"නිදහස් ආලය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළුNo edit summary |
සුළුNo edit summary |
||
91 පේළිය:
1872 වසරේ දී [[එක්සත් ජනපදය|ඇමරිකානු]] ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින්, ඇමරිකානු ජනාධිපතිවරණයකට තරග කළ පළමු කාන්තාව බවට පත් වූ ඇමරිකානු ස්ත්‍රීවාදිනී වික්ටෝරියා වුඩ්හල් (1838-1927) ද නිදහස් ආලය ව්‍යාපාරයේ ප්‍රධාන සාමාජිකාවක ලෙස සැලකේ. 1871 දී වුඩ්හල් මෙසේ රචනා කළා ය. “ඔව්, මම නිදහස් ආලවන්තියක්මි. මා හට, මා කැමති ඕනෑම අයකුට, මා කැමති තරම් දිගු හෝ කෙටි කාලයක් ආලය කිරීමට, මට ඇවැසි නම් දවසින් දවස වුවත් ඒ ආලය වෙනස් කිරීමට අන්සතු කළ නොහැකි, ව්‍යවස්ථානුකූල සහ ස්වාභාවික අයිතියක් ඇත. ඔබටවත් ඔබ සදන කිසියම් නීතියකටවත් මගේ එම අයිතියට අතපෙවීමට නොහැක.” <ref>[http://gos.sbc.edu/w/woodhull.html "And the Truth Shall Make You Free"] (November 20, 1871)</ref>
කාන්තා ව්‍යාපාරය, නිදහස් ආලය සහ ආධ්‍යාත්මිකවාදය (spiritualism) එකල එකිනෙක දැඩි ව සබැදුණු ව්‍යාපාර ත්‍රිත්වය වූ අතර වුඩ්හල් ද ආධ්‍යාත්මික නායිකාවක වූවා ය. නොයෙස් මෙන් ම ඇය ද සුජනකවාදයට සහාය දැක්වූවා ය. තවත් එවැනි සමාජ ක්‍රියාකාරිනියක සහ ශික්ෂිකාවක වූ මේරි ගෝව් නිකල්ස් ඇගේ දෙවන සැමියා සමග විවාපත් වූ අතර
19වන සියවසේ දෙවන භාගය තුළ නිදහස් ආලය ව්‍යාපාරය විසින් පළ කළ ප්‍රකාශන අතර Nichols' Monthly, The Social Revolutionist, Woodhull & Claflin's Weekly (සංස්කරණය. වික්ටෝරියා වුඩ්හල් සහ ඇගේ සොයුරිය වූ ටෙනසි ක්ලැෆින්), The Word (සංස්. එස්රා හේවුඩ්), Lucifer, the Light-Bearer (සංස්. මෝසෙස් හාර්මන්) සහ ජර්මන් භාෂා Detroit පුවත්පතක් වූ Der Arme Teufel (සංස්. රොබර්ට් රෙයිට්සෙල්) විය. සංවිධාන අතර ඇමරිකානු ලිංගික නිදහස්කාමික සමාජවාදී බෙන්ජමින් ටකර් විසින් New England Labor Reform League (NELRL) හි ශාඛාවක් ලෙසින් පිහිටුවනු ලැබූ New England Free Love League වේ. නිදහස් චින්තකයන්
වඩාත් ම රැඩිකල් නිදහස් ආලය සගරාව වූයේ 1856-1857 දක්වා පළ වූ ජෝන් පැටර්සන් විසින් පළ කරන ලද The Social Revolutionist ය. පළමු
ලිංගික නිදහස්කාමීන් විවාහය පිළිබද සංකල්පයන්ට එරෙහි සිය සටනේ දී හුදකලා වූයේ නැත. 19වන සියවසේ සිටි තවත් ඇමරිකානුවන් රැසක් ම, (එය අහෝසි ම කරදැමීමට පැකිලුණත්) එම සමාජ සංස්ථාවේ ගැටලු ඇති බව දුටහ. ෂේකර්වරු (shakers), ඔනෙයිඩා සමාජය සහ අද්‍යයතන සාන්තුවරයන්ගේ නිකාය (Latter Day Saints) වැනි කණ්ඩායම් ද විවාහය පිළිබද සමාජ ආකල්පය කෙරෙහි මිශ්‍ර ආකල්පයක් දැරී ය. බිරියන් සිය සැමියන්ට යටපත් වීමේ ගැටලුව තවත් අර්බුදයට යවමින් පල්ලිය සහ රජය එක් ව කටයුතු කරන තාක් කල් ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර සැබෑ සමානාත්මතාවය ඇති නොවන බව මෙම සංවිධාන සහ ලිංගික නිදහස්කාමීහු විශ්වාස කළහ.<ref name="Passet, Joanne E 2003"/>
නිව්යෝක්හි ග්‍රීන්විච් ගම්මානයේ බොහීමියානු කව දක්වා ම ගමන් කරමින් නිදහස් ආලය ව්‍යාපාරය 20 වැනි සියවසේ මුල්භාගය තුළ ද ක්‍රියාත්මක විය. නිදහස් ආලයට අනුගත ව ජීවත් වූ ගම්වාසීන් පිරිසක් The Masses නම් දේශපාලනික සගරාව තුළින් සහ එහි සහෝදර ප්‍රකාශනය වූ The Little Review නම් සාහිත්‍යමය ප්‍රකාශනය තුළින් එම අදහස් ප්‍රචලිත කිරීමට ද කටයුතු කළහ. එඩ්වර්ඩ් කාපෙන්ටර් සහ හැව්ලොක් එලිස් වැනි ඉංග්‍රීසි චින්තකයන්ගේ ලියවිලිවලින් ආභාෂය ලබමින්, එම්මා ගෝල්ඩ්මන් වැනි
ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් ආලය සංකල්පයේ සංවර්ධනය ප්ලේබෝයි සගරාවේ ප්‍රකාශක වූ හියු හෙෆ්නර්ගේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිරූපය වෙතින් ද සැලකිය යුතු බලපෑමක් ලැබී ය. ඔහුගේ පේෟද්ගලික ජීවිතය අඩ සියවසක කාලයක් පුරා නිදහස් ආලය පොදු ජනතාව අතර ප්‍රචලිත වීමට හේතු විය.
113 පේළිය:
[[File:Carpenter1875.jpg|thumb|left|150px|Edward Carpenter in 1875.]]
සමාජවාදී සමාජයක් බිහිවන තුරු කාන්තාවන් සැබෑ විමුක්තිය නොලබන බව හෙතෙම විශ්වාස කළේ ය. කෙසේනමුත්, ඔහුගේ බොහෝ සමකාලීනයන්ට වෙනස් ව යමින්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලය, පිරිමි කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලයට යටපත් කිරීම වෙනුවට, කාන්තාවන්ගේ අයිතීන් දිනාගැනීමේ අරගලයට සියලු පීඩිත කම්කරුවන් සහාය දැක්විය යුතු බව නිගමනය කිරීමට මෙය ඔහු ව යොමු කළේ ය. ඔහු මෙසේ පැවසුවේ ය. "...කාන්තාවන්ගේ නිදහස හැර වෙනත් විකල්පයක් නැත. කාන්තාවන්ගේ නිදහස යන්නෙන් අදහස් වන්නේ, සමස්ත පොදු මහජනතාවගේ ම, ගැහැනුන් හා පිරිමින් යන දෙපිරිසේ ම නිදහස යි. එනයින් ම ආර්ථිකමය වහල්භාවය මුලුමනින් ම තුරන් කිරීම යි. නිදහස් කාන්තාවන් සහ නිදහස් ආලය එහි සැබෑ අරුතින් සහ සැබෑ මිලෙන් අන්තර්ගත කර නොගන්නා කිසිදු විසදුමක් නොමැත. සිය ලිංගභාවයය හේතුවෙන් වේදනා විදින්නට ව ඇති සෑම ගැහැනියකට ම ඇයට හැකිතාක් දුරට තමන් ව
සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ජාතික නිදහස් ආලය ක්‍රියාකාරිකයෙක් වූයේ තෙවැනි රසල් අර්ල්වරයා බවට පසුකලෙක පත් වූ දාර්ශනික බර්ට්‍රන්ඩ් රසල් ය. කාන්තාවක් සමග කායික ඇසුරක් පවත්වන තුරු ඇය සැබවින් ම හදුනාගත් බව තමන් නොසලකන බව හෙතෙම පැවසී ය. රසල් සිය දැවැන්ත කෘති මගින් දිගින් දිගට ම නිදහස් ආලයෙහි විවිධ අංශ ආමන්ත්‍රණය කළ අතර, ඉතා ම වයෝවෘද්ධ සමය වන තුරු ම සාම්ප්‍රදායික ඒකභාර්යාවෘතයෙන් සෑහීමකට පත් නොවී ය. නිදහස් ආලය අරබයා ලියැවුණු ඔහුගේ ප්‍රකට ම කෘතිය වන්නේ 1929 දී පළ කළ Marriage and Morals (විවාහය සහ සදාචාරය: පරිවර්තනය - දයාරත්න ගරුසිංහ, විවාහය හා සාර්ධර්ම: පරිවර්තනය - ඉ. කොලොන්නගේ) ය. මේ කෘතිය ලිංගිකත්වය සහ විවාහය සම්බන්ධයෙන් පැවති වික්ටෝරියානු සදාචාරාකල්ප තදබල ලෙස විවේචනයට ලක් කළේ ය. ඔහුගේ සමයේ පැවති ලිංගිකත්වය පිළිබද නීති සහ සමාජාකල්ප විවිධ මුලාශ්‍රවලින් ගෙන සෑදූ අච්චාරුවක් බවටත්, උපත් පාලනයේ ආගමනය මගින් ලිංගික ක්‍රියාවන් ප්‍රජනනයෙන් වෙන් කිරීමත් සමග එම සදාචාරය තවදුරටත් වලංගු නොවන බවටත් රසල් තර්ක කළේ ය. පවුල දරුවන්ගේ සුබසිද්ධිය ඉතා වැදගත් බවටත්, ඒ අනුව කාන්තාවක් හා පිරිමියෙක් සැබවින් ම එකිනෙකා හා බැදුණු ලෙස සැලකිය යුත්තේ ප්‍රථම දරුඋපතින් පසු බවටත් ඔහු තර්ක කළේ ය.<ref>[http://www.time.com/time/magazine/article/0,9171,787544,00.html "Sex Seer"], in ''Time'', November 4, 1929</ref>
[[File:MarriageAndMorals.jpg|thumb|First edition of ''Marriage and Morals'', published in 1929.]]
Marriage and Morals කෘතිය පළ වී කෙටිකලකට පසු ව ම රසල්ට එරෙහි ව දැවැන්ත උද්ඝෝෂණ සහ
ප්‍රචලිත විශ්වාසය කුමක් වුවත්, රසල් අතිශය ලිංගික නිදහස්කාමී ස්ථාවරයක් වෙනුවෙන් පෙනී නොසිටියේ ය. ඒ වෙනුවට ඔහු, ලිංගික හැසිරීම් ද කුසගින්න හෝ පිපාසය වැනි ම වූ තවත් ආවේගයක් වුවත්, එයට වඩා වැඩිමනසත් දෙයක් ද වන බව විශ්වාස කළේ ය. මක්නිසාද යත් කිසිවකු හුදෙක් ලිංගික ක්‍රියාවෙන් ම සෑහීමකට පත් නොවන බැවිනි. වේරමණිය ලිංගික හැසිරීමේ වින්දනය වැඩිදියුණු කරන බවටත්, ලිංගික හැසිරීමක් මුලුමනින් ම කායික වනවාට වඩා විශාල කායික සංරචකයකින් සමන්විත වන විට වඩා යහපත් බවත් ඔහු තර්ක කළේ ය.<ref name="Hauerwas">{{cite book|url=https://books.google.com/books?id=fEKu6SoJR6cC|title=After Christendom?: How the Church Is to Behave If Freedom, Justice, and a Christian Nation Are Bad Ideas|author=Stanley Hauerwas|year=2011|publisher=Abingdon Press|isbn=9781426722011}}</ref>
විවාහයක් සාර්ථක වීමට නම් "දෙපාර්ශවයට ම, තමන් පූර්ණ සමානාත්මතාවය අත්විදින බවට හැගී යාම, අන්‍යෝන්‍ය නිදහස කෙරෙහි කිසිදු අතපෙවීමක් නොසිදු වීම, කායික හා මානසික සමීපත්වයේ උපරිමය, වටිනාකම් සම්බන්ධයෙන් එකිනෙකාගේ දැක්මේ කිසියම් සමානත්වයක් තිබීම" යන කරුණු සැපිරීම අනිවාර්ය බව ඔහු පෙන්වා දුන්නේ ය. පොදු වශයෙන් ගත් විට, මෙවැනි
කෙසේනමුත් රසල්, ඔහුගේ පසුකාලීන විවාහයන් සමග පුද්ගලික අර්බුදයන්ට මුහුණුපෑමත් සමග විවාහය පිළිබද ඔහුගේ මතය වෙනස් විය. "මා විවාහය නමැති විෂය ගැන දැන් කුමක් සිතන්නේ ද යන්න ගැන මට ම නිශ්චිත නැත. ඒ පිළිබද වන සෑම පොදු න්‍යායකට ම විරුද්ධ ව නොවැළැක්විය හැකි විරෝධතා පැන නගින බව පෙනෙන්නට ඇත. ඇතැම්විට දික්කසාදය පහසු කිරීම වෙනත් විසදුම්වලට වඩා නොසතුට අවම කරනවා විය හැකි ය. කෙසේනමුත් විවාහය පිළිබද විෂය ගැන අන්තනෝමතික ලෙස මතයක එල්බ සිටීමට තවදුරටත් මා හට පුලුවන්කමක් නම් නැත." රසල්, පුරුෂයන් අතර සමලිංගික ක්‍රියාකාරකම් තහනම් කළ නීති (sodomy laws) අහෝසි කිරීම පිණිස පෙනී සිටි මුල්කාලන ක්‍රියාධරයකු ද විය.
131 පේළිය:
නිදහස් ආලය කෙරෙහි උද්යෝගය 19වන සියවසේ දී [[ඕස්ට්‍රේලියාව|ඕස්ට්‍රේලියාවට]] ද පැතිරුණි. එංගලන්තයේ උපත ලැබූ අරාජකවාදියකු වූ චමි ෆ්ලෙමිං 1886 දී මෙල්බර්න් අරාජකවාදී සංගමය පිහිටුවූ අතර නිදහස් ආලය ගැන එමගින් විවාදයක් ඇති කළ අතර වසර දෙකකින් පසු 'Free Love—Explained and Defended' මැයෙන් ඒ පිළිබද ව නිර්නාමික ලියවිල්ලක් ද පළකෙරුණි. මෙය බොහෝවිට ඩේවිඩ් අන්ද්‍රාදි හෝ චමි ෆ්ලෙමිං විසින් රචනා කෙරෙන්නට ඇත.
අරාජකවාදී සමාජයේ මතවාදය හැඩගැස්වීමට කුප්‍රකට [[ජැක් ද රිපර්|ජැක් ද රිපර්ගේ]] වයිට්චැපල් ඝාතන ද හේතු විය. ඔහුගේ කුරිරු ක්‍රියාවන් එකල
නිව්කාසල්හි විසූ නිදහස්කාමිනියක වූ ඇලිස් වින්ස්පෙයා, එනම් පුරෝගාමී සමාජවාදී විලියම් රොබර්ට් වින්ස්පෙයාගේ බිරිද, මෙසේ රචනා කළා ය. "අපි නිදහස ලබාගන්නෙමු. ස්ත්‍රී-පුරුෂ දෙපිරිසට ම නිදහස ලබා ගනිමු. අපේ ආහාර වේල අප කැමති අපට ගැලපෙන ඕනෑම වෘත්තියකින් උපයා ගැනීමටත්, අප කැමති ඕනෑම අයකුට ආලය කිරීමත්, අප ආලය කරන සහ පෙරළා අපට ආලය කරන පුද්ගලයන් සමග වාසය කිරීමටත් නිදහස අපේක්ෂා කරමු.” දශක දෙකකට පසු මෙල්බර්න්හි විසූ අරාජකවාදී ස්ත්‍රීවාදී කිවිදියක වූ ලෙස්බියා හාර්ෆෝඩ් ද නිදහස් ආලය උත්කර්ෂයට නැංවූවා ය.
147 පේළිය:
ආදර සංගමය ප්‍රවාදය සංගමයට අයත් ඕනෑම ලිංගයකට අයත් පුද්ගල අරාජකවාදීන් අතර, ප්‍රතික්ෂේපය, භේදය, බැහැර කිරීම, හිමිවීම, ඒකත්වය, වශීකරගැනීම, ක්ෂණික ආවේග, චාටුබව, අන්‍යයන් පිළිබද නොසැලකීම සහ ගණිකාකරණය වැනි ආදර අත්දැකීමේ අවදානම්වලින් අනෙක් පාර්ශ්වයන් ආරක්ෂා කරගැනීම මුල්කරගත් දෘෂ්ටියක් මත ලිංගික ස්වස්ථතාවය පිළිබද නිසි ප්‍රමිතීන්ට අනුගත වීමට අවශ්‍ය කොන්දේසිවලට යටත් ව ඇතිකරගන්නා ඕනෑම අවස්ථාවක දී පූර්ව එකගතාවය අනුව පෙර දැනුම් දීමකින් තොර ව අවලංගු කළ හැකි නිදහස් ගිවිසුම්ගතවීමක් අදහස් කරන බව ඔහු පැවසුවේ ය.<ref name="armand"/> ඔහු Le Combat contre la jalousie et le sexualisme révolutionnaire (The fight against jealousy and revolutionary sexualism) – 1926 ද, ඉන් වසර කීපයකින් පසු Ce que nous entendons par liberté de l'amour (ආලයේ නිදහස යන්නෙන් අප අදහස් කරන්නේ කුමක් ද?) – 1928 ද, La Camaraderie amoureuse ou "chiennerie sexuelle" (ආදරයේ සංගමය හෙවත් sexual bitchiness) -1930 සහ අවසන් වශයෙන් ලිංගිකත්වය පිළිබද ඔහුගේ ලියවිලි විශාල වශයෙන් සංග්‍රහ කරගත් පිටු 350කින් පමණ සමන්විත වූ කෘතියක් වූ La Révolution sexuelle et la camaraderie amoureuse (ලිංගික විප්ලවය සහ රොමෑන්තික සංගමය) – 1934 ද යන ලියවිලි පළ කළේ ය.<ref name="armand"/> 1937 දී ලියූ රචනාවක ඔහු පුද්ගලවාදී අරමුණු අතරින් එකක් වශයෙන් විෂමලිංගික, සමලිංගික, උභයලිංගික යන සියලුම ආකාරයේ, හුදෙක් ම ලිංගිකමය සබදතාවයන් සදහා ස්වේච්ඡා සංගමයන් පිහිටුවීම සදහන් කරයි.
ඔහු පුද්ගලයන්ට සිය ජීවවිද්‍යාත්මක ලිංගය වෙනස් කරගැනීමට ඇති අයිතිය වෙනුවෙන් ද පෙනී සිටි අතර තහනම් විනෝදයන්, සාම්ප්‍රදායික නොවන උත්තේජනයන් (non conformist caresses) සහ පුරුෂයන් අතර සමලිංගික ක්‍රියාකාරකම් ද යථා තත්ත්වයට ගෙන ඒමට (ඔහු පෞද්ගලික වශයෙන්, [[නැරඹුම්කාමය|නැරඹුම්කාමයට]] නැඹුරු වූවකු විය.) ඔහුගේ ඇති ආශාව ප්‍රකාශ කර සිටියේ ය. ඔහු විසින් (ශාරීරික ප්‍රචණ්ඩත්වය මගහරිමින්) ලිංගික නිර්-ගතානුගතිකත්වය (non-conformist caresses)
මේ සමයේ ක්‍රියාකාරී ව සිටි නිදහස් ආලය කණ්ඩායම් අතරට Association d'Études sexologiques (ලිංගිකවිද්‍යා අධ්‍යයන සදහා වූ සංගමය) සහ Ligue mondiale pour la Réforme sexuelle sur une base scientifique (විද්‍යාත්මක පදනමක් මත ලිංගික ප්‍රතිසංස්කරණ කිරීම සදහා වූ ගෝලීය ලීගය) අයත් විය.<ref name="armand"/>
154 පේළිය:
[[File:Lily Braun.jpg|right|thumb|150px|Lily Braun]]
1891 සිට 1919 දක්වා [[ජර්මනිය|ජර්මනියේ]] Verband Fortschrittlicher Frauenvereine (ප්‍රගතිශීලී කාන්තාවන්ගේ සංගමයන්හි ලීගය) විසින් විවාහය වර්ජනය කරන ලෙසත් ලිංගිකත්වය නිදහසේ වින්දනය කරන ලෙස ඉල්ලා සිටින ලදී. ලිලී
ලෝක ව්‍යාප්ත සමලිංගික විමුක්ති ව්‍යාපාරය ද 19වන සියවස අග භාගයේ ජර්මනියේ ඇරඹුණු අතර [[සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්]], [[ඔටෝ ග්‍රොස්]], හර්බර්ට් මාර්කස්, [[විල්හෙල්ම් රයික්]] සහ මැක්ස් ස්ට්‍රිනර්ගේ අනුගාමික සහ චරිතාපදාන රචක ජෝන් හෙන්රි මැකේ වැනි ලිංගික නිදහස්කාමී ව්‍යාපාරයට ආභාෂය ලබා දුන් බොහෝ චින්තකයෝ ද ජර්මන්-භාෂීය ලෝකයෙන් බිහි වූවෝ වූහ.
|