"මුත්තයියා මුරලිදරන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:1972 උපත් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
13 පේළිය:
මුරලිදරන් මහනුවර අසල, කුන්ඩසාලේ නත්තරංපොත දී ලක්ෂ්මි සහ සින්නසාමි මුත්තයියා මව් පියනට දාව උපත ලත් අතර, දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ඔහු විය. මුත්තයියාගේ පියා වූ සින්නසාමි මුත්තයියා සාර්ථක විස්කෝතු නිෂ්පාදන ව්‍යපාරයක් පවත්වාගෙන යන්නේය.
ඔහුගේ වයස අවුරුදු 9 ක් වන විට ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයට (සෙන්ට් ඇන්තනී විදුහලටකෝලේච් ) යවනු ලැබුවේය. මෙම පාසල පෞද්ගලික එකක් වූ අතර බෙනඩික් පූජකවරු විසින් පාලනය කරන ලද්දේය. ඔහු තම ක්‍රිකට් දිවිය ආරම්භ කළේ මද වේග පන්දු යවන්නෙකු වශයෙනි. එහෙත් පසුව ඔහුගේ පුහුණුකරු වූ සුනිල් ප්‍රනාන්දු ගේ උපදෙස් මත වයස දාහතරේදි පිට දඟ පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කිරීම ඇරඹුවේය. එම දින වල ඔහු තුන්ඉරියව්වේම ක්‍රීඩා කරන්නෙකු ලෙස ක්‍රීඩා කළ අතර මැද පෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහර දුන්නේය. සෙන්ට් ඇන්තනි විදුහලේ ඔහුගේ අවසාන වාර දෙකේදි විකට්ටු සියයක් ලබා ගත් අතර 1990/1 වසරේ ‘බාටා පාසැල් ක්‍රිකට් ශූරයා’ සම්මානය ලබා ගත්තේය.
පාසැලෙන් නික්මුණු පසු ඔහු ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට සහ ඇත්ලටික් ක්‍රීඩා සමාජයට බැඳුනේය. 1991 වසරේ ශ්‍රී ලංකා A කණ්ඩායමට තෝරා ගනු ලැබ එංගලන්ත චාරිකාවකට සහභාගි වූයේය. ඔහු තරඟ පහකට ක්‍රීඩා කළ නමුත් එක විකට්ටුවක් හෝ ලබා ගැනීමට අපොහොසත් විය. ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු ඇලන් බෝර්ඩර්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පුහුණු තරඟයට යෙදවු අතර ඉන් පසු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති ඔහුගේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගි විය. ඒ දෙවැනි ටෙස්ට් තරඟය සඳහාය.
"https://si.wikipedia.org/wiki/මුත්තයියා_මුරලිදරන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි