"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
7 පේළිය:
== විවිධ මත ==
බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය ඒ.වී.ඩයිසි දක්වන ආකාරයට රාජ්‍යය ස්වාධිපති බලය බෙදාහැරීම විදහා දක්වන සියලුම ආකාරයේ සෘජු හා වක්‍ර නීති අඩංගු ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.සර් අයිවෝ ජෙනිංගස් දක්වනුයේ ආණ්ඩුවේ ප්‍රධාන අවයව වන ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය සංයුක්ත වන ආකාරය ඒවා සතු බලතල ඒවා ක්‍රියාත්මක වන ආකාරය එම අවයව හා පුරවැසියන් අතර පවතින සම්බන්ධයේ ස්වරූපය පිළිබඳව අදාල වන මූලික සිද්ධාන්ත දැක්වෙන ලේඛනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවයි.
 
නීතියේ ආධිපත්‍යය සම්බන්ධව යම් ක්‍රමාණුකූල අදහසක් පළමුවරට නූතන යුගය තුළ ඉදිරිපත් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික නීතිවේදියකු වන මහාචාර්ය ඒ. වී. ඩයිසි විසිනි. ඔහු විසින් ලියන ලද  law of the constitution නැමතී කෘතියේ මේ පිළිබඳ ගැඹුරින් විග්‍රහ කරනු ලබයි. එය සංක්ෂිප්ත ව පහත පරිදි ගොනු කර දැක්විය හැකිය. ඒ අනුව
 
# රාජ්‍ය පාලනය ක්‍රියාවට නැංවිය යුත්තේ සාමාන්‍ය නීතිය පදනම් කර කරගෙනය
# නීතිය ඉදිරියේ සියලු දෙනාම එක සමාන වේ
# පුරවැසියන්ට සිය අයිතිවාසිකම් හිමිව තිබෙන්නේ නීති මගින් නොව සහජයෙන් සහ සමාජ සම්මතයෙනි.රාජ්‍යය මගින් පනවන නීති මගින් කළ යුත්තේ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කොට පවත්වාගෙන යාමයි
 
මෙම මතවාදය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්,
 
# ආණ්ඩුකරණයට සම්බන්ධ පුද්ගලයින් එනම් පාලකයින් නීතියට යටත් විය යුතු අතර ඔවුන් සිටිනුයේ නීතියට ඉහළින් නොවේ.
# නීති පැනවීමට හා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සතු බලය විසින් පුරවැසි නිදහස උල්ලංඝනය නොකරන බව සහතික කිරීම සඳහා ඒවා සංවාදයට ලක් කළ යුතුය
# පුරවැසියන් හිතුවක්කාර ලෙස අත්අඩංගුවට ගැනීම වදහිංසා පැමිණවීම සිරභාරයට පත් කිරීම ඔවුන්ගේ නිදහස සීමා කිරීම යන ප්‍ර‍තිඵල අත් වන පරිදි නීතිය අවභාවිතා කිරීමෙන් වැළකීමට වගබලාගත යුතුය
# රාජ්‍ය සතුව ඇති අධිකාරී බලය හා එහි  සීමාවන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති වල සහ අධිකරණ වල ලබා ගත් තීන්දුවල ප්‍රකාශිතව සඳහන් විය යුතුය
# විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ බලපෑමෙන් ස්වාධීනව කටයුතු කරන අධිකරණයක් ස්ථාපනය විය යුතුය
 
ඩයිසි ට අනුව නීතියේ ආධිපත්‍යයේ ඉතාම වැදගත්ම කොන්දේසිය වූයේ නීතිය ඉදිරියේ සියළු දෙනා ම එක සමාන වීම හා නීතිය සර්ව සාධාරණත්වය හා සමාන අයිතීන් සියල්ලන්ටම එක සමාන අයුරින් ලැබිය යුතුය යන්නයි.
 
== ශ්‍රී ලංකාව ==
"https://si.wikipedia.org/wiki/ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි