"සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:සාහිත්‍ය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළු පෙළ තුළ සබැදි යෙදීම
60 පේළිය:
 
=== කෙටිකතාව ===
1860 ගණන්වල සිට 1920 දක්වා කාලය තුළ පුවත්පත්වල සිතියකට වරක්, කථාවස්තු නමින් නම් කරන ලදු ව උපදේශනාත්මක අරමුණු වෙනුවෙන් රචනා වූ කථා සිංහල කෙටිකතාවේ මූල් ම අවස්ථාව ලෙස සැලකිය හැකි ය. මුල් ම සිංහල කෙටිකතා සංග්‍රහය ලෙස සැලකෙන්නේ 1924 දී [[මාර්ටින් වික්‍රමසිංහ]] විසින් පළ කළ ගැහැනියක් කෙටිකතා සංග්‍රහය යි. කලාත්මක ගුණයෙන් යම්තරමතට සාර්ථක නිර්මාණ මේ කෘතියේ ඇතුළත් විය. මාර්ටින් වික්‍රමසිංහ, [[හේමපාල මුනිදාස]] , [[ඩබ්ලිව්.ඒ. සිල්වා|ඩබ්ලිවු ඒ. සිල්වා]] සහ [[ටී. ජී. ඩබ්ලිවු. සිල්වා]] වැනි මේ යුගයේ කෙටිකතාකරුවෝ දම්දෙසුම් ආදිය අඩුවෙන් යොදාගනිමින් යථාර්ථවාදී ව ජීවිතය අවලෝකනය කරන සහ කලාත්මක කෙටිකතා නිර්මාණයට උත්සාහ කළෝ ය. කෙසේනමුත් "අදීනත්වය හා ස්වතන්ත්‍රතාවය අතින් යම්බදු කුසලතා ප්‍රකට කෙරුණේ" මාර්ටින් වික්‍රමසිංහයන් විසින් යැයි මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පවසයි.{{sfn|කුමාරසිංහ|2018|pp=27-30}} [[ජී‍.බී. සේනානායක|ජී. බී. සේනානායක]] විසින් ලියන ලදු ව 1945 වසරේ දී පළ වූ දුප්පතුන් නැති ලෝකය කෙටිකතා සංග්‍රහයේ එන වෙසක් පහන කෙටිකතාව ප්‍රථම කලාත්මක සිංහල කෙටිකතාව ලෙස සැලකේ. ජී.[[එඩ්ගා බීඇලන් සේනානයක, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර යන කෙටිකතාකරුවෝ රඩ්ගාපෝ|එඩ්ගා ඇන් පෝ]], [[ගී ද මෝපසාං]], [[ඇන්ටන් චෙකෝව්|ඇන්ටන් චෙකෝෆ්]] වැනි ලෝ පතළ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලින් ආභාසයක් ලබමින් ජී. බී සේනානයක, මාර්ටින් වික්‍රමසිංහ, [[ගුණදාස අමරසේකර]] යන කෙටිකතාකරුවෝ සිංහල කෙටිකතාව තවදුරටත් පෝෂණය කළෝ ය.{{sfn|කුමාරසිංහ|2018|pp=33-36}}
 
[[කේ. ජයතිලක]], [[ඇරැව්වල නන්දිමිත්‍ර]], සෝමරත්න බාලසූරිය, එච්. ඒ සෙනෙවිරත්න, ඊවා රණවීර, මදුරසිංහ ගුණතිලක, [[ඒ.වී. සුරවීර|ඒ. වී. සුරවීර]], දයාසේන ගුණසිංහ, සුනන්ද මහේන්ද්‍ර, රන්ජිත් ධර්මකීර්ති, අශෝක කොළඹගේ, මිණිවන් පී. තිලකරත්න, ඉන්ද්‍රකීර්ති සිරිවීර, කීර්ති වැලිසර, අනුරසිරි හෙට්ටිගේ, [[ජයතිලක කම්මැල්ලවීර]], කමල් පෙරේරා, පියසීලී විජේමාන්න, කරුණා පෙරේරා, [[එරික් ඉලයප්ආරච්චි]] සිංහල සාහිත්‍යයේ කැපී පෙනෙන කෙටිකතාකරුවන් අතර වෙති.{{sfn|කුමාරසිංහ|2018|pp=39-53}} මොවුහු බොහෝදෙනෙක් [[යථාර්ථවාදය|යථාර්ථවාදී රීතියට]] නැඹුරු වූවෝ වෙති. [[අජිත් තිලකසේන]] සම්ප්‍රදායික සිංහල කෙටිකතාවට අභියෝග කරමින් කථා පුවතින් බැහැර වෙමින් සහ විකාරරූපී ලෙස සිද්ධි සහ චරිත නිරූපණය කරමින් අධියථාර්ථවාදී ලක්ෂණ ප්‍රකට කළ අතර [[ටෙනිසන් පෙරේරා]], කේ. කේ. සමන් කුමාර, පියල් කාරියවසම් වැනි කෙටිකතාකරුවන් ද සිය නිර්මාණය තුළ [[අධියථාර්ථවාදය|අධියථාර්ථවාදී]] සහ [[මායායථාර්ථවාදය|මායායථාර්ථවාදී]] ලක්ෂණ ප්‍රකට කරයි.{{sfn|කුමාරසිංහ|2018|pp=53-62}} නිශ්ශංක විජේමාන්න නූතන කෙටිකතාකරුවන් අතර සුවිශේෂී ලක්ෂණ පළ කරයි.{{sfn|කුමාරසිංහ|2018|pp=57-58}}
 
=== නවකතාව ===
68 පේළිය:
{{main|සිංහල නවකතාව}}
 
මෙරටට මුද්‍රණ ශිල්පය හදුන්වා දීම සහ [[මිෂනාරි ව්‍යාපාරය|ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරකයන්]] විසින් මුද්‍රිත පොතපත ප්‍රචලිත කිරීම බණමඩුවේ දී කතාවකට සවන් දුන් සම්ප්‍රදායෙන් මිදී පොත් කියවීමේ සම්ප්‍රදායක් මෙරට ඇති කිරීමට හේතු වූ අතර මුල්කාලීන පුවත්පත් නූතන ප්‍රබන්ධ සාහිත්‍ය ප්‍රචලිත කිරීමේ මූලික කාර්යභාරයක් ඉටු කළේ ය.{{sfn|නූතන සිංහල ප්‍රබන්ධ කතාවේ විකසනය|2013}} සිංහල ගද්‍යයේ මුල්වරට නූතන ලක්ෂණ පිළිබිඹු වූයේ අයිසෙක් ද සිල්වා දේවගැතිතුමන් ලියූ වාසනාවන්ත පවුල හා කාලකණ්ණි පවුල (1888) නම් ප්‍රබන්ධයෙනි. කෙසේනමුත් පළමු සිංහල නවකතාව ලෙස සැලකෙන්නේ ඒ. සයිමන් ද සිල්වා ලියූ මීනා (1905) ය. ඒ එහි එන චරිත නිරූපණය හේතුවෙනි.{{sfn|නූතන සිංහල ප්‍රබන්ධ කතාවේ විකසනය|2013}} බටහිර අධ‍්‍යාපනය හේතුවෙන් [[නවකතාව|බටහිර නවකතාවල]] ඇසුර ලැබූ ලේඛකයෝ බටහිර අද්භූත කතාවල ආභාසය ලබමින් අද්භූත කතා සහ ප්‍රේම කතා රචනා කිරීම සිංහල නවකතාවේ මූලාරම්භය ලෙස දැකිය හැකි ය. බෙන්තොට ඇල්බට් සිල්වා, [[පියදාස සිරිසේන]], [[ඩබ්ලිව්.ඒ. සිල්වා|ඩබ්ලිවු ඒ. සිල්වා]] වැනි ලේඛකයන් නිදසුන් වශයෙන් දැක්විය හැකි ය.{{sfn|නූතන සිංහල ප්‍රබන්ධ කතාවේ විකසනය|2013}} 1944 දී පළ වූ [[මාර්ටින් වික්‍රමසිංහ|මාර්ටින් වික්‍රමසිංහගේ]] ගම්පෙරළිය සිංහල නවකතාවේ සන්ධිස්ථානයක් විය. ඒ එය කලාත්මක නවකතාවක් මෙන් ම සමාජ පෙරළිය උසස් ලෙස නිරූපණය කිරීමක් ද වූ බැවිනි. සිංහල සාහිත්‍යයේ පළමු කලාත්මක නවකතාව ලෙස සැලකෙන්නේ ද ගම්පෙරළිය යි.{{sfn|නූතන සිංහල ප්‍රබන්ධ කතාවේ විකසනය|2013}} ගම්පෙරළියෙන් පසු [[යථාර්ථවාදය|යථාර්ථවාදී]] නවකතාව සමග සිංහල සාහිත්‍ය අත්වැල් බැදගත් අතර [[ගුණදාස අමරසේකර]], [[ජී බී සේනානායක|ජී. බී. සේනානයක]], [[සිරි ගුනසිංහ]], [[එදිරිවීර සරච්චන්ද්‍ර]], [[කේ. ජයතිලක]], [[ඇරැව්වල නන්දිමිත්‍ර]], [[ජයසේන ජයකොඩි]], [[එරික් ‍ඉලයප්ආරච්චි]], [[ජයතිලක කම්මැල්ලවීර]] ද මේ මග ම ගමන් කළෝ ය.{{sfn|නූතන සිංහල ප්‍රබන්ධ කතාවේ විකසනය|2013}} [[ටෙනිසන් පෙරේරා]] සහ [[සයිමන් නවගත්තේගම]] [[මායායථාර්ථවාදය|මායායථාර්ථවාදී]] රීතිය අනුගමනය කරමින් මේ සම්ප්‍රදාය ඉක්මවා යාමට තැත් කළෝ වෙති. සයිමන් නවගත්තේගමගේ සංසාරාණ්‍යයේ දඩයක්කාරයා වැනි (සුද්දිලාගේ කතාව හැර) සෙසු) නවකතා සියල්ල ම ද ටෙනිසන් පෙරේරාගේ බොහෝ නවකතා ද, මොහාන් රාජ් මඩවලගේ කෘති ද මායායථාර්ථවාදය අනුදත් කෘති වෙයි.{{sfn|සමන් කුමාර|2014|p=13}}{{sfn|කුමාරසිංහ|2020|සත්මඩල}} බොහෝ ලාංකික ලේඛක ලේඛිකාවන් සිය කෘති රචනයේ දී යථාර්ථවාදය ම ගුරුකරගෙන ඇති අතර මායායථාර්ථවාදය හෝ [[අධියථාර්ථවාදය]] කෙරෙහි යොමු වී ඇත්තේ අතලොස්සකි. සිංහල සාහිත්‍ය තුළ බිහි වූ මායායථාර්ථවාදී නිර්මාණ එතරම් සාර්ථක වූ බවක් නොපෙනෙන බව මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පවසයි.{{sfn|කුමාරසිංහ|2020|සත්මඩල}} කේ. කේ. සමන් කුමාර පවසන පරිදි ලාංකීය ජනවිඥාණය තුළ "මායායථාර්ථවාදයට මුල් සොයා ගවේෂණයේ යෙදුණු පුරෝගාමියා සයිමන් නවගත්තේගම" වෙයියි.{{sfn|සමන් කුමාර|2014|p=17}}
 
=== නූතන කවිය ===
සිංහල කවියේ නූතන ලක්ෂණ මුල්වරට පළවූයේ මාතර යුගයේ කවිය වෙතිනි. මාතර යුගයේ කවීහුකවියෝ මුලුවරටමුල්වරට සිය පුද්ගලානුභූති කාව්‍යයට නැගුවෝ ය. [[ගජමන් නොනාගේත්නෝනා|ගජමන් නෝනාගේත්]], [[මිහිරිපැන්නේ ධම්මරතන හිමිගේත්හිමි]]ගේත් ඇතැම් කවි නිදසුන් වේ.{{sfn|විජේසිංහ|2015}}එමෙන් ම කවිය ලෞකික ජීවිතයේ සබදතා ආදිය වස්තු විෂය කරගැනීම ද මේ යුගයේ දක්නට හැකිවිය. මාතර යුගයෙන් පසු එළඹෙන කොළඹ යුගයේ දී සිංහල කවිය පැහැදිලි සහ විශිෂ්ට ලෙස නූතන ලක්ෂණ පිළිබිඹු කරන්නට වූයේ එකල කාව්‍යයකරුවන් බටහිර සාහිත්‍යය ප්‍රවණතාවන්හි ආභාසය ලැබූ බැවිනි. නූතන සිංහල කවිය '''කොළඹ යුගයේ මුල් පරපුර''' හා '''දෙවන පරපුර''' ලෙස වර්ග කර හදුනාගනු ලැබේ. [[එස්‌. මහින්ද හිමි|ඇස්. මහින්ද හිමි]], [[ආනන්ද රාජකරුණා]], [[ජී. එච්. පෙරේරා]] යන අයත් [[කුමාරතුංග මුනිදාස]], [[රැයිපියෙල් තෙන්නකෝන්]] වැනි [[හෙල හවුල|හෙල හවුලේ]] කවියෝත් කොළඹ යුගයේ යුගයේ පළමු පරපුරට අයත් වෙති.{{sfn|විජේසිංහ|2015}}
 
මෙකල කවියෝ බොහෝදෙනෙක් [[අධිරාජ්‍යවාදය|අධිරාජ්‍යවාදයටත්]], යටත් විජිත සමයේ සංස්කෘතික පරිහානියටත් එරෙහි ව කවිය අවියක් කරගත්හ. ඇස්. මහින්ද හිමි අධිරාජ්‍යවාදයට එරෙහි ව දැඩි උද්වේගකර කාව්‍ය රචනා කළේ ය. ඒ අතර ම කුමාරතුංග මුනිදාස, ඇස්. මහින්ද හිමි, ආනන්ද රාජකරුණා වැනි කවියෝ ලාංකීය ළමා සාහිත්‍යයක් ගොඩනැගීම සදහා ද කවිය උපයෝගී කරගත්හ.{{sfn|විජේසිංහ|2015}}
 
[[මීමන ප්‍රේමතිලක]], [[සාගර පලන්සූරිය]], [[පී. බී. අල්විස් පෙරේරා]], [[විමලරත්න කුමාරගම]] වැනි කවියන් අයත් වන කොළඹ යුගයේ දෙවන පරපුර [[විලියම් වර්ඩ්ස්වර්ත්|වර්ඩ්ස්වත්]], ෂෙලී වැනි කවියන් අයත් වූ බටහිර රොමැන්ටික් කාව්‍ය ප්‍රවණතාවේ බලපෑම දැඩි ව පෙන්නුම් කළේ ය. ප්‍රේමය සහ ස්වභාව සෞන්දර්ය මොවුනගේමොවුන්ගේ සුලබ තේමා විය. දේදුන්න, සුවද, මී වදය, වෙඩිල්ල වැනි මාසික කවි සගරා බිහිවෙමින් කවිය ජනප්‍රිය වෙමින් ආ මෙකල ලියැවුණු බොහෝ කවි සරල, සැහැල්ලු, සුන්දර රචනා විය. සිංහල කවිය බහුජන වින්දන මාධ්‍යයක් කිරීමට මෙය හේතු විය. එමෙන් ම ඔවුහු මින් පෙර කවියට වස්තු විෂය නොවූ පොදුජන චරිත විෂය කරගනිමින් සිංහල කවියට නව වස්තු විෂයන් හදුන්වා දුන්හ. මෙවැනි ඇතැම් රචනා විසින් පීඩිත පන්තියේ ජීවිත ද විවරණය කෙරුණි. නිදසුන් ලෙස විමලරත්න කුමාරගමගේ රචනා සහ පී. බී. අල්විස් පෙරේරාගේ ඇතැම් රචනා දැක්විය හැකි ය.{{sfn|විජේසිංහ|2015}}
 
== ජනප්‍රිය සාහිත්‍යය ==
"https://si.wikipedia.org/wiki/සිංහල_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි