"මණිද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Media missing permission as of 19 November 2021, හේතුව ලෙස දක්වා Yann විසින් Maniweepa_Parashakti.jpg ගොනුව මකාදමා ඇත.
1 පේළිය:
 
මණිද්විපය ''(සංස්කෘත: मणिद्वीप)'' යනු හින්දු ධර්මයට අනුව විශ්වීය තල වලින් උත්තරිතම තලය වන [[ශක්ති]] දේවියගේ තලය හෙවත් මෝක්ෂයේ තලයයි. දේවී ලෝක, දේවි ධාම, භක්ති ධාම සහ ශක්තී ධාම යනුවෙන්ද අරුත් ගන්වන්නේ මණිද්වීපයයි. පුරාණ ග්‍රන්ථයන්ට අනුකූලව [[ආදි පරාශක්ති]] [[භුවනේශ්වරී]] දේවීයගෙ නිවහන වන අතර එහි ඡායාව මහා විශ්ව ගර්භයට පතිත වන නිසා සහ සියලු ලෝකයන්ට වඩා උසස් වන හෙයින් '''සර්වලෝක''' ලෙසින් හඳුන්වයි. සමස්ථ විශ්වයන්හී උච්චතම ස්ථානය මෙන්ම [[ක්‍රිෂ්ණ]] ලෝකය, [[වෛකුන්තය]], [[කෛලාශය]], බ්‍රහ්ම ලෝකය සහ මහා විශ්වය මෙයට පහලින් පිහිටයි.සමස්ථ ජිවාත්මයන්ගේ මාතාව වන [[ආදි පරාශක්ති]] දෙවියගේ නිවාසය මෙය වන අතර නිර්මාණ ක්‍රියාවලියේදි එතුමිය තම ස්වකීය ඉච්ඡාවන් පරිදි මෙම ද්වීපය නිර්මාණය කරන ලදි. සර්වබලධාරි දෙවඟනගේ සමස්ථ දසමහාවිද්‍ය ස්වරූපයන් ඇතුළු සමස්ථ ස්වරූපයන් මෙහි වාසය කරන අතර ඇය සමඟ පරාශිව දෙවිඳුන්ගේ ඊට අනුරූප ස්වරූපයන් වාසය කරන්නේය.
 
Line 24 ⟶ 23:
 
===චින්තාමණී ගෘහය===
 
[[ගොනුව:Maniweepa Parashakti.jpg|දකුණ|මහාදේවිය සහ මහාදෙවිදුන් පංච බ්‍රහ්මාසනයේ|thumb|188x188පික්]]
දේවි ලෝකයේ බින්දු ස්ථානය හෙවත් සර්වබලධාරී දෙවඟනගේ ස්ථානය වන්නේ ශ්‍රී දේවිය වාසය කරන චින්තාමණි රත්නයන්ගෙන් නිර්මිත මන්දිරයයි. මෙහි එක්දහස් එකසියක් පමණ අලංකාර ස්ථම්භයන් දක්නට ලැබන අතර ඇතැම් ඒවා සූර්‍යකාන්ත මාණික්‍යන්ගෙන්ද, චන්ද්‍රකාන්ත මාණික්‍යන්ද, ඇතැම් ස්ථම්භ විද්යුත්කාන්ත රත්නයන්ගෙන්ද නිර්මිතය. මෙය මූල ප්‍රකෘති ශ්‍රී දේවියගේ රාජ මන්දිරය වන අතර සියලු ස්ථානයන්ගේ සර්ව උත්තරීතර ස්ථානය වන මෝක්ෂයේ ස්ථානයයි. මෙම මන්දිරය තුළ ප්‍රධානව '''ශෘංගාර මණ්ඩපය, මුක්ති මණ්ඩපය, ඥාන මණ්ඩපය සහ ඒකාන්ත මණ්ඩපය''' ලෙසින් ස්ථම්භ දහස බැගින් යුක්ත මණ්ඩප සතරක් තිබේ. ඒ එක් එක් මණ්ඩපයන්හී ආලෝකය සූර්‍යන් කෝටියකගේ රශ්මිය හා සමානය. මෙම මණ්ඩප සතරෙහි හාත්පසින් පිච්ච මල් වලින් සුවදවත් වන අලංකාර උද්‍යාන සහ එවා තුළ පද්මයන්ගෙන් පිරි විල් ඇති අතර බඹරුන් ගුමු ගුමු නාදයෙන් හාත්පසර පියාසර කරන්නේය. ශෘංගාර මණ්ඩපය තුළ ශ්‍රී දේවිය තම ආසනයේ විරාජමානව සිටිමින් දෙවි දේවතාවුන් විසින් ගායනා කරන ස්තෝත්‍ර ගායනාවන්ට සවන් දෙමින් සිටි. ඒ අතරම මුක්ති මණ්ඩපයේ සිටිමින් ජිවින්ව භව සාගරයෙන් එතෙර කිරිමට මුක්තිය ප්‍රධානය කරයි. ඒ මොහොතේම ඥාන මණ්ඩපය තුළදී බ්‍රහ්මයන්, මුණිවරුන් හට ඥානය ප්‍රධානය කරන අතර ඒකාන්ත මණ්ඪපය තුළ හිදිමින් ඇය තම සෙනාපතිවරුන් සමඟ නිමන්ත්‍රණයේ යෙදෙමින් සිටින්නීය.
 
"https://si.wikipedia.org/wiki/මණිද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි