"පුස්තකාල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
17 පේළිය:
===ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය සතු පුස්තකාල එකතූන් කිහිපයක්===
 
== == == මූලික විමර්ශන එකතුව == == ==
මෙය ශ්‍රී ලංකාවේ ඇති හොඳම විමර්ශන එකතුවයි. මෙයට විශ්ව කෝෂ, ශබ්ද කෝෂ, ග්‍රන්ථ නාමාවලි ඇතුළත් වේ. ශ්‍රී ලංකාවට
අදාළ අංග සම්පූර්ණ මූලික විමර්ශන එකතුවක් ද පවතින අතර CD ROM ස්වරූපයෙන්ද විමර්ශන කෘති දක්නට ලැබේ.
ඒවා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයෙහි පහත මාලයේ දක්නට ඇත.
== == == ශ්‍රී ලංකා එකතුව == == ==
ශ්‍රී ලංකාවේ පළ කරනු ලබන කෘති, විදේශීය රටවල ශ්‍රී ලාංකිකයන් විසින් පළ කරනු ලබන කෘති, විදේශ රටවල ශ්‍රී ලංකාව පිළිබඳ පළවන ලිපි / කෘති ආදිය රැගත් 1976ට පසු ශ්‍රී ලංකා‍වේ පළ වූ ප්‍රකාශනවල අංග සම්පූර්ණ එකතුවක් ජාතිකපුස්තකාලයේපළමු මහලෙහි තැන්පත් කොට ඇත.
== == == වාර සඟරා එකතුව == == ==
මෙම එකතුවට දේශීය සිංහල සහ ඉංග්‍රීසි වාර සඟරා ඇතුළත් වේ. විදේශීය වාර සඟරා ද මෙයට ඇතුළත් වන අතර ,විශේෂිතආරක්ෂිත පෙට්ටිවල මෙම වාර සඟරා අසුරා ඇත. බිම් මහලෙහි වාර සඟරා කීපයක් පාඨක ප්‍රදර්ශනය සඳහා තැන්පත් කරනු ලබයි.
== == == පුවත්පත් එකතුව == == ==
1976 සිට මේ දක්වා පළ වූ සම්පූර්ණ පුවත්පත් එකතුවක් මෙහි ඇත. සිංහල දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත් එකතුවක් ද දැකිය හැකි අතර පුවත්පත් ලිපි තැබුම් සේවයක්ද දැකිය හැකිය.
== == == නිත්‍යනුකූල තැන්පතු එකතුව == == ==
ශ්‍රී ලංකාවේ පළවන සෑම ප්‍රකාශනයක ම පිටපතක් ජාතික පුස්තකාලයේ තැන්පත් කරයි. මෙම එකතු‍වෙහි තොරතුරු අඩංගුසුචියක් දක්නට ඇත.
== == == රාජ්‍ය ප්‍රකාශන එකතුව == == ==
1888 සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකා‍වේ පළවු සම්පුර්ණ ප්‍රකාශන,රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ,පරිපාලන වාර්තා,පාර්ලි‍මේන්තු විවාද.නීතිවාර්තා,පණත්,සැසි වාර්තා මෙම එකතුවට අයත් වේ.
== == == පශ්චාත් උපාධි නිබන්ධන එකතුව == == ==
ශ්‍රී ලංකාවේ සහ විදේශීය විශ්වවිද‍්‍යාලවලින් ශ්‍රී ලාංකික විද්වතුන් හට ප්‍රදානය කරනු ලබන ආචාර්ය්‍ය සහ දර්ශන විශාරද උපාධි නිබන්ධන එකතුව ජාතික පුස්තකාලයේ වැදගත් එකතුවක් වේ.
== == == ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය එකතුව == == ==
මෙම එකතුවට කැසට්පට,වීඩියෝ පට,සූක්ෂම පට,සූක්ෂම පත්‍ර,සංගෘහිත තැටි යනාදිය අයත් වේ.ජාතික පුස්තකාලය මගින් පවත්වන ලද දේශන ද මෙහි අඩංගුය.
== == == සිතියම් එකතුව == == ==
මෙහි ශ්‍රී ලංකාවේ විවිධ මාදිලියේ සිතියම් විශාල ප්‍රමාණයක් තැන්පත් කර තිබේ.මෙම සිතියම් M,M2,M39 යනාදී ලෙස අංකනය කර ඇත.
== == == විශේෂ එකතු == == ==
විවිධ විද්වතුන්ගේ කෘති එකතු ගණනාවක් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයෙහි අන්තර්ගත වේ.මෙම එකතුවලින් ප්‍රධානම එකතුවක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ එකතුව පෙන්වාදිය හැකිය. ඊට අමතරව,
මහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි එකතුව
43 පේළිය:
මහාචාර්ය ටිකිරි අබේසිංහ එකතුව
ආචාර්ය පී.බී. සන්නස්ගල එකතුව
තේජා ගුණවර්ධන එකතුව ලෙස එකතු ගණනාවක් ද දැකිය හැකිය.මෙම එකතුවලට අමතරව පුස්කොල පොත්,දුර්ලභ ග්‍රන්ථ විද්‍යා හා තාක්ෂණ පුස්තකාල හා විඥාපන විද්‍යා,යුනෙස්කෝ ජන සාහිත්‍ය,බ්‍රේල් ප්‍රකාශන යනාදී එකතූන් ද ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය සතුව ඇත. මෙම සියලු එකතූන් විමර්ශනය සදහා පමණක් ඇති අතර ඊට ප්‍රවේශවීම සදහා පුස්තකාල සාමාජිකත්වය ලබා ගත යුතු වේ.එක් දිනක,මාස තුනක,මාස හයක හෝ වසරක සාමාජිකත්වය ලබා ගත හැක.තමාට අවශ්‍ය තොරතුරුවල ඡායා පිටපත්ලබා ගැනීමට ද පාඨකයාට හැකියාව ලබා දී ඇත.ශ්‍රී ලංකා ජාතික පුස්තකාල වෙබ් ලිපිනය වන http://www.natlib.lk තුලින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ පරිගනක සුචිය අන්තර්ජාලය ඔස්සේ භාවිත කිරීමේ හැකියාව ද ලබා දී තිබීම පාඨකයන්ට ඉතා වැදගත් වනු ඇත.
සැකසුම:නවයුගය මාර්තු 2007 සඟරාවේ ලිපියක් ඇසුරින්
"https://si.wikipedia.org/wiki/පුස්තකාල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි