"මහින්ද රාජපක්ෂ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: eo:Mahinda Rajapaksa
No edit summary
6 පේළිය:
[[ශිරන්ති රාජපක්ෂ]] මැතිනිය සමඟ විවාහ වු ජනාධිපති රාජපක්ෂ මහතා පුතුන් තිදෙනෙකුගේ පියෙකි.
 
== '''අධ්‍යාපනය හා පූර්ව අවධිය''' ==
 
[[1945]] නොවැම්බර් මස 18 වන දින [[වීරකැටියේ]] දී උපත ලද රාජපක්ෂ මහතා [[ගාල්ල]] [[රිච්මන්ඩ් විද්‍යාලයෙන්]] තම ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. ඉන් අනතුරුව කොළඹ නාලන්ද හා තර්ස්ටන් යන විද්‍යාලයන්ගෙන් ද්විතීය අධ්‍යාපනය ලැබූ එතුමා [[1974]] දී [[කොළඹ නීති විද්‍යාලයයෙන්]] නීතිය පිළිබඳ උපාධිය ලබා ගත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් තිබූ සුවිශේෂී උනන්දුව නිසා ම ය.
14 පේළිය:
ප්‍රතිපත්තිවලට සහ පක්ෂයට පක්ෂපාතිත්වය දැක්වීම රාජපක්ෂ මහතාගේ දේශපාලන දර්ශනයයි. පක්ෂපාතිත්වය ඔහු තම පියාගෙන් උරුම කර ගන්නා ලද්දකි. [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ]] නිර්මාතෘ [[එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක]] මහතා [[1951]] දී [[එක්සත් ජාතික පක්ෂය]] හැර දමා පළාත් පාලන ඇමති ධූරයෙන් සහ සභානායක පදවියෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහු පසුපසින් ගොස් විපක්ෂයේ අසුන්ගත් එකම මන්ත්‍රීවරයා වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ මහතා ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවූයේ ඉන් පසුවය. ඩී. ඒ. රාජපක්ෂ මහතා එහි පුරෝගාමී කිහිපදෙනාගෙන් කෙනෙකි.
 
== '''මුල්කාලීන දේශපාලන ජීවිතය '''==
 
රාජපක්ෂ මහතා [[1970]] වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ [[බෙලිඅත්ත]] ආසනයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. එවකට 24 වෙනි වියේ පසු වූ එතුමා පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම සාමාජිකයාය. එතුමාගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ මහතා ද 1947 සිට 1965 දක්වා එම අසුන ම නියෝජනය කළේය.
32 පේළිය:
මීට අමතරව මාස තුනක පමණ කාලයක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එතුමා [[හම්බන්තොට]] නව [[වරාය]]ක් ඉදි කිරීම සඳහා මුල පිරුවේය.
 
== '''ජනපති පදවිය දක්වා පැමිණීම '''==
 
[[2002]] [[මාර්තු]] මාසයේ දී රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස තෝරා පත් කෙරිණි.
"https://si.wikipedia.org/wiki/මහින්ද_රාජපක්ෂ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි