"බළලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
16 පේළිය:
 
[[File:Puusa.JPG|right|thumb]]
'ඒවා ඉංග්‍රීසි ය ''බළලා''' හෙවත් '''පූසා''' [[ක්‍ෂීරපායී]] සිවුපාවෙකි. '''බළලා''' මිනිසා විසින් ගෘහස්තව ඇති කරන අතර ඇතැම් බළල් විශේෂ වනචාරීව වෙසෙයි.මිනිසා විසින් ගොවි යුගයේදී හීලෑ කරගත් සතෙකි.මිනිසා විසින් රැස්කරගත් ආහාර විනාශ කිරීම සදහා පැමිණුන මීයන් වැනි කරදරකාරී සතුන් ආහාරයට ගැනීම නිසා බළලා මිනිසා ගේ මිතුරකු විය.එසේම සුරතලයට ඇතිකරහැකි මිනිසාට වඩාත් මිත්‍රශීලී සතෙකි.බළල් විශේෂ 70 පමණ ලොව පුරා වාසය කරති.
 
'''බළලා''' හෙවත් '''පූසා''' [[ක්‍ෂීරපායී]] සිවුපාවෙකි. '''බළලා''' මිනිසා විසින් ගෘහස්තව ඇති කරන අතර ඇතැම් බළල් විශේෂ වනචාරීව වෙසෙයි.මිනිසා විසින් ගොවි යුගයේදී හීලෑ කරගත් සතෙකි.මිනිසා විසින් රැස්කරගත් ආහාර විනාශ කිරීම සදහා පැමිණුන මීයන් වැනි කරදරකාරී සතුන් ආහාරයට ගැනීම නිසා බළලා මිනිසා ගේ මිතුරකු විය.එසේම සුරතලයට ඇතිකරහැකි මිනිසාට වඩාත් මිත්‍රශීලී සතෙකි.බළල් විශේෂ 70 පමණ ලොව පුරා වාසය කරති.
 
බළලා කොටියා සිංහයා ආදිය එකම පවුලකට අයත්ය.තියුණු සැඟවුන නිය,තියුනු රදනක දත්,මෘදු පතුල්,දියුණු ආඝ්‍රහණ ශක්තිය(ඉව) බළල් පවුලට පොදු දෙයකි.මිනිස් කනට නොඇසෙන තරංග සංඛ්යාතයකින් යුත් ශබ්ද ඔවුන්ට ඇසිය හැක.කෙසේ වෙතත් බළලුන්ට පෙනීමේ දුර්වලතාවක් ඇත.එනම් ඔවුන් වර්ණ අන්ධයන්ය.වර්ණ නොපෙනුනද දෘෂ්ටිය ඉතා තියුණුය.බළළුන් සන්නිවේදනය සදහා ශබ්දය හා ශරීර භාෂාව හා රසායනික සංයෝග භාවිත කරති.විවිධ හැඟීම් පලකිරීමේදී එකිනෙකට වෙනස් ශබ්ද පිටකරති.ශරීරය ඇතිල්ලීම වලිගය එසවීම ආදී ශරීරික චලනයන් මගින් පණිවුඩ ලබා දෙයි.බළලුන් බළලුන් අතර සන්නිවේදනයේදී ශරීරයෙන් පිටකරන රසායනික සංයෝග විශේෂ තැනක් ගනී.පිරිමි සතුන් තම රාජධානියේ සීමා ලකුණු කිරීමට මුත්‍රා යොදාගනී.මුත්‍රා සහ මළපහ සමග පිට කරන රසායන මගින් ස්ත්‍රී පුරුෂ බව,වයස වැනි තොරතුරු සංනිවේදනය කරති.තවද බළලුන් [[කුප්පමේනිය|කුප්පමේනියා(Acalypha indica)]] කෑමට රුචියක් දක්වතී.ඊට හේතුව එම ශාකයෙන් නිකුත් වන ගන්ධයයි. එම ගන්ධයට හේතුවන්නේ කුප්පමේනියා ශාකයේ ඇති ට්‍රාන්ස් - නෙප්ටාලැක්ටෝන් නම් රසායන ද්‍රව්‍යයයි.බළලුන්ට දහදිය දමන්නේ අත්ලටය .බළලුන් සාමාන්‍යයෙන් යම් ආහාරයක් විශ්වාසයෙන් යුතුව කෑමට ගැනීමට පෙර තුන්වරක් දිවගා බලා හතරවෙනි වතාවේදී ආහාරයට ගනිති. එබැවින් බළලුන්ට කෑමත් සමග යම් බෙහෙතක් කැවීමට අවශ්‍ය නම් හතරවැනි කෑමපිඩ සමග එය දිය යුතුය.බළලුන් සාමාන්‍යයෙන් දවසේ තුනෙන් දෙකක පමණ කාලයක් නිදා ගනී, එනම් අවුරුදු නවයක් වයසැති බළලෙකු ගත කර ඇත්තේ අවුරුදු තුනක් පමණි.අඳුරේදී බළලුන්ගේ මුත්‍රා සිතාගැනීමට බැරි තරම් උණුසුම් වේ. බළලුන්ට පැණිරස නොදැනේ.6.වැඩි වශයෙන් බැළලියකට දකුණත හුරුවන අතර බළලෙකුට හුරුවන්නේ වම් අතය.බළලුන්ට උරහිසත් පපුවත් යාකෙරෙන අකු ඇටයක් නැත.බළලුන්ට මුහුදු වතුර පානය කිරීමේ හැකියාව ඇත. එයට හේතුව බළලුන්ගේ වකුගඩු වලඇති සංඛීර්ණ යාන්ත්‍රණයක් මගින් වතුරෙන් ලුණු ඉවත්කළ හැකි වීමය.ක්ෂීරපායි සතුන් සහ කුරුල්ලන් ඇතුළු සත්ව විශේෂ 33ක් මිහිතලයෙන් තුරන්වීමට බළලුන් හේතුවී ඇත. එම සත්ව විශේෂ වඩාත්ම වැඩි ව්‍යාප්තියකින් යුතු සත්ව විශේෂ 100 ට අයත්වේ.බළලෙකු හිමිකරු අසල සිටී නම් සහ එහි වලිගය වෙව්ලන්නේ නම්, මෙයින් අදහස් කරන්නේ සත්වයා ඉහළම ප්‍රේමය පෙන්වන බවයි.
"https://si.wikipedia.org/wiki/බළලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි