකල්පය රාශි 2ක් අතර පරායත්තතාව ප්‍රකාශ කරයි. එක් රාශියක් දී ඇති (ස්වායත්ත විචල්‍ය හෝ එහි “ආදානය”) අතර අනෙක නිෂ්පාදනය. (පරායත්ත විචල්‍ය, ශ්‍රිතයේ අගය හෝ “ප්‍රතිදානය”) ශ්‍රිතයක් , තාත්වික සංඛ්‍යා වැනි නිත්‍ය කුලකයකින් ගන්නා ලද එක් එක් ආදානයට ඇති තනි ප්‍රතිදානවලින් යුක්ත වේ.

ගොනුව:Challange amila 1.JPG

ශ්‍රිතයක් ඉදිරිපත් කිරීමට ආකාර කිහිපයක් ‍ති‍බේ. සූත්‍රයක් මඟින් , රූප සටහන් හෝ ප්‍රස්ථාර මඟින් , එය ගණනය කරන ඇල්ගොරිතමයක් මඟින් , එහි ගුණවල විස්තරයක් මඟින් එය සිදු කළ හැක. සමහරක විට ශ්‍රිත ඒවා අනෙක් ශ්‍රිතවලට ඇති සම්බන්ධය හරහා විස්තර කරනු ලැ‍බේ. (උදාහරණ ලෙස ප්‍රතිලෝම ශ්‍රිත බලන්න) ව්‍යවහාරික අංශවලදී ශ්‍රිත , ඒවායේ අගය වගු හෝ සූත්‍ර මඟින් විශේෂණය කරනු ලබයි. ඇති සෑම ශ්‍රිතයක්ම සියලු විස්තර කිරීම් විධිවලින් විස්තර කළ නොහැක. අයෙක් ශ්‍රිතය හා එය ඉදිරිපත් කළ හැකි විවිධ ක්‍රම අතර පැහැදිලි බවක් ඇති කළ යුතු වේ.

ගණිතය පුරාවට ඉතාමත් වැදගත් අදහසක් වන්නේ ශ්‍රිතයක සංයුතියයි. z යනු y හි ශ්‍රිතයක් නම් හා y යනු x හි ශ්‍රිතයක් නම් z , x හි ශ්‍රිතයකි. එය අපි විධිමත් නොවන ආකාරයකින්, සංයුත ශ්‍රිතයක් ලැබෙන්නේ ප්‍රථම ශ්‍රිතයේ ප්‍රතිදානය දෙවැන්නේ ආදානය ලෙස භාවිතා කිරීමෙන් යැයි විස්තර කරයි. ශ්‍රිතවල මෙම ලක්ෂණය එය සංඛ්‍යා හෝ සංඛ්‍යාංක වැනි අනෙකුත් ගණිතමය නිමැවීම් වලින් වෙන් කොට දක්වයි. තවද මෙම ලක්ෂණය එහි ප්‍රබල ව්‍යුහය සමඟ ශ්‍රිත පිළිබඳ සිද්ධාන්ත ද ලබා දේ.


References

http://en.wikipedia.org/wiki/Function_%28mathematics%29



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රිත_(ගණිතය)&oldid=54209" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි