"සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
හැදින්වීම, ගම්පොළ යුගය
2 පේළිය:
සිංහල සාහිත්‍යය යනුවෙන් හැදින්වෙන්නේ පාඨකයාට රසවින්දනයක් ලබා දීමේ සහ ඔහුගේ හෝ ඇයගේ ජීවන දෘෂ්ටිය පුළුල් කිරීමේ අරමුණින් [[සිංහල භාෂාව|සිංහල භාෂාවෙන්]] රචනා වන නිර්මාණ වේ. සිංහල සාහිත්‍යයට ශ්‍රී ලංකාවේ ප්‍රථම [[සිංහල රාජධානිය|රාජධානිය]] වන අනුරාධපුරයේ සිට ම ඇරඹෙන ඉතා දිගු ඉතිහාසයක් ඇති අතර සරු අස්වැන්නකට ද හිමිකම් කියයි. 19 වන සියවසේ දී පමණ [[කෙටිකතාව]], [[නවකතාව]] වැනි නූතන සාහිත්‍යාකෘතීන් අනුගමනය කිරීමට පෙර ගී කාව්‍ය, මහා කාව්‍ය, [[සන්දේශ කාව්‍ය]], ඛණ්ඩ කාව්‍ය, සහ [[බණකතා සාහිත්‍ය|බණකතා]] ලියැවුණු යුගය සිංහල සාහිත්‍යයේ පුරාතන අවධිය වශයෙනුත් 19 හා 20 වන සියවස්වලින් ඇරඹෙන බටහිර සාහිත්‍යාකෘති අනුගමනය කෙරුණු යුගය සිංහල සාහිත්‍යයේ නූතන අවධිය වශයෙනුත් විචාරකයන් විසින් හදුනා ගැනේ. ඉපැරණි සිංහල සාහිත්‍යය එකල රාජධානිය පැවති නගරය අනුව යුග වලට බෙදා දක්වනු ලැබේ.
 
නූතන සිංහල සාහිත්‍යය ඇතිවීමට [[බ්‍රිතාන්‍ය ලංකාව|යටත් විජිත යුගයේ]] බලපෑම් තුළ [[ඉංග්‍රීසි සාහිත්‍යය]] කෘති පරිශීලනය කිරීමත්, ක්‍රිස්තියානි [[මිෂනාරි ව්‍යාපාරය|මිෂනාරී ව්‍යාපාරය]] සහ ඊට ප්‍රතිචාරයක් වූ [[ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරය|සිංහල-බෞද්ධ පුනර්ජීවන]] ව්‍යාපාරයත් දැඩි ව බල පා තිබේ. කෙසේනමුත් නූතන සිංහල සාහිත්‍යය ජාතක කතා, බණ කතා සහ පැරණි සිංහල කාව්‍ය ඇතුලු ඉපැරණි සාහිත්‍යයේ දිගුවක් ලෙස ද සැලකිය හැකි ය. සිංහල නවකතාවේ ආදිතමයන් අතර [[පියදාස සිරිසේන]], [[ඩබ්ලිව්.ඒ. සිල්වා|ඩබ්ලිවු. ඒ. සිල්වා]], [[මාර්ටින් වික්‍රමසිංහ]] ආදීහු කැපී පෙනෙති. [[ගුණදාස අමරසේකර]], [[ජී‍.බී. සේනානායක|ජී. බී. සේනානායක]], [[කේ. ජයතිලක]], [[සයිමන් නවගත්තේගම]] සහ [[ටෙනිසන් පෙරේරා]] එය තවදුරටත් දියුණු කළෝ වෙති. සිංහල සාහිත්‍යයේ පළමු නූතන නවකතාව ලෙසින් සැලකෙන්නේ ඒ. සයිමන් ද සිල්වා ලියූ මීනා ය. මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ලිවු ඒ. සිල්වා, හේමපාල මුනිදාස සිංහල කෙටිකතාවේ මුල්කාලීනයෝ ය. පළමු සිංහල කෙටිකතාව ලෙසින් සැලකෙන්නේ ද මාර්ටින් වික්‍රමසිංහ ලියූ වහල්ලුගැහැනියක් කෙටිකතා සංග්‍රහයයි. ජී. බී. සේනානායක, කේ. ජයතිලක, [[ඒ.වී. සුරවීර|ඒ. වී. සුරවීර]], පියසීලී විජේමාන්න, [[දයාසේන ගුණසිංහ]], කීර්ති වැලිසර, [[ජයතිලක කම්මැල්ලවීර]], [[අජිත් තිලකසේන]], කේ. කේ. සමන් කුමාර පසුකාලීන කෙටිකතා රචකයන් අතර කැපී පෙනෙති. ජී.බී. සේනානායක සහ සිරි ගුනසිංහ [[නිදහස් පද්‍ය]] සම්ප්‍රදාය අරඹමින් [[සිංහල කවිය|සිංහල කවියේ]] නව ගමන්මගක් සනිටුහන් කළෝ වන අතර ගුණදාස අමරසේකර, [[මහගම සේකර|මහගමසේකර]], [[පරාක්‍රම කොඩිතුවක්කු]] වැන්නෝ ද එහි නව්‍ය අත්හදාබැලීම් කරමින් ප්‍රචලිත කළෝ වෙති.
 
වත්මන් යුගයේ ඉපැරණි සාහිත්‍යාකෘති යොදාගැනෙනු දක්නට නොමැති අතර කෙටිකතාව, නවකතාව සහ කවිය වැනි නූතන ආකෘතීන් පමණක් සිංහල සාහිත්‍යය තුළ දැකගත හැකි ය. ගෝලීය වශයෙන් ප්‍රබල සාහිත්‍යයක් බවට පත් ව නො තිබුණ ද, සිංහල සාහිත්‍යකරුවන් සිය ඉපැරණි සම්භාව්‍ය සාහිත්‍යයෙන් මෙන් ම නවීන බටහිර සාහිත්‍යය ප්‍රවණතාවන්හි ආභාසය ද ලබමින් ඉදිරියට ගමන් කරනු පෙනේ.
22 පේළිය:
පැරණි සිංහල සාහිත්‍යය පිළිබද සදහන් කිරීමේ දී රසවත් කථාන්දර යන නූතන අර්ථයට වෙනස් ව සියලුම ආකාරයේ ලේඛන හැදින්වීමට එය යොදාගනු පෙනේ. එනම් අර්ථ ව්‍යාඛ්‍යාන, වංසකථා වැනි රසයක් ලබා දීම අරමුණු කර නොගත් ලේඛන ද ඇතුළත් කරගනිමින් ඒ භාවිත වන බැවිනි. කෙසේනමුත් මෙම වර්ගවලට අයත් කෘති ද සාහිත්‍ය කෘති නොවන බව පවසමින් මුලුමනින් ම බැහැර කළ නොහැක්කේ මෙවැනි ඇතැම් කෘති, විශේෂයෙන් ම වංසකථා වැනි ශානර රස නිෂ්පත්තිය ද සිදුකරන බව පෙනෙන හෙයිනි.
 
පුරාතන සිංහල සාහිත්‍යය ශ්‍රී ලංකාවේ රාජධානිවලට සමගාමීව එම සාහිත්‍යය කෘති රචනා වූ යුගයේ පැවති රාජධානියේ නමින් නම් කර අධ්‍යයනය කරනු ලැබේ. එනම් අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, මහනුවර. මීට අමතර ව මාතර සාහිත්‍ය යුගය යනුවෙන් ද යුගයක් සමහරු හදුනා ගනිති. එහෙත් මාතර රාජධානියක් වශයෙන් නොපැවතුණි. එකල පැවති සිංහල රාජධානිය වූයේ ද මහනුවර යි. ඇතැම්විට [[සීතාවක රාජධානිය|සීතාවක]] යුගය වශයෙන් ද කෝට්ටේ යුගයෙන් පසු යුගයක් හදුනා ගැණේ.
 
=== අනුරාධපුර යුගය ===
36 පේළිය:
| date =14 මැයි 2014
| access-date =29 දෙසැම්බර් 2019
}}</ref><blockquote>“පෙදෙන් බුදු සිරිතැ - බසින් වත් සිරිත් ඈ
 
පද යුතු බසින් නළු ඈ - අනතුරු ලකුණු දක්වම්” </blockquote>යනුවෙන් සියබස්ලකරෙහි කාව්‍යයට වස්තු විෂය විය යුත්තේ බුද්ධ චරිතය බවට පනවා තිබීමත් සාහිත්‍යයෙහි නියුතු බහුතරය බෞද්ධ භික්ෂූන් හෝ ධර්මට ඇසුරු කළ ගිහි වියතුන් වීමත් මෙයට හේතුවිය.<ref name= “සිරිසුමන-බුදුසරණ”/>
 
කොස්‌සගම කන්ද විහාර ලිපිය, කිරින්ද ලිපිය, තිස්‌සමහාරාම ලිපිය වැනි සෙල්ලිපි ගී විරිතෙන් ලියැවී ඇති අතර එය පද්‍ය සාහිත්‍යයේ මූලය ලෙස සැලකිය හැකි ය.<ref name= “දුමින්ද”/> කෙසේනමුත් සාහිත්‍යය රසාස්වාදය ම අරමුණු කරගත් සාහිත්‍යයක් පිළිබද අනුරාධපුර යුගයෙන් ලැබෙන මුල් ම සාක්ෂිය වන්නේ ක්‍රි. ව. 7,8,9 සියවස්වල දී සීගිරි සිතුවම් ගැන අදහස් දක්වමින් එය නැරඹි පුද්ගලයන් විසින් ගී විරිතෙන් කැටපත් පවුරේ ලියූ කවි වූ [[සීගිරි ගී]] ය. එවක කවිය පොදුජන සාහිත්‍යයක් ව තිබූ බව කිවහැක්කේ ඒ සමාජයේ විවිධ ස්තරවල අය විසින් ඒවා රචනා වී ඇති බැවිනි. <ref name= “දුමින්ද”>{{Cite news
57 පේළිය:
 
=== දඹදෙණි යුගය ===
දඹදෙණි යුගයේ රචිත සාහිත්‍ය කෘති අතර දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජතුමන් විසින් පද්‍ය ලෙස කුස ජාතකය ඇසුරෙන් රචිත [[කවි සිළුමිණ|කව් සිළුමිණ]], සහ ගද්‍ය ග්‍රන්ථ ලෙස ධර්මසේන හිමි විසින් රචිත [[සද්ධර්මරත්නාවලිය]], බුද්ධපුත්‍ර හිමි විසින් රචිත [[පූජාවලිය]] සහ විද්‍යාචක්‍රවර්ති විසින් රචිත බුත්සරණ, දම්සරණ, සඟසරණ යන කෘති දැක්විය හැකි ය.
 
=== කුරුණෑගල යුගය ===
කුරුණෑගල යුගයේ දී පාලි ජාතකට්ඨකථාව ඇසුරින් බුදුන්වහන්සේගේ පූර්ව ජන්ම කථා 547ක් ඇතුළත් කරමින් [[පන්සියපනස් ජාතක පොත|පන්සිය පනස් ජාතක පොත]] රචනා විය. බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ට ගද්‍ය ග්‍රන්ථයක් ලෙස සැලකෙන මෙය කතුමඩුල්ලක් විසින් රචනා විය. මෙහි නිධාන කථා, වර්තමාන කථා, අතීත කථා, ගාථා සමෝධාන යන අංගවලින් යුතු පොදු ආකෘතියක් අනුගමනය කර තිබේ. ඇතැම් කථා සංස්කෘත තත්සම වචන බහුල සංකීර්ණ භාෂාවකින් ලියැවී ඇත.
 
ධර්ම ප්‍රසංගිනී විසින් ලියැවුණු දළදා සිරිත ද මෙකල ලියැවුණු ගද්‍ය සාහිත්‍ය කෘතියකි.
 
=== ගම්පොල යුගය ===
දේවරක්ඛිත ජයබාහු හිමි විසින් රචිත සද්ධර්මාලංකාරයත්සද්ධර්මාලංකාරය මෙන් ම කර්තෘ අඥාත වන [[තිසර සන්දේශය|තිසර]] හා මයුර යන [[සන්දේශ කාව්‍ය|සංදේශ කාව්‍ය]] දෙක ද මෙම යුගයේ රචිත සාහිත්‍යය කෘති අතර වේ. මීට පෙර සිංහල කවිය සිය ආකෘතිය හෙළ ගීය කරගත්තත් මෙකල එය සිව්පදයට හැරීම සිදුවිය. සන්දේශ කාව්‍යයේ ආරම්භය ද මෙකල සිදුවිය. සිංහල සාහිත්‍යයේ මුල් ම සන්දේශ කාව්‍යය මයුරය ද, නැතිනම් තිසරය ද යන්න ගැන විද්වතුන් අතර මතභේද වෙයි.
 
=== කෝට්ටේ යුගය ===
"https://si.wikipedia.org/wiki/සිංහල_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි