"රාවණා රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
Removed duplicated section
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
108 පේළිය:
දේශ දේශාන්තර ද පාලනය කළ සියල් සම්පතින් ආඪ්‍ය වික‍්‍රමාන්විත රජකු ලෙස රාවණ සඳහන් කළ යුතුය. හුදෙක් රාවණ යනු ”ලද බොළඳ” හෝ මිථ්‍යාවක් ලෙස දකිනවා නම් එය ඔබගේ අදහස, මතය, තීරණය විය හැකිය. නමුත් රාවණ රජු ගැන අප මෙතෙක් කතා කළ ලිපි සමග ජීවත්වී නම් හේ තෙද බල ඇති ලාංකීය උරුමයේ ”මහ මොළකරු” ”මහ උරුමක්කරු” හැටියට අදහස අවදිකොට ගත යුතුය. එකල රටේ වූ දියුණුව, අධිරාජ්‍ය බලය, පාලන ශක්තිය මේ සියලූ දේ පසු කාලීනව ලොව බිහිවූ අධිරාජ්‍යවාදීන්ට වඩා ශක්තිමත් පුරුෂ ලක්‍ෂණය. ඒ අනුව ලොව බිහිවූ පළමු අධිරාජයා අපේ ‘‘රාවණ රජු” නොවේද? මෙය ලෝක සම්මතය කරා රැුගෙන යාමට කවුරුත් අත්වැල් බැඳගත යුතුය. ලෝකයා විසින් තම තමන්ගේ රට රාජ්‍යවලට අධිරාජ්‍යයන් බිහිකර ගනු ලබද්දී සිංහලයන් ලෙස ”පුහු” ජාතියක් වීම නොව පුරාණ පුස්කොළ සාක්‍ෂි සහිතව ”රාවණ අධිරාජයා” යන මතය රටේ නිර්මාණය වීමට කල් එළැඹ ඇත.
<ref>https://www.lankadeepa.lk/features/%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB-%E0%B6%BB%E0%B6%A2%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8/2-261733</ref>
 
==රාමායණය තුළ==
 
රාමායණ ග්‍රන්ථ 300කට අධික ප්‍රමාණයක් ඇත. එයින් මුඛ්‍ය ග්‍රන්ථය වන වාල්මිකි රාමායණයට අනුව රාවණ රජු යනු හිස් දහයක් සහ අත් විස්සක් ඇති බලසම්පන්න රජ කෙනෙකි. රාවණ ඇතුලු ලංකාවාසී රාක්ෂසයන් මිනිසුන් බුදින ගුප්ත ශක්ති සහිත අමනුෂ්‍ය කොට්ඨාශයක් වශයෙන් එහි නිරූපණය කර ඇත. එමෙන් ම ගුප්ත හැකියාවන් සහිත වූත් ශිව, බ්‍රහ්මා වැනි දෙවිවරුන් සමග ගැටුණු සහ හිරු සදු පවා මෙහෙයවිය හැකි අයකු ලෙස නිරූපණය කර තිබේ.
රාමායණයට අනුව රාම කුමරු සිය බිරිද වන සීතා සහ සොහොයුරු වන ලක්ෂ්මණ සමග වනගත ව සිටින අතරක සූර්පණකා නම් රාවණගේ නැගණිය සීතාට දේවියට හිරිහැර කරයි. එවිට ලක්ෂ්මණ ඇයගේ කන්, නාසා සහ පියයුරු අසිපතෙන් කපා දමයි. සූර්පණකා රාවණ හමුවට ගොස් තමාට සිදුකළ දෙය ගැන පවසයි. එහි දී ඇය සීතා කුමරිය ගැන කරන විස්තරය අසන රාවණ රජු ඇගේ සුන්දරත්වයෙන් වශී වේ. ඇය සිය මෙහෙසියක කරගැනීමේ අදහසින් සිය දඩුමොණරයෙන් යන ඔහු රාමා සහ ලක්ෂ්මණ උපක්‍රමයෙන් බැහැරට යවා තවුස් වෙසකින් සීතා හමුවට පැමිණ සිය දඩුමොණරයට නංවාගෙන එයි. එනමුත් වාමන සහ බ්‍රහ්ම වෛවර්ත පුරාණයට අනුකූලව සිතා කුමරිය අග්නි දෙවියන්ට කන්නලව් කර එම ශක්තියෙන් තමා වැනි ප්‍රතිරූපයක් නිර්මාණය කර එම ස්ථානයෙන් අතුරුදහන් වෙයි.<ref>https://en.wikipedia.org/wiki/Maya_Sita/</ref> ඡායා සිතාව රැගෙන ලංකාපුරයට පැමිණි රාවණ රජු ඇයව අශෝක වනයේ සිර කර තබයි. සීතා දේවිය ගෙනගිය මග සොයා ගන්නා රාම කුමරුන් ස්‍රග්‍රීව නම් වානර නායකයාගේ සහායෙන් හනුමන්තා ඇතුලු වානර සේනාවක් රැගෙන විත් රාවණ සමග සටන් වදී. රාවණ සමග ගැටුමක් ඇතිකරගන්නා ඔහුගේ සොහොයුරකු වන විභීෂණ රාජ්‍යයට හතුරු වී රාම සමග එක්වෙයි. ඊට කලගුණ සැලකීමක් වශයෙන් රාම රාවණගේ මරණින් පසු ඔහු ව ලංකාවේ රජු ලෙස පත්කරයි.
රාමායණයේ පූර්ව වෘතාන්තයට අනුව සීතා කුමරියව පාවාගනු පිණිස සැපිරිය අභියෝගයක් වශයෙන් ඇගේ පියා සතු ශිව විසින් දෙනු ලැබූ ඉතා බර දුන්නක් බිද දැමිය යුතු වේ. අභියෝගය භාරගැනීමට පැමිණෙන රජවරු අතර රාවණ හා රාම කුමරුද ද වෙති. කිසිදු මිනිසෙක් එය සෙලවීමටවත් අසමත් වන අතර රාවණ එසවීමට සමත් වුවත් බිද දැමීමට අසමත් වේ. රාම කුමරුන් එය පහසුවෙන් ම බිද දමයි. ඒ අනුව සීතා කුමරිය ඔහුට හිමි වේ.<ref>https://valmikiramayan.net/</ref>
 
==සංස්කෘතික බලපෑම==
"https://si.wikipedia.org/wiki/රාවණා_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි