"ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
85 පේළිය:
 
== මුල් ආර්ථික සංකල්ප ==
පෞරාණික ආර්ථික සංකල්පය මෙසපොතේමියානු , ග්‍රීක,රෝමානු රෝමානු,ඉන්දියානු ඉන්දියානු,චීන චීන, පර්සියන් සහ අරාබි යන ශිෂ්ටාචාරයන්හි ආරම්භයේ සිට පැවත ඒ.ඇරිස්ටෝටල්,චානක්ය,ක්වීන්ෂි හුඇන්ග්,තෝමස් ඇක්විනාස් සහ ඉබ්න් කල්ඩන් යන සැළකිය යුතු ලේඛකයන් 14 වන ශත වර්ෂය මුළුල්ලේම හඳුනාගත හැකිය. ජෝෂප් චම්පීටර් මුලිකවම 14 වන හා 17 වන ශත වර්ෂවල අගභාගයෙහි වූ ශාස්ත්‍රීයෙක් ලෙස හඳුනාගත්තේ ස්වභාවික නීති පැතිකඩ තුළ වූ වටිනාකම් න්‍යාය පොළිය සහ මුදල් විද්‍යාත්මක ආර්ථික විද්‍යාවේ ආරම්භකයන් වීම සඳහා අනෙක් කණ්ඩායම් වලට වඩා ආසන්නටය ලඟා වීම හේතුවෙනි.ඉබන් කල්ඩන්ගේ මියුකඩිම් (Ibn Khaidun’s Muqaddimah) සොයා ගැනීමෙන් පසු චම්පීටර් (Schupetr) පසුව නවීන ආර්ථික විද්‍යාවේ සමීප පුරෝගාමියෙකු ලෙස ඉබන් කල්ඩම්ව දැක්වීමට හේතු වුයේ ඔහුගේ ‍බොහෝ ආර්ථික විද්‍යා න්‍යායන් නූතනය වන තුරු යුරෝපය විසින් නොදැන සිටීමය.
 
සෘජු ලෙසම පසුව විෂයෙහි සංවර්ධනයට බල පෑ තවත් තවත් කණ්ඩායම් දෙකක් වන්නේ වානිජවාදීන්(Mercantilists)සහ පිසියොකැට් නිකායිකයින්ය. (Physiocrats). මෙම කණ්ඩායම් දෙකම යුරෝපයේ ආර්ථික ජාතිවාදය නූතන ධන වාදය ඇති වීම සඳහා හවුල් විය. වෙළෙඳ හෝ රාජ්‍ය කටයුතු වල ප්‍රවීනයෙකුත් වුවත් 16 ශත වර්ෂයේ සිට 18 වන ශත වර්ෂය දක්වා විශාල ලෙස පුස්තිකා සාහිත්‍යයෙහි වැජඹුණු ආර්ථීක මතයකි. වානිජ වාදය රත්රන් හා රිදී ආනයන හැර ‍අනෙකුත් ආනයන සඳහා බාධක පැනවීමෙන් පතල් කැනීම සිදු නොකරන රටවල් රත්රන් හා රිදී ලබා ගනී. අපනයන කළ හැකි භාණෟඩ නිපදවීම සඳහා ලාභදායි අමු ද්‍රව්‍ය ආනයනය කිරීමේ සංකල්පය සහ විදේශයන්හි නිපද වූ භාණ්ඩ මත රජය විසින් ආරක්ෂාකාරී බදු අය කිරීම මෙන්ම කොලනි වල නිෂ්පාදනයන් සිදු කිරීම තහනම් කිරීමද මෙයට අදාල වේ.
 
18 වන ශත වර්ෂයේ ප්‍රංශ චින්තකයන්ගේ හා ලේඛකයන්ගේ කණ්ඩායමක් වූ පිසියොක්රැට්ස් නිකායිකයින් (Physiocrats) විසින් ආර්ථිකය ආදායම් හා නිමැයුමේ චක්‍රීය ප්‍රවාහයක් යන අදහස සංවර්ධනය කරන ලදී. සියළුම අපූර්ණතාවයන් සමඟ දැනට ප්‍රසිද්ධියට පත් කර ඇති ඉතා ආසන්න සත්‍යය ලෙස ඇඩම් ස්මිත් විසින් ඔවුන්ගේ පද්ධතිය පැහැදිලි කරන ලදී. පිසියොක්‍රැට් නිකායිකයින් පිරිවැයට වඩා පැහැදිලි අතිරික්තයක් කෘෂිකාර්මික නිෂ්පාදන පමණක් උපදවන බව විශ්වාස කළේය. එම නිසා සෑම ධනයකම පදනම වූයේ කෘෂිකර්මාන්තයයි. මෙනයින්, ආනයන බදුද අන්තර්ගතව කෘෂීකර්මාන්තයටද බලපෑමක් සිදු කරනු ලබන නිෂ්පාදනය සහ විකුණුම් සංවර්ධනය කරන වානිජවාදී ප්‍රත්පත්තියට ඔවුන් විරුද්ධ විය. පර්පාලනය සඳහා පිරිවැයක් දැරීමට සිදු වන බදු එකතු කිරීම් වෙනුවට ඉඩම් හිමියන්ගේ ආදායම මත තනි බද්දක් අය කිරීමට පක්ෂව පිසියොක්‍රැට් නිකායිකයින් කටයුතු කරන ලදී සාපේක්ෂව විකෘති කිරීම් සිදු නොවන බදු ආදායම් මූලාශ්‍රයක් ලෙස පසුව බිහිවූ ආර්ථික විද්‍යාඥයින් (ශත වර්ෂයකට පසුව හෙන්රි ජෝර්ජ් ද ඇතුළුව ) එවැනි ඉඩම් බදු වල සිදු වූ වෙනස්කම් සැළකිල්ලට ගන්නා ලදී. බහුල වානිජ වෙළඳ රෙගුලාසි වලට එරෙහිව ආර්ථිකයට අවම රාජ්‍ය මැදිහත් වීම ඇති රාජ්‍ය නිර්බාධක ප්‍රතිපත්තියක් පිසියොක්‍රැට් නිකායිකයින් විසින් අනුගමනය කරන ලදී.
 
== ආචාර ධර්ම==
95 පේළිය:
 
නූතන ධනේෂ්වර ආර්ථිකයන්වල වටිනාකම් පද්ධතියක් ඇති කිරීම සඳහා ආර්ථීකමය සංකල්ප වල බලපෑම අවශ්‍ය බවට මතයකත් පවතී.සදාචාර තර්කනය වශයෙන් හැඳින්වේ.
මිළදී ගැනීම් සිදු කිරීමේදී පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම පරිසරය පිළිබඳ අවධානය වැනි ආචාර ධර්ම අනුගමනය කළයුතු බව සාම්ප්‍රධායික ආර්ථීක විද්‍යා සලකා බැලීම් වල සඳහන් වේ.අනික් අතින් මහජන සුභසාධනය හා ආරක්ෂාව සැලසෙන පරිදි සිදුකරන සම්පත් බෙදා වෙන් කිරීම ආර්ථීක විද්‍යාවේ කොටසක් ලෙස සැළකිය හැකිය.සෞඛ්‍ය හා ආරක්ෂණය, පරිසරය, සමාජ සාධාරණය හා විපත් ආධාර වැනි අරමුණු ඉටු නොවන පරිදි සම්පත් බෙදා වෙන් කිරීම අඩු සමාජ සුභසාධනයේ ප්‍රතිඵලයකි. එබැවින් එවැනි ආර්ථික විද්‍යා ප්‍රශෟන අනුගමනය නොකිරීම ආචාර සම්පන්න නොවේ. ඇත්තෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සමූහික නියෝජිතයින් නිතිපතා මේ පිළිබඳව ආර්ථික විශලේෂණ පවත්වයි.
 
=== සමාජය මත බලපෑම ===
 
ආර්ථික විද්‍යාඥයින් විසින් යෝජනා කරන ලද වෙළඳපොළ ආකෘති දුර්ලභ භාණ්ඩ බෙදා හැරීම් අනිකුත් මාර්ග ඔවුන්ගේ අවශ්‍යතා හා වුවමනා මතට පදනම් නොවී ඔවුන්ගේ අවශ්‍යතා හා පුරුදු මත තීරණය වන බව යමෙකුම පැවසිය හැකිය. එක් ආර්ථික තෝරා ගැනීම් වලින් බොහොමයක් සමාජය විසින් ඉබේම සිදු කරන ලද ඒවායි.එයට හේතුව මිනිසුන් උසස් ජීවන තත්වයක් අපේක්ෂා කිරීමයි. මෙය ආර්ථික ප්‍රතිපත්ති සම්භවයේදී ඉතා දැඩි ‍ලෙස විවේචනයට තුඩු දුන් කරැණකි.මෙහිදී සුභසාධන ප්‍රතිපත්ති වල බලපෑම් හා සඵලන්‍යායන් අවධානයට යොමු කරන ලදී.ස්වාධීන දාර්ශනිකයින් (Libertarians)මෙය ආර්ථීක තර්කයට සිදුකරන අගෞරවයක් ලෙස සලකයි. ධනය ප්‍රති ව්‍යාප්ත කිරීම සදාචාරාත්මකව හා ආර්ථික විද්‍යාත්මකව වැරදි බව ඔවුන්ගේ මතයයි.සමාජවාදී දර්ශනයට අනුව මෙය ආර්ථික විසින් සමාජයට කරන අගෞරවයකි.ඔවුන‍්ගේ මතය වන්නේ ධන විෂමතා පළමුව නොවිසඳිය කළ යුතු බවයි.මෙය 19 වන සියවසේදී කම්කරැ ආර්ථික විද්‍යාවත් 20 වන සියවසේදී සුභ සාධන ආර්ථික විද්‍යාවත් උදාහරණයක් වන ලදී.
 
==ආර්ථික විද්‍යාව හා දේශපාලනය==
118 පේළිය:
උදාහරණයක් ලෙස 21වන ශත වර්ෂයේ බලත්කාරයෙන් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රවර්ධනයන්ට සහාය වීම කලහැකිවීම සහ කාල් මාක්ස්ගේ 19 වන ශත වර්ෂයේ ක්‍රියාකාරකම් හෝ ආර්ථිකයේ ගැටළු ලෙස ධනවාදය හා කොමියුනිට්ස් වාදය පිළිබඳ ශීත යුද්ධ යුගයේ වාදය දැක්විය හැක.
 
ආර්ථිකය මෙවැනි සාරධර්ම/අගයන් පිළිබඳ හිමිකම් පෑම නොකලත්, අනුභාවික නිරීක්ෂණය (empirical observation) සහ කල්පයන් පරීක්ෂා කිරීම මත පදනම් නොවී ආර්ථිකය සංජානනය වීමට මෙය එක් හේතුවක් වියහැක. සමාජ විද්‍යාවක් වශයෙන් ආර්ථික විද්‍යාවෙන් අරමුණු කිරීමට උත්සාහ කරනුයේ නිරීක්ෂණය කලහැකි ප්‍රතිවිපාකයන් හා සාරධර්ම පද්ධතිය පිළිබඳ යම් විනිශ්චයක් නැති එහෙත් විවිධ ආර්ථික පද්ධතින්හි කාර්යක්ෂමතාවයයි. උදාහරණයක් ලෙස සාධාරණාත්මකභාවය පිළිබඳ කිසිදු විනිශ්චයක් නොකරන අධිකාරිත්ව පද්ධතිය, සමානාත්මතා පද්ධතිය හෝ කුල පද්ධතිය ගැන පරීක්ෂා කිරීම පෙන්වා දියහැක.
 
==විශේෂීකරණය සහ ශ්‍රමවිභජනය==
196 පේළිය:
== ශ්‍රම වෙළඳපොල පිළිබඳ සාර්ව ආර්ථික විද්‍යාව ==
 
ශ්‍රම හමුදාව අර්ථදක්වා ඇත්තේ රැකියාවක් නොකරන එහෙත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින පිරිසේ එකතුවක් වශයෙනි. සහභාගීත්ව අනුපාත යන්නේ අදහස් වන්නේ වැඩකලහැකි වයසේ ජනගහනයේ ප්‍රතිශතයක්‍ ලෙස ශ්‍රම බලකායයි. ශ්‍රම බලකායට අයත් නොවන්නේ, රැකියා අපේක්ෂා නොකරන අය, සිරකරුවන්, මානසික රෝගීන්, ළමයින් තමාගේම නිවසේ සේවය කරන්නන් හා ආබාධිතයන් යන අයයි. විරැකියා මට්ටම අර්ථදක්වා ඇත්තේ සේවා නියුක්තිකයින් රහිතව ශ්‍රම බලකාය ලෙසයි. විරැකියා අනුපාතය අර්ථ දක්වා ඇත්තේ ශ්‍රම බලකාය ප්‍රතිශතයක් ලෙස සේවා නියුක්තිකයි‍න්ගේ ප්‍රමාණය ලෙසයි. සේවා නියුක්ත අනුපාතය අර්ථ දක්වා ඇත්තේ වැඩිහිටි ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සේවා නියුක්තිකයිනගේ ප්‍රමාණය ලෙසයි. මෙම ගණනය කිරීම් වලදී ස්වයං රැකියාවල නිරතවූවන් ගණනය කර ඇත්තේ සේවා නියුක්තිකයින් ලෙසයි.
 
සේවා නියුක්ති මට්ටම, ශ්‍රම හමුදාව සහ නොපිරවුණු පුරප්පාඩු වැනි විචල්‍ය තොග විචල්‍ය යනුවෙන් හඳුන්වයි. එයට හේතුව එය නිශ්චිත කාලයකදී එයට අදාල ප්‍රමාණය මනින බැවිනි. මෙම තොග විචල්‍ය ප්‍රමාණ විචල්‍යයන්ගෙන් වෙනස්වේ. ප්‍රමාණ විචල්‍යයන් යනු නිෂ්චිත කාල පරිච්ජේදයක් තුලදී එයට අදාල ප්‍රමාණයන් මැනීමයි. ශ්‍රම හමුදාවේ සිදු වන වෙනස්වීම් වලට ස්වභාවික මර්ධන අනුපාතය, ශුද්ධ සංක්‍රමණ, ශ්‍රම හමුදාවේ සිදු වන බදවාගැනීම් හා විශ්‍රාම ගැනීම් ආදී ප්‍රමාණ විචල්‍ය හේතුවේ. විරැකියාවේ සිදුවන වෙනස්වීම් තීරණය වන්නේ විරැකියාවෙන් සිටින පුද්ගලයින් තම රැකියා අවස්ථා සොයා යාමත්, සේවා නියුක්තිකයින්ට ඔවුන්ගේ රැකියා අහිමිවී යාමත් වැනි කුළු ගැන්වීම් සහ රැකියා ලැබුණු පුද්ගලයින් හා රැකියා සෙවීම අත්හැරි පුද්ගලයින් වැනි පිටතට යාලායෑම් මතයි. සමස්ථ වශයෙන් සර්ව ආර්ථිකය දෙස බලන විට විවිධාකාරයේ විරැකියා තත්වයන් හඳුනාගත හැකිය.
 
*ගැණුම් සේවා වියුක්තිය - මින් අදහස් වන්නේ මිනිසුන්ට නව රැකියා සොයා ගැනීමට හා ඒවායේ ස්ථාවර වීමට ගතවන කාලයයි. පුද්ගලයින් 12 දෙනෙකුගෙන් සෑම කෙනෙකුටම නව රැකියාවක් කිරීමට පෙර මාසයක කාලයක් සිටීමට සිදුවේනම් සමස්ථ විරැකියාව ගණනය කිරීමේදී මෙය සටහන් කරනුයේ එක් පුද්ගලයෙකු විරැකිය‍ාවේ සිටින ලෙසටයි. තාක්ෂණයේ සිදුවන වෙනස්වීම් නිතරම ගැටුම්සේවා වියුක්තිය අඩු කරයි. නිදසුනක් ලෙස අන්තර්ජාලය හරහා රැකියා සොයන්නන්ට පහසුකම් සලසා තිබීම දක්නට හැකිය.
*ව්‍යුහාත්මක සේවා වියුක්තිය - මින් අදහස් වන්නේ ශ්‍රමිකයින්ගෙන් අපේක්ෂා කරන දේ සහ ඔවුන් සතුව පවතින කුසලතා හා උප ලක්ෂණ වල නොගැලපීමයි. සේවකයින් 4 දෙනෙකුට රැකියාව ආරම්භ කිරීමට පෙර නැවත පුහුණු වීමට මාස 6ක් ගතවේ නම් සමස්ථ විරැකියාව ගණනය කරන්නේ සේවා වියුක්තිකයින් දෙදෙනෙකු ලෙසයි. ක්ෂණික වෙනස්වීම් නිතරම ව්‍යුහාත්මක සේවා වියුක්තිය වැඩි කිරීමට හේතු වේ. නිදසුනක් ලෙස දෛනික වෙනස්කම් නිසා සේවකයන්ට නැවත පුහුණු වීමට සිදුවීම දැක්විය හැකිය.
*ස්වාභාවික විරැකියා අනුපාතය - මෙය ගැණුම් සේවා වියුක්තිකයන් හා ව්‍යුහාත්මක සේවා ව්‍යුක්තියේ එකතුවකි. ස්ථායී ආර්ථිකයකට ළඟාවිය හැකි අඩුම විරැකියා අනුපාතය මෙයයි. ගැනුම්සේවා ව්‍යුක්තිකයින් හා ‍ව්‍යුහාත්මක සේවා ව්‍යුක්තිය අනිවාර්යයෙන්ම පවතී නම් ආර්ථික විද්‍යාඥයින් ස්වභාවික අනුපාතය සමඟ එකඟ නොවේ. ස්වභාවික අනුපාතය 1%ත් 5%ත් අතර පරාසයක පවතී නම් එය ඉහල නොනගින උද්දමනයත් සමඟ සම්බන්ධ වේ. මෙම ඇස්තමේන්තුගත අනුපාතනයන් රටින් රටට කාලයෙන් කාලයට වෙනස්වේ.
*ඉල්ලුම අඩු විරැකියාව - කේන්සියානු ආර්ථික න්‍යායට අනුව ඕනෑම මට්ටමක විරැකියාවක් ස්වාභාවික අනුපාතය ඉක්මවා යන්නේ සමස්ථ ආර්ථිකයේ සිදුවුන ඉල්ලුමේ අඩු වීමක් හේතු කරගෙනයි. ආර්ථික පසුබැසීමකදී සමහර ඉල්ලුම සම්පත් ඌන උපයෝජනය හේතුවෙන් පහත බැස්සේ. කිංසියානු න්‍යායට අනුව පරිභෝජනය වැඩි කිරීමෙන් හෝ ආයෝජනය වැඩි කිරීමෙන් හෝ රජයේ වියදම වැඩි කිරීමෙන් හෝ ශුද්‍ර අපනයන ප්‍රමාණය වැඩි කිරීමෙන් හෝ සමහර ඉල්ලුම වැඩිකර ගත හැක.
"https://si.wikipedia.org/wiki/ආර්ථික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි