"සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු 2402:4000:B19B:16D6:A89B:359C:21D9:A0A0 මගින් සිදුකල 493611 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) ටැගය: Undo |
සුළුNo edit summary |
||
6 පේළිය:
== පුරාතන අවධිය ==
[[මහින්දාගමනය|මහින්දාගමනයත්]] සමග [[බ්‍රාහ්මී අක්ෂර]] මාලාව ලැබීමත් සමග ක්‍රි. පූ. 3 වන සියවසේ දී ලේඛන කලාවේ ආරම්භය සිදුවිය. මේ කාලවල ලෙන් පූජා කිරීමේ දී ඒවායේ කටාරම්වල එම පූජා කළ අය ගැන
පැරණි සිංහල සාහිත්‍යය
පුරාතන සිංහල සාහිත්‍යය, ශ්‍රී ලංකාවේ රාජධානිවලට සමගාමීව එම සාහිත්‍යය කෘති රචනා වූ යුගයේ පැවති රාජධානියේ නමින් නම් කර අධ්‍යයනය කරනු ලැබේ. එනම් අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, මහනුවර යුගය ආදි ලෙස යි. මීට අමතර ව මාතර සාහිත්‍ය යුගය යනුවෙන් ද යුගයක් සමහරු හදුනා ගනිති. එහෙත් මාතර රාජධානියක් වශයෙන් නොපැවතුණි. එකල පැවති සිංහල රාජධානිය වූයේ ද මහනුවර යි. ඇතැම්විට [[සීතාවක රාජධානිය|සීතාවක]] යුගය වශයෙන් ද කෝට්ටේ යුගයෙන් පසු යුගයක් හදුනා
=== අනුරාධපුර යුගය ===
ක්‍රි. පූ. 3 වන සියවසේ දී මහින්දාගමනයත් සමග ලේඛන කලාව දියුණුවට පත්වීමත් සිංහල ජනතාව [[බුදු දහම|බුදුදහම]] වැළදගැනීමත් මෙරට සාහිත්‍යය බිහිවීමට මුල් වූ
පද යුතු බසින් නළු ඈ - අනතුරු ලකුණු දක්වම්” </blockquote>යනුවෙන්
කොස්‌සගම කන්ද විහාර ලිපිය, කිරින්ද ලිපිය, තිස්‌සමහාරාම ලිපිය වැනි සෙල්ලිපි ගී විරිතෙන් ලියැවී ඇති අතර එය පද්‍ය සාහිත්‍යයේ මූලය ලෙස සැලකිය හැකි ය.{{sfn|දුමින්ද ලක්සිරි කුමාර|2019}} කෙසේනමුත් සාහිත්‍යය රසාස්වාදය ම අරමුණු කරගත් සාහිත්‍යයක් පිළිබද අනුරාධපුර යුගයෙන් ලැබෙන මුල් ම සාක්ෂිය වන්නේ ක්‍රි. ව. 7,8,9 සියවස්වල දී සීගිරි සිතුවම් ගැන අදහස් දක්වමින් එය
=== පොළොන්නරු යුගය ===
[[පොළොන්නරු යුගය|පොළොන්නරු යුගයේ]] රචිත සාහිත්‍යය කෘති අතර [[අමාවතුර]], මුවදෙව්දාවත, සසදාවත, සද ලකුණ පෙන්වා දිය හැකි ය. ගුරුළුගෝමීන් විසින් රචිත අමාවතුර පොළොන්නරු යුගයෙන් ඉක්බිතිව ම පැමිණෙන යුගය වන දඹදෙණි යුගයේ රචනා වූ ලෙස ද ඇතැම් වියත්තු
=== දඹදෙණි යුගය ===
දඹදෙණි යුගයේ රචිත සාහිත්‍ය කෘති අතර දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජතුමන් විසින්
=== කුරුණෑගල යුගය ===
කුරුණෑගල යුගයේ දී පාලි ජාතකට්ඨකථාව ඇසුරින් [[බුදුන් වහන්සේ|බුදුන්වහන්සේගේ]] පූර්ව ජන්ම කථා 547ක් ඇතුළත් කරමින් [[පන්සියපනස් ජාතක පොත|පන්සිය පනස් ජාතක පොත]] රචනා විය. බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ට ගද්‍ය ග්‍රන්ථයක් ලෙස සැලකෙන මෙය කතුමඩුල්ලක් විසින් රචනා විය. මෙහි නිධාන කථා, වර්තමාන කථා, අතීත කථා, ගාථා සමෝධාන යන අංගවලින් යුතු පොදු ආකෘතියක් අනුගමනය කර තිබේ. ඇතැම් කථා සංස්කෘත තත්සම වචන බහුල සංකීර්ණ භාෂාවකින් ලියැවී ඇත.
ධර්ම ප්‍රසංගිනී විසින් ලියැවුණු දළදා සිරිත ද මෙකල ලියැවුණු ගද්‍ය සාහිත්‍ය කෘතියකි.
=== ගම්පොල යුගය ===
දේවරක්ඛිත ජයබාහු හිමි විසින් රචිත සද්ධර්මාලංකාරය මෙන් ම කර්තෘ අඥාත වන [[තිසර සන්දේශය|තිසර]] හා මයුර යන [[සන්දේශ කාව්‍ය]] දෙක ද මෙම යුගයේ රචිත සාහිත්‍යය කෘති අතර වේ. මීට පෙර සිංහල කවිය සිය ආකෘතිය ලෙස හෙළ ගීය
=== කෝට්ටේ යුගය ===
44 පේළිය:
=== මහනුවර යුගය ===
මහනුවර යුගය අධ්‍යාපනික වශයෙන් ද, ශාසනික වශයෙන් ද පරිහානියක් පෙන්නුම් කළ යුගයක් විය. පැවති විදේශ ආක්‍රමණ සහ අභ්‍යන්තර දේශපාලන වියවුල් ආදිය විසින් ඇති කළ තත්ත්වය මෙයට හේතු විය. කෙසේනමුත් අසරණ සරණ [[වැලිවිට සරණංකර හිමි|වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්]] විසින් ඇති කළ ශාසනික පුනරුදයෙන් පසු ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ද ඇති විය. එබැවින් ඇතැමුන් වැලිවිට සරණංකර හිමිට පූර්ව යුගය හෙවත් [[සෙංකඩගල රාජධානිය|මහනුවර යුගයේ පූර්වභාගය]] ලෙස සහ මහනුවර යුගයේ අපරභාගය හෙවත් වැලිවිට සරණංකර සමය (එනම් [[ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ|ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ]] රජ සමයේ සිට [[ශ්‍රී වික්‍රම රාජසිංහ රජ|ශ්‍රී වික්‍රම රාජසිංහ]] සමය දක්වා කාලය) ලෙස මහනුවර යුගය ද අවධි දෙකකට බෙදා
මහනුවර යුගයේ සාහිත්‍ය නව විෂය ප්‍රදේශ කරා යොමු වෙමින් විශාල පරාසයක පැතිරී ඇති අතර ආකෘතිය අතින් ද වෙනස්කම් පෙන්වා ඇත. සරණංකර යුගය ගැන අදහස් දක්වමින් කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමියන් එම යුගය හදුන්වන්නේ “විවිධත්වය අතින් අන් පරිච්ඡේදයකට නොඅඩු” යුගයක් ලෙස ය.{{sfn|ගුණසේකර|1996|p=125}} නමුත් මෙකල සාහිත්‍ය භාෂාව උසස් කලාත්මක ලක්ෂණයන්ගෙන් පිරිහුණකි. මහනුවර යුගයේ කෘති අතර ආගම වෙත යොමු වූ කෘති මෙන් ම ලෞකික විෂයන් වෙත යොමු වූ කෘති ද හදුනා ගත හැකි ය. මේ නිසා මහනුවර යුගය නූතන සාහිත්‍යට ද වඩාත් ළං වූ සාහිත්‍යයක් පෙන්නුම් කරයි. මහනුවර යුගයේ සාහිත්‍ය ජනකාව්‍ය සම්ප්‍රදාය කෙරෙහි ද නැඹුරු වී ඇත. මහනුවර යුගයේ ජාතක කාව්‍ය විශාල වශයෙන් රචනා වී ඇත.{{sfn|ගුණසේකර|1996|p=116-117}}
රණස්ගල්ලේ හිමියන් විසින් ලියැවුණු [[ලෝකෝපකාරය]], විල්ගම්මුල හිමියන් විසින්
සරණංකර සමයේ දී [[දෙමළ සාහිත්‍යය|දෙමල සාහිත්‍යයෙන්]] සිංහලයට පරිවර්තනය කෙරෙමින් අතුල රජපවත, හරිශ්චන්ද්‍ර කථා කාව්‍ය, සිය බස් මල්දම, රතවතී කථාව, මලේ රජ කතාව වැනි කථා කාව්‍ය රැසක් ම රචනා විය. කිතලගම දේවමිත්ත විසින් ලියැවුණු කිරල සන්දේශය, දික්වැල්ලේ සාමණේර හිමියන් විසින් ලියැවුණු කහකුරුලු සන්දේශය වැනි සන්දේශ කාව්‍ය ද මෙකල
=== මාතර යුගය ===
මාතර යුගය වෙන ම සාහිත්‍ය යුගයක් ලෙස හදුනා ගැනීම සම්බන්ධයෙන් ඇතැම්හු එකග නොවෙති. ඒ සම්ප්‍රදායික ව සිංහල සාහිත්‍යයේ යුග බෙදා දක්වා ඇත්තේ එකල පැවැති රාජධානිය අනුව හෙයිනුත් මාතර රාජධානියක් ව නොපැවති හෙයිනුත් ය. මාතර යුගය වශයෙන් ඇතැමුන් හදුනා ගන්නා වකවානුව අයත් වනුයේ ද මහනුවර රාජධානි සමයට ම ය. එබැවින් ඇතැම්හු මේ යුගයේ නිර්මාණ හා කවීන් ද මහනුවර යුගයෙහි ම ලා (වෙසෙසින් ම මහනුවර යුගයේ මුල් භාගයේ ලා)
[[ගජමන් නෝනා]], පත්තායමේ ලේකම්, සබේ විදානේ, ඇලපාත මුදලි, මිහිරිපැන්නේ ධම්මරතන හිමි, සාළිඇලේ මණිරතන හිමි, තල්අරඹේ ධම්මක්ඛන්ධ හිමි, රූණ හාමිනේ, රංචාගොඩ ළමයා සහ අන්දරේ මෙකල සිටි කවි කිවිදියෝ වෙති. මෙකල හිටිවන කවි බැදීම කෙරෙහි නැඹුරුවක් දැකිය හැකි වූ අතර ඇතැම් පද්‍ය මුඛපරම්පරාවෙන් පැවත එන්නේ ඒ කවි, කවියන් විසින් විවිධ පෞද්ගලික අවස්ථාවල දී පවසන ලද ඒවා වන බැවිනි. එමෙන් ම විවිධ අය වෙත යැවුණු කවියෙන් ලියන ලද පණිවිඩ, ලිපි ආදිය ලෙස ද මෙකල සාහිත්‍ය පවතී. මිහිරිපැන්නේ හිමියන්, ගජමන් නෝනා, ඇලපාත මුදලි, රූණ හාමිනේ, රංචාගොඩ ළමයා වැනි අයගේ කවි මීට නිදසුන් වෙයි.{{sfn|ගුණසේකර|1996|p=182-222}} සම්ප්‍රදායික බණ කථා තේමාවලින් මිදී කවීන් සිය පෞද්ගලික ජීවන අත්දැකීම් කවියට වස්තු කර ගනු දැකිය හැක්කේ මේ යුගයේ දී බැවින් නූතන සිංහල කවියේ මුල් බීජ හමුවන්නේ මාතර යුගයේ කවියෙනි.{{sfn|ගුණසේකර|1996|p=179}}{{sfn|විජේසිංහ|2015}} දෙණිපිටියේ නුගරුක වැනුම, වියෝගමාලය, දැඩිතර සෝකමාලය ආදි කාව්‍ය කෘති රචනා කළ ගජමන් නෝනා මෙකල සිටි කවි කිවිදියන් අතරින් වඩාත් ම උසස් කවි හැකියාවක් තිබූ අය ලෙසින් වැජඹෙයි. මෙකල [[ශෘංගාර සාහිත්‍යය|ශෘංගාර]] කවි බැදීම කෙරෙහි වැඩි රුචියක් දැකි හැකි වූ අතර එය රති සීපද සාහිත්‍යයක් බිහිවීමට හේතු විය. ගජමන් නෝනාගේ සහ ඇලපාත මුදලි ඇතුලු ඇය සමග මෙවැනි
== නූතන අවධිය ==
=== කෙටිකතාව ===
1860 ගණන්වල සිට 1920 දක්වා කාලය තුළ පුවත්පත්වල
[[කේ. ජයතිලක]], [[ඇරැව්වල නන්දිමිත්‍ර]], සෝමරත්න බාලසූරිය, එච්. ඒ සෙනෙවිරත්න, ඊවා රණවීර, මදුරසිංහ ගුණතිලක, [[ඒ.වී. සුරවීර|ඒ. වී. සුරවීර]], දයාසේන ගුණසිංහ, සුනන්ද මහේන්ද්‍ර, රන්ජිත් ධර්මකීර්ති, අශෝක කොළඹගේ, මිණිවන් පී. තිලකරත්න, ඉන්ද්‍රකීර්ති සිරිවීර, කීර්ති වැලිසර, අනුරසිරි හෙට්ටිගේ, [[ජයතිලක කම්මැල්ලවීර]], කමල් පෙරේරා, පියසීලී විජේමාන්න, කරුණා පෙරේරා, [[එරික් ඉලයප්ආරච්චි]] සිංහල සාහිත්‍යයේ කැපී පෙනෙන කෙටිකතාකරුවන් අතර වෙති.{{sfn|කුමාරසිංහ|2018|pp=39-53}} මොවුහු බොහෝදෙනෙක් [[යථාර්ථවාදය|යථාර්ථවාදී රීතියට]] නැඹුරු වූවෝ වෙති. [[අජිත් තිලකසේන]] සම්ප්‍රදායික සිංහල කෙටිකතාවට අභියෝග කරමින් කථා පුවතින් බැහැර වෙමින් සහ විකාරරූපී ලෙස සිද්ධි සහ චරිත නිරූපණය කරමින් අධියථාර්ථවාදී ලක්ෂණ ප්‍රකට කළ අතර [[ටෙනිසන් පෙරේරා]], කේ. කේ. සමන් කුමාර, පියල් කාරියවසම් වැනි කෙටිකතාකරුවන් ද සිය නිර්මාණය තුළ [[අධියථාර්ථවාදය|අධියථාර්ථවාදී]] සහ [[මායායථාර්ථවාදය|මායායථාර්ථවාදී]] ලක්ෂණ ප්‍රකට කරයි.{{sfn|කුමාරසිංහ|2018|pp=53-62}} නිශ්ශංක විජේමාන්න ද නූතන කෙටිකතාකරුවන් අතර සුවිශේෂී ලක්ෂණ පළ කරයි.{{sfn|කුමාරසිංහ|2018|pp=57-58}}
=== නවකතාව ===
68 පේළිය:
{{main|සිංහල නවකතාව}}
මෙරටට මුද්‍රණ ශිල්පය හදුන්වා දීම සහ [[මිෂනාරි ව්‍යාපාරය|ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරකයන්]] විසින් මුද්‍රිත පොතපත ප්‍රචලිත කිරීම බණමඩුවේ දී කතාවකට සවන් දුන් සම්ප්‍රදායෙන් මිදී පොත් කියවීමේ සම්ප්‍රදායක් මෙරට ඇති කිරීමට හේතු වූ අතර මුල්කාලීන පුවත්පත් නූතන ප්‍රබන්ධ සාහිත්‍ය ප්‍රචලිත කිරීමේ මූලික කාර්යභාරයක් ඉටු කළේ ය.{{sfn|නූතන සිංහල ප්‍රබන්ධ කතාවේ විකසනය|2013}} මුල්වරට සිංහල ගද්‍යයේ
=== නූතන කවිය ===
සිංහල කවියේ නූතන ලක්ෂණ මුල්වරට පළවූයේ මාතර යුගයේ කවිය වෙතිනි. මාතර යුගයේ කවියෝ මුල්වරට සිය පුද්ගලානුභූති කාව්‍යයට නැගුවෝ ය. [[ගජමන් නෝනා|ගජමන් නෝනාගේත්]], [[මිහිරිපැන්නේ ධම්මරතන හිමි]]ගේත් ඇතැම් කවි නිදසුන් වේ.{{sfn|විජේසිංහ|2015}} එමෙන් ම කවිය ලෞකික ජීවිතයේ සබදතා ආදිය වස්තු විෂය කරගැනීම ද මේ යුගයේ දක්නට හැකිවිය. මාතර යුගයෙන් පසු එළඹෙන කොළඹ යුගයේ දී සිංහල කවිය පැහැදිලි සහ විශිෂ්ට ලෙස නූතන ලක්ෂණ පිළිබිඹු කරන්නට වූයේ එකල කාව්‍යයකරුවන් බටහිර සාහිත්‍යය ප්‍රවණතාවන්හි ආභාසය ලැබූ බැවිනි. නූතන සිංහල කවිය '''කොළඹ යුගයේ මුල් පරපුර''' හා '''දෙවන පරපුර''' ලෙස වර්ග කර හදුනාගනු ලැබේ. [[එස්. මහින්ද හිමි|ඇස්. මහින්ද හිමි]], [[ආනන්ද රාජකරුණා]], [[ජී. එච්. පෙරේරා]] යන අයත් [[කුමාරතුංග මුනිදාස]], [[රැයිපියෙල් තෙන්නකෝන්]] වැනි [[හෙල හවුල|හෙල හවුලේ]] කවියෝත් කොළඹ යුගයේ යුගයේ පළමු පරපුරට අයත් වෙති.{{sfn|විජේසිංහ|2015}}
මෙකල කවියෝ බොහෝදෙනෙක් [[අධිරාජ්‍යවාදය|අධිරාජ්‍යවාදයටත්]], යටත් විජිත සමයේ සංස්කෘතික පරිහානියටත් එරෙහි ව කවිය අවියක් කරගත්හ. ඇස්. මහින්ද හිමි අධිරාජ්‍යවාදයට එරෙහි ව දැඩි උද්වේගකර කාව්‍ය රචනා කළේ ය. ඒ අතර ම කුමාරතුංග මුනිදාස, ඇස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා වැනි කවියෝ ලාංකීය ළමා සාහිත්‍යයක් ගොඩනැගීම සදහා ද කවිය උපයෝගී කරගත්හ.{{sfn|විජේසිංහ|2015}}
|