"සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
දියුණු සැකිල්ල ඉවත් කිරීම සහ සුලු සංස්කරණ කීපයක් |
|||
1 පේළිය:
සිංහල සාහිත්‍යය යනුවෙන් හැදින්වෙන්නේ පාඨකයාට රසවින්දනයක් ලබා දීමේ සහ ඔහුගේ හෝ ඇයගේ ජීවන දෘෂ්ටිය පුළුල් කිරීමේ අරමුණින් [[සිංහල භාෂාව|සිංහල භාෂාවෙන්]] රචනා වන නිර්මාණ වේ. සිංහල සාහිත්‍යයට ශ්‍රී ලංකාවේ ප්‍රථම [[සිංහල රාජධානිය|රාජධානිය]] වන අනුරාධපුරයේ සිට ම ඇරඹෙන ඉතා දිගු ඉතිහාසයක් ඇති අතර සරු අස්වැන්නකට ද හිමිකම් කියයි. 19 වන සියවසේ දී පමණ [[කෙටිකතාව]], [[නවකතාව]] වැනි නූතන සාහිත්‍යාකෘතීන් අනුගමනය කිරීමට පෙර ගී කාව්‍ය, මහා කාව්‍ය, [[සන්දේශ කාව්‍ය]], ඛණ්ඩ කාව්‍ය, සහ [[බණකතා සාහිත්‍ය|බණකතා]] ලියැවුණු යුගය සිංහල සාහිත්‍යයේ පුරාතන අවධිය වශයෙනුත් 19 හා 20 වන සියවස්වලින් ඇරඹෙන බටහිර සාහිත්‍යාකෘති අනුගමනය කෙරුණු යුගය සිංහල සාහිත්‍යයේ නූතන අවධිය වශයෙනුත් විචාරකයන් විසින් හදුනා ගැනේ. ඉපැරණි සිංහල සාහිත්‍යය එකල රාජධානිය පැවති නගරය අනුව යුග වලට බෙදා දක්වනු ලැබේ.
Line 65 ⟶ 64:
=== ගම්පොල යුගය ===
දේවරක්ඛිත ජයබාහු හිමි විසින් රචිත සද්ධර්මාලංකාරය මෙන් ම කර්තෘ අඥාත වන [[තිසර සන්දේශය|තිසර]] හා මයුර යන [[සන්දේශ
=== කෝට්ටේ යුගය ===
ගම්පොළ යුගයේ දී බිහි වූ සිව්පද ආකෘතිය දියුණුවට පත් වීම සිදුවූයේ කෝට්ටේ යුගයේ දී ය. “මෙතෙක් මාත්‍රා ඡන්දසින් බැදුණු සිංහල කවිය” මෙකල “වර්ණ ඡන්දසට සැළකිලි දක්වන්නට වූ” බව බන්දුසේන ගුණසේකර පවසයි.<ref>ගුණසේකර, 1996, පි. 44</ref> කෝට්ටේ යුගයේ පද්‍යයේ නැගීමක් සිදුවුවත් ගද්‍යයේ නැගීමක් සිදු නොවිණි. සන්දේශ කාව්‍යයේ සිදු වූ නැගීම හේතුවෙන් කෝට්ටේ යුගය සන්දේශ කාව්‍යයේ යුගය ලෙස ද හැදින්වෙයි. සිව්පද කාව්‍යය ශීඝ්‍ර ලෙස දියුණු වූයේ ද සන්දේශ කාව්‍ය නිසා ය. <ref>ගුණසේකර, 1996, පි. 49</ref>
[[තොටගමුවේ ශ්‍රී රාහුල හිමි]], වීදාගම මහා මෛත්‍රී හිමි, වෑත්තෑවේ හිමි යන ත්‍රිත්වයේ කවීත්වයෙන් එළිය වු කෝට්ටේ සාහිත්‍යය යුගය පැරණි සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙසින් හැදින්වෙයි. තොටගමුවේ රාහුල හිමි විසින් [[කාව්‍යශේඛරය]], [[පරෙවි සන්දේශය]], [[සැළලිහිණි සන්දේශය|සැලලිහිණි සන්දේශය]] යන කාව්‍යයන් ද, වීදාගම මෛත්‍රී හිමි විසින් [[ලෝවැඩ සඟරාව|ලෝවැඩ සගරාව]], දහම්ගැට මාලාව, [[බුදුගුණ අලංකාරය]] සහ [[හංස සන්දේශය]] යන කාව්‍යයන් ද, වෑත්තෑවේ හිමියන් විසින් [[ගුත්තිල කාව්‍යය]] ද රචනා කෙරුණි. හංස සන්දේශයේ ඇතැම් පිටපත්වල එන පද්‍යයක් නිදසුන් කර දක්වමින් එය වීදාගම මෛත්‍රී හිමියන් විසින් ලියැවෙන්නට ඇති බව
මහා කාව්‍යයක් වන කාව්‍යශේඛරය සත්තුභක්ත ජාතකය ඇසුරින් ලියැවුණු අතර පරෙවි සන්දේශය චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියකු ලබා දෙන ලෙස දෙවිනුවර උපුල්වන් දෙවිදුන් අයැදවීම පිණිසත්, සැළලිහිණි සන්දේශය ලෝකනාථා කුමරියට පුත් කුමරකු දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන් අයදවමිනුත් රචනා කෙරී ඇත. යාපනයේ සපුමල් කුමරුට යැවූ අස්නක් වන කෝකිල සන්දේශය දිග ම ගමන් මාර්ගයක් සහිත සන්දේශ කාව්‍යය වෙයි. ගුත්තිල කාව්‍ය ඛණ්ඩ කාව්‍යයක් වූ අතර පැරකුම්බා සිරිත විරුද කාව්‍යයක් වෙයි. වීදාගම මෛත්‍රී හිමියන් විසින් එලු අත්තනගලු වංශය වැනි වංශ කතාවක්, ලෝවැඩ සගරාව වැනි උපදේශ කාව්‍යයක්, බුදුගුණ අංලංකාරය වැනි භක්ති කාව්‍යයක්/කථා කාව්‍යයක් සහ දහම්ගැට මාලාව වැනි මාලා කාව්‍යයක් රචනා කරමින් සිංහල සාහිත්‍යයට නවාංග එකතු කරන ලදී. බුදුගුණ අලංකාරය බුත්සරණෙහි එන ගංගාවරෝහණ කථාව ඇසුරින් ද, ලෝවැඩ සගරාව සද්ධම්මොපායන නම් ධර්ම ග්‍රන්ථය ඇසුරින් ද ලියැවී ඇත. ධම්මදින්නාචාර්ය සිද්ධාර්ථ විමලකීර්ති හිමියන් විසින් ලියැවුණු සද්ධර්මරත්නාකරය කෝට්ටේ යුගයේ විශාලත ම ගද්‍ය කෘතිය වෙයි. <ref>ගුණසේකර, 1996, පිටු 11-66</ref> ▼
▲මහා කාව්‍යයක් වන කාව්‍යශේඛරය සත්තුභක්ත ජාතකය ඇසුරින් ලියැවුණු අතර පරෙවි සන්දේශය චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියකු ලබා දෙන ලෙස දෙවිනුවර උපුල්වන් දෙවිදුන් අයැදවීම පිණිසත්, සැළලිහිණි සන්දේශය ලෝකනාථා කුමරියට පුත් කුමරකු දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන් අයදවමිනුත් රචනා කෙරී ඇත. යාපනයේ [[සපුමල් කුමාරයා|සපුමල් කුමරුට]] යැවූ අස්නක් වන කෝකිල සන්දේශය දිග ම ගමන් මාර්ගයක් සහිත සන්දේශ කාව්‍යය වෙයි. ගුත්තිල කාව්‍ය ඛණ්ඩ කාව්‍යයක් වූ අතර පැරකුම්බා සිරිත විරුද කාව්‍යයක් වෙයි. වීදාගම මෛත්‍රී හිමියන් විසින් එලු අත්තනගලු වංශය වැනි වංශ කතාවක්, ලෝවැඩ සගරාව වැනි උපදේශ කාව්‍යයක්, බුදුගුණ අංලංකාරය වැනි භක්ති කාව්‍යයක්/කථා කාව්‍යයක් සහ දහම්ගැට මාලාව වැනි මාලා කාව්‍යයක් රචනා කරමින් සිංහල සාහිත්‍යයට නවාංග එකතු කරන ලදී. බුදුගුණ අලංකාරය බුත්සරණෙහි එන ගංගාවරෝහණ කථාව ඇසුරින් ද, ලෝවැඩ සගරාව සද්ධම්මොපායන නම් ධර්ම ග්‍රන්ථය ඇසුරින් ද ලියැවී ඇත. ධම්මදින්නාචාර්ය සිද්ධාර්ථ විමලකීර්ති හිමියන් විසින් ලියැවුණු [[සද්ධර්ම රත්නාකරය|සද්ධර්මරත්නාකරය]] කෝට්ටේ යුගයේ විශාලත ම ගද්‍ය කෘතිය වෙයි. <ref>ගුණසේකර, 1996, පිටු 11-66</ref>
=== සීතාවක යුගය ===
Line 76 ⟶ 77:
=== මහනුවර යුගය ===
මහනුවර යුගය අධ්‍යාපනික වශයෙන් ද, ශාසනික වශයෙන් ද පරිහානියක් පෙන්නුම් කළ යුගයක් විය. පැවති විදේශ ආක්‍රමණ සහ අභ්‍යන්තර දේශපාලන වියවුල් ආදිය විසින් ඇති කළ තත්ත්වය මෙයට හේතු විය. කෙසේනමුත් අසරණ සරණ [[වැලිවිට සරණංකර හිමි|වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්]] විසින් ඇති කළ ශාසනික පුනරුදයෙන් පසු ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ද ඇති විය. එබැවින් ඇතැමුන් වැලිවිට සරණංකර හිමිට පූර්ව යුගය හෙවත් [[සෙංකඩගල රාජධානිය|මහනුවර යුගයේ පූර්වභාගය]] ලෙස සහ මහනුවර යුගයේ අපරභාගය හෙවත් වැලිවිට සරණංකර සමය (එනම් [[ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ|ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ]] රජ සමයේ සිට [[ශ්‍රී වික්‍රම රාජසිංහ රජ|ශ්‍රී වික්‍රම රාජසිංහ]] සමය දක්වා කාලය) ලෙස මහනුවර යුගය ද අවධි දෙකකට බෙදා අධ්‍යනය කරනු දැකිය හැකි ය. ඇතැම් අය විසින් මාතර යුගය ලෙස හදුනා ගැනෙන්නේ ද මේ මහනුවර පූර්වභාගය යි.<ref>ගුණසේකර, 1996, පි. 98-99</ref>
මහනුවර යුගයේ සාහිත්‍ය නව විෂය ප්‍රදේශ කරා යොමු වෙමින් විශාල පරාසයක පැතිරී ඇති අතර ආකෘතිය අතින් ද වෙනස්කම් පෙන්වා ඇත. සරණංකර යුගය ගැන අදහස් දක්වමින් කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමියන් එම යුගය හදුන්වන්නේ “විවිධත්වය අතින් අන් පරිච්ඡේදයකට නොඅඩු” යුගයක් ලෙස ය.<ref>ගුණසේකර, 1996, පි. 125</ref> නමුත් මෙකල සාහිත්‍ය භාෂාව උසස් කලාත්මක ලක්ෂණයන්ගෙන් පිරිහුණකි. මහනුවර යුගයේ කෘති අතර ආගම වෙත යොමු වූ කෘති මෙන් ම ලෞකික විෂයන් වෙත යොමු වූ කෘති ද හදුනා ගත හැකි ය. මේ නිසා මහනුවර යුගය නූතන සාහිත්‍යට ද වඩාත් ළං වූ සාහිත්‍යයක් පෙන්නුම් කරයි. මහනුවර යුගයේ සාහිත්‍ය ජනකාව්‍ය සම්ප්‍රදාය කෙරෙහි ද නැඹුරු වී ඇත. මහනුවර යුගයේ ජාතක කාව්‍ය විශාල වශයෙන් රචනා වී ඇත.<ref>ගුණසේකර, 1996, පිටු 116-117</ref>
රණස්ගල්ලේ හිමියන් විසින් ලියැවුණු [[ලෝකෝපකාරය]], විල්ගම්මුල හිමියන් විසින් ලියැවණු සදකිදුරු ජාතක කාව්‍ය සහ කර්තෘ අඥාත වන වෙස්සන්තර ජාතක කාව්‍ය, [[යසෝදරාවත]], විදුර ජාතක කාව්‍ය, මන්දාරම් පුවත, උපහාස කාව්‍යයක් වන ආඩිමාලය, ප්‍රශස්ති කාව්‍ය වන සෙනරත් රාජ පවත සහ රාජසිංහ විරුදාවලි පූර්ව සරණංකර යුගයේ ලියැවුණු කෘති අතර වේ. මෙකල සිටි ප්‍රමුඛ කවියකු වන්නේ කිරිමැටියාවේ කිවිදු ය. ලෝකෝත්පත්ති විස්තරය ආශ්‍රයෙන් ජනනන්දන කාව්‍ය ද, බුදුදහමෙහි ආ සත්වලෝක උත්පත්තිය ඇසුරෙන් සත්වලෝක කාව්‍ය ද රචනා කරමින් නැවුම් විෂයයන් කරා ගිය ඔහු මහා පදරංග ජාතක කාව්‍ය (මෙය මහාභාරත පුවතක් මිස ජාතක කතාවක් නොවේ), වේතාලන් කතාව, උමංදා කව, මහ හටන ආදී කාව්‍ය රැසක් රචනා කරන ලදී. <ref>ගුණසේකර, 1996, පිටු 117-123</ref>
සරණංකර සමයේ දී [[දෙමළ සාහිත්‍යය|දෙමල සාහිත්‍යයෙන්]] සිංහලයට පරිවර්තනය කෙරෙමින් අතුල රජපවත, හරිශ්චන්ද්‍ර කථා කාව්‍ය, සිය බස් මල්දම, රතවතී කථාව, මලේ රජ කතාව වැනි කථා කාව්‍ය රැසක් ම රචනා විය. කිතලගම දේවමිත්ත විසින් ලියැවුණු කිරල සන්දේශය, දික්වැල්ලේ සාමණේර විසින් ලියැවුණු කහකුරුලු සන්දේශය
=== මාතර යුගය ===
මාතර යුගය වෙන ම සාහිත්‍ය යුගයක් ලෙස හදුනා ගැනීම සම්බන්ධයෙන් ඇතැම්හු එකග නොවෙති. ඒ සම්ප්‍රදායික ව සිංහල සාහිත්‍යයේ යුග බෙදා දක්වා ඇත්තේ එකල පැවැති රාජධානිය අනුව හෙයිනුත් මාතර රාජධානියක් ව නොපැවති හෙයිනුත් ය. මාතර යුගය වශයෙන් ඇතැමුන් හදුනා ගන්නා වකවානුව අයත් වනුයේ ද මහනුවර රාජධානි සමයට ම ය. එබැවින් ඇතැම්හු මේ යුගයේ නිර්මාණ හා කවීන් ද මහනුවර යුගයෙහි ම ලා (වෙසෙසින් ම මහනුවර යුගයේ මුල් භාගයේ ලා) ගනිති. නමුත් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් පෙන්වා දෙන පරිදි එකල මාතර ඇතුලු මුහුදුබඩ ප්‍රදේශ මහනුවර රාජධානියේ පාලන බලයෙන් බැහැර ව විදේශ පාලනයක් යටතේ පැවති හෙයින් සහ ඒ හේතුවෙන් වෙන ම සංස්කෘතික හා දේශපාලන පසුතලයක මාතර සාහිත්‍ය වැඩුණු බැවින් එය වෙන ම සාහිත්‍ය අවධියක් ලෙස හදුනා ගැනීම වැදගත් වෙයි.<ref>ගුණසේකර, 1996, පිටු 178-179</ref>
[[ගජමන් නෝනා]], පත්තායමේ ලේකම්, සබේ විදානේ, ඇලපාත මුදලි, මිහිරිපැන්නේ ධම්මරතන හිමි, සාළිඇලේ මණිරතන හිමි, තල්අරඹේ ධම්මක්ඛන්ධ හිමි, රූණ හාමිනේ, රංචාගොඩ ළමයා
== නූතන අවධිය ==
Line 144 ⟶ 145:
යුගාන්තය නාගරික ඉහළ මධ්‍යම පන්තිය විග්‍රහ කරමින් ධනවාදී සමාජය තුළින් ප්‍රගතිශීලී දේශපාලන චින්තනයකින් යුතු තරුණ පරපුරක් බිහිවීම පෙන්නුම් කරයි.<ref name=අධ්‍යාපන/>
=== නූතන කවිය ===
සිංහල කවියේ නූතන ලක්ෂණ මුල්වරට පළවූයේ මාතර යුගයේ කවිය වෙතිනි. මාතර යුගයේ කවීහු මුලුවරට සිය පුද්ගලානුභූති කාව්‍යයට නැගුවෝ ය. ගජමන් නොනාගේත් මිහිරිපැන්නේ ධම්මරතන හිමිගේත් ඇතැම් කවි නිදසුන් වේ.<ref name=රත්නශ්‍රී>{{Cite book
| last = විජේසිංහ
|