"සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
කොට්ටේ යුගය පරිච්ඡේදය වැඩිදියුණු කිරීම (මූලාශ්‍ර සමග)
මහනුවර හා මාතර යුගය පරිච්ඡේද අන්තර්ගත එක්කිරීම (මූලාශ්‍ර සමග)
76 පේළිය:
 
=== මහනුවර යුගය ===
මහනුවර යුගය අධ්‍යාපනික වශයෙන් ද, ශාසනික වශයෙන් ද පරිහානියක් පෙන්නුම් කළ යුගයක් විය. පැවති විදේශ ආක්‍රමණ සහ අභ්‍යන්තර දේශපාලන වියවුල් ආදිය විසින් ඇති කළ තත්ත්වය මෙයට හේතු විය. කෙසේනමුත් අසරණ සරණ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් විසින් ඇති කළ ශාසනික පුනරුදයෙන් පසු ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ද ඇති විය. එබැවින් ඇතැමුන් වැලිවිට සරණංකර හිමිට පූර්ව යුගය හෙවත් මහනුවර යුගයේ පූර්වභාගය ලෙස සහ මහනුවර යුගයේ අපරභාගය හෙවත් වැලිවිට සරණංකර සමය (එනම් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ සමය දක්වා කාලය) ලෙස මහනුවර යුගය ද අවධි දෙකකට බෙදා අධ්‍යනය කරනු දැකිය හැකි ය. ඇතැම් අය විසින් මාතර යුගය ලෙස හදුනා ගැනෙන්නේ ද මේ මහනුවර පූර්වභාගය යි.<ref>ගුණසේකර, 1996, පි. 98-99</ref>
 
මහනුවර යුගයේ සාහිත්‍ය නව විෂය ප්‍රදේශ කරා යොමු වෙමින් විශාල පරාසයක පැතිරී ඇති අතර ආකෘතිය අතින් ද වෙනස්කම් පෙන්වා ඇත. සරණංකර යුගය ගැන අදහස් දක්වමින් කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමියන් එම යුගය හදුන්වන්නේ “විවිධත්වය අතින් අන් පරිච්ඡේදයකට නොඅඩු” යුගයක් ලෙස ය.<ref>ගුණසේකර, 1996, පි. 125</ref> නමුත් භාෂාව උසස් කලාත්මක ලක්ෂණයන්ගෙන් පිරිහුණකි. මහනුවර යුගයේ කෘති අතර ආගම වෙත යොමු වූ කෘති මෙන් ම ලෞකික විෂයන් වෙත යොමු වූ කෘති ද හදුනා ගත හැකි ය. මේ නිසා මහනුවර යුගය නූතන සාහිත්‍යට ද වඩාත් ළං වූ සාහිත්‍යයක් පෙන්නුම් කරයි. මහනුවර යුගයේ සාහිත්‍ය ජනකාව්‍ය සම්ප්‍රදාය කෙරෙහි ද නැඹුරු වී ඇත. මහනුවර යුගයේ ජාතක කාව්‍ය විශාල වශයෙන් රචනා වී ඇත.<ref>ගුණසේකර, 1996, පිටු 116-117</ref>
 
රණස්ගල්ලේ හිමියන් විසින් ලියැවුණු ලෝකෝපකාරය, විල්ගම්මුල හිමියන් විසින් ලියැවණු සදකිදුරු ජාතක කාව්‍ය සහ වෙස්සන්තර ජාතක කාව්‍ය, යසෝදරාවත, විදුර ජාතක කාව්‍ය, මන්දාරම් පුවත, උපහාස කාව්‍යයක් වන ආඩිමාලය, ප්‍රශස්ති කාව්‍ය වන සෙනරත් රාජ පවත සහ රාජසිංහ විරුදාවලි පූර්ව සරණංකර යුගයේ ලියැවුණු කෘති අතර වේ. මෙකල සිටි ප්‍රමුඛ කවියකු වන්නේ කිරිමැටියාවේ කිවිදු ය. ලෝකෝත්පත්ති විස්තරය ආශ්‍රයෙන් ජනනන්දන කාව්‍ය ද, බුදුදහමෙහි ආ සත්වලෝක උත්පත්තිය ඇසුරෙන් සත්වලෝක කාව්‍ය ද රචනා කරමින් නැවුම් විෂයයන් කරා ගිය ඔහු මහා පදරංග ජාතක කාව්‍ය (මෙය මහාභාරත පුවතක් මිස ජාතක කතාවක් නොවේ), වේතාලන් කතාව, උමංදා කව, මහ හටන ආදී කාව්‍ය රැසක් රචනා කරන ලදී. <ref>ගුණසේකර, 1996, පිටු 117-123</ref>
 
සරණංකර සමයේ දී දෙමල සාහිත්‍යයෙන් සිංහලයට පරිවර්තනය කෙරෙමින් අතුල රජපවත, හරිශ්චන්ද්‍ර කථා කාව්‍ය, සිය බස් මල්දම, රතවතී කථාව, මලේ රජ කතාව වැනි කථා කාව්‍ය රැසක් ම රචනා විය. කිතලගම දේවමිත්ත විසින් ලියැවුණු කිරල සන්දේශය, දික්වැල්ලේ සාමණේර විසින් ලියැවුණු කහකුරුලු සන්දේශය වැනි සන්දේශ වැනි සන්දේශ කාව්‍ය ද ලියැවුණි. දෙමල සාහිත්‍යයේ අහම් (විරහ කාව්‍ය) සහ පුරම් (පුරාණ කාව්‍ය) වලින් ආභාසය ලබමින් පිළිවෙළින් ශෘංගාර කාව්‍ය සම්ප්‍රදායක් සහ ප්‍රශස්ති කාව්‍ය රැසක් ද මෙකල බිහි විය. සබේ විදානේ ලියූ සහබන්දු හටන, දුනුවිල ගජනායක නිලමේ ලියූ දුනුවිල හටන, තල්අරඹේ ලියනප්පු ලියූ කෝණඩමාලය ශෘංගාර කාව්‍ය වෙයි. වැලිගල කවිසුන්දර මුදලි ලියූ වඩුග හටන හෙවත් ඇහැලේපොල වර්ණනාව, පාළුවැවේ ධර්මපාල හිමි ලියූ ශ්‍රී වික්‍රම අලංකාරය සහ කර්තෘ අඥාත වන ඉංග්‍රීසි හටන ප්‍රශස්ති හා හටන් කාව්‍ය ලෙස ගත හැකි වෙයි. <ref>ගුණසේකර, 1996, පිටු 141-174</ref>
 
=== මාතර යුගය ===
මාතර යුගය වෙන ම සාහිත්‍ය යුගයක් ලෙස හදුනා ගැනීම සම්බන්ධයෙන් ඇතැම්හු එකග නොවෙති. ඒ සම්ප්‍රදායික ව සිංහල සාහිත්‍යයේ යුග බෙදා දක්වා ඇත්තේ එකල පැවැති රාජධානිය අනුව හෙයිනුත් මාතර රාජධානියක් ව නොපැවති හෙයිනුත් ය. මාතර යුගය වශයෙන් ඇතැමුන් හදුනා ගන්නා වකවානුව අයත් වනුයේ ද මහනුවර රාජධානි සමයට ම ය. එබැවින් ඇතැම්හු මේ යුගයේ නිර්මාණ හා කවීන් ද මහනුවර යුගයෙහි ම ලා (වෙසෙසින් ම මහනුවර යුගයේ මුල් භාගයේ ලා) ගනිති. නමුත් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් පෙන්වා දෙන පරිදි එකල මාතර ඇතුලු මුහුදුබඩ ප්‍රදේශ මහනුවර රාජධානියේ පාලන බලයෙන් බැහැර ව විදේශ පාලනයක් යටතේ පැවති හෙයින් සහ ඒ හේතුවෙන් වෙන ම සංස්කෘතික හා දේශපාලන පසුතලයක මාතර සාහිත්‍ය වැඩුණු බැවින් එය වෙන ම සාහිත්‍ය අවධියක් ලෙස හදුනා ගැනීම වැදගත් වෙයි.<ref>ගුණසේකර, 1996, පිටු 178-179</ref>
 
ගජමන් නෝනා, පත්තායමේ ලේකම්, සබේ විදානේ, ඇලපාත මුදලි, මිහිරිපැන්නේ ධම්මරතන හිමි, සාළිඇලේ මණිරතන හිමි, තල්අරඹේ ධම්මක්ඛන්ධ හිමි, රූණ හාමිනේ, රංචාගොඩ ළමයා, අන්දරේ මෙකල සිටි කවි කිවිදියෝ වෙති. මෙකල හිටිවන කවි බැදීම කෙරෙහි නැඹුරුවක් දැකිය හැකි වූ අතර ඇතැම් පද්‍ය මුඛපරම්පරාවෙන් පැවත එන්නේ ඒ කවි කවියන් විසින් විවිධ පෞද්ගලික අවස්ථාවල දී පවසන ලද ඒවා වන බැවිනි. එමෙන් ම විවිධ අය වෙත යැවුණු කවියෙන් ලියන ලද පණිවිඩ, ලිපි ආදිය ලෙස ද මෙකල සාහිත්‍ය පවතී. මිහිරිපැන්නේ හිමියන්, ගජමන් නෝනා, ඇලපාත මුදලි, රූණ හාමිනේ, රංචාගොඩ ළමයා වැනි අයගේ කවි මීට නිදසුන් වෙයි.<ref>ගුණසේකර, 1996, පිටු 182-222</ref> සම්ප්‍රදායික බණ කථා තේමාවලින් මිදී කවීන් සිය පෞද්ගලික ජීවන අත්දැකීම් කවියට වස්තු කර ගනු දැකිය හැක්කේ මේ යුගයේ දී බැවින් නූතන සිංහල කවියේ මුල් බීජ හමුවන්නේ මාතර යුගයේ කවියෙනි.<ref>ගුණසේකර, 1996, පි. 179</ref><refname = “රත්නශ්‍රී”/> දෙණිපිටියේ නුගරුක වැනුම, වියෝගමාලය, දැඩිතර සෝකමාලය ආදි කාව්‍ය කෘති රචනා කළ ගජමන් නෝනා මෙකල සිටි කවි කිවිදියන් අතරින් වඩාත් ම උසස් කවි හැකියාවක් තිබූ අය ලෙසින් වැජඹෙයි. මෙකල ශෘංගාර කවි බැදීම කෙරෙහි වැඩි රුචියක් දැකි හැකි වූ අතර එය රති සීපද සාහිත්‍යයක් බිහිවීමට හේතු විය. ගජමන් නෝනාගේ සහ ඇලපාත මුදලි ඇතුලු ඇගේ ආලය පැතූ සෙසු කවිකාර වංශවතුන්ගේ රචනා තුළ මේ දැකිය හැකි ය.
=== '''කොළඹ යුගය''' ===
 
== නූතන අවධිය ==
Line 162 ⟶ 171:
 
මීමන ප්‍රේමතිලක, සාගර පලන්සූරිය, පී. බී. අල්විස් පෙරේරා, විමලරත්න කුමාරගම වැනි කවියන් අයත් වන කොළඹ යුගයේ දෙවන පරපුර වර්ඩ්ස්වත්, ෂෙලී වැනි කවියන් අයත් වූ බටහිර රොමැන්ටික් කාව්‍ය ප්‍රවණතාවේ බලපෑම දැඩි ව පෙන්නුම් කළේ ය. ප්‍රේමය සහ ස්වභාව සෞන්දර්ය මොවුනගේ සුලබ තේමා විය. දේදුන්න, සුවද, මී වදය, වෙඩිල්ල වැනි මාසික කවි සගරා බිහිවෙමින් කවිය ජනප්‍රිය වෙමින් ආ මෙකල ලියැවුණු බොහෝ කවි සරල, සැහැල්ලු, සුන්දර රචනා විය. සිංහල කවිය බහුජන වින්දන මාධ්‍යයක් කිරීමට මෙය හේතු විය. එමෙන් ම ඔවුහු මින් පෙර කවියට වස්තු විෂය නොවූ පොදුජන චරිත විෂය කරගනිමින් සිංහල කවියට නව වස්තු විෂයන් හදුන්වා දුන්හ. මෙවැනි ඇතැම් රචනා විසින් පීඩිත පන්තියේ ජීවිත ද විවරණය කෙරුණි. නිදසුන් ලෙස විමලරත්න කුමාරගමගේ රචනා සහ පී. බී. අල්විස් පෙරේරාගේ ඇතැම් රචනා දැක්විය හැකි ය.<ref name=රත්නශ්‍රී/>
 
== ජනප්‍රිය සාහිත්‍යය ==
 
"https://si.wikipedia.org/wiki/සිංහල_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි