"බත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[Image:rice_and_curry.jpg|thumb|300px|right|'''බත් සහ ව්‍යංජන,මිරිසට සාදන ලද…' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

20:34, 26 මාර්තු 2009 තෙක් සංශෝධනය

බත් සහ ව්‍යංජන ශ්‍රි ලංකාවේ ජාතික ආභාරය වේ. එය ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ද ජනප්‍රිය ආභාරයක් වේ.බත් නොයෙක් ව්‍යංජන සමඟ යෙදීමෙන් විව්ධ රසයන් ජනනය කර ගැනීමේ හැකියාවක් ඇත.

බත් සහ ව්‍යංජන,මිරිසට සාදන ලද මස්


ශ්‍රි ලංකාවේ සාම්ප්‍රදායික රාත්‍රි ආහාර වේලක අඬංගු වන දේවල් පහත සඳහන් වේ.

  • පිසින ලද හෝ තම්බන ලද ව්ශාල බත් අඩංගු භාජනයක්.( උදෑසන ආහාරයට නම් කිරිබත් භාජනයක් ද තැබ්ය හැක.කිරිබත් යනු කිරි දමා සාදා ගත හැකි ඛතකි)
  • මස් ව්‍යංජනයක් (බොහෝ ව්ට මෙය කුකුල් මස් ‍හෝ මාළු ව්ය හැක.මෙම ව්‍යංජනය පොල් කිරි වලින් සාදා ඇති නිසා මද ඝන හොද්දකින් සමන්ව්ත වේ)
  • පරිප්පු
  • එළවළු ව්‍යංජනයක් (බෝංච්,දෙල් හෝ ලීක්ස් වැනි යමක් ව්ය හැක)
  • පපඩම්(උළුඳු පිට් හෝ හාල් පිට් වලින් සාදන ලද "කර" "කර" ගා හැපෙන දෙයකි)
  • සම්බෝලයක්(නැවුම්,පොල් වලින් සාදන ලද ද්‍රව්‍යයකි.එය රතු ළුණු,ම්රිස්,ගාන ලද පොල්,දෙහි යුෂ වලින් සමන්ව්ත වේ.මෙය ආහාර වේලේ සැරම කොටසයි)

සාමාන්‍යයයෙන් බත් භාජනයට සාපේක්ෂව ව්‍යංජන භාජන තරමක් කුඩා වේ.එනම් එක් පුද්ගලයෙකු ආහාර බෙදා ගන්නා විට ව්‍යංජන වලට වඩා වැඩි බත් ප්‍රමාණයක් ආහාර වේලට එකතු කර ගන්තා නිසාය.ශ්‍රි ලංකාව සාම්ප්‍රදායික ආසියානු රටක් වන නිසා ආභාර අවසන් භාජන හිස් වූ සැනින් නැවත පිරව්ම සිදු කරනු ලබයි. ශ්‍රි ලංකාවේ මෙම ආහාර වේල ඉන්දියාවේ ඹෟෂධ සහ කුළුඛඩු යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට සමාන වේ.එයට හේතුව වන්නේ ශ්‍රි ලංකාවේ ආහාර වේලට යොදා ගන්තා මිරිස්,කරඳමුංගු,සේර,උළුහාල් සහ අනිකුත් කුළුබඬු වර්ගයි. එමෙන්ම උම්බලකඩ ද එයට හේතුවක් වේ.ශ්‍රි ලංකාවේ ආහාර වේල ඉන්දියාවේ ඹෂධ සහ කුළුඛඩු යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට වඩා සැරෙන් වැඬිය.එයට මූලිකම හේතුව වන්නේ මිරිස් භාවිතයයි.ශ්‍රි ලංකාවේ ආහාර වේල සඳහා වැඩි වශයෙන් කුළුඛඩු යොදා ගන්නා නිසා විදේශිකයන් එම ආහාර වලට වැඩි කැමැත්තක් නොදක්වයි.එම නිසා බොහෝ ශ්‍රි ලාංකේය හෝටල් වල විදේශිකයන්ට ඉතා අඩු මුදලකට දේශීය ආහාර අලෙව් කරන අතර තවත් සමහර හෝටල් වල විදේශිකයන්ට වෙන්වූ ආහාර වට්ටෝරු පවතී.

මේ අඩවිත් බලන්න

වී වගාව

"https://si.wikipedia.org/w/index.php?title=බත්&oldid=53975" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි