"නිදහස් ආලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
29 පේළිය:
 
=== ආදිතමයන් ===
[[Image:Adamites.png|thumb|left|The [[Adamites]] were a sect that rejected marriage. Pictured, they are being rounded up for their heretical views.]]
ඉතිහාසය පුරා පැවති [[උතෝපියානුවාදය|උතෝපියානු]] සමාජ ව්‍යාපාර රැසක් ම නිදහස් ආලය පිළිබඳ දැක්මක් සහිත වූවෝ වුහ. ක්‍රි. පූ. 1වන සියවසත් ක්‍රි. ව. 1වන සියවසත් අතර කාලයේ මැද පෙරදිග විසූ පිරිමින්ගෙන් පමණක් සමන්විත වූ [[එසන්ස්වරු]] පෙනීයන පරිදි මෛථූන්‍යය, විවාහය සහ වහල්හිමීත්වයෙන් වැළකී සිටියහ. <ref>See [[Essenes#Contemporary ancient sources]]</ref> මිල මුදල් පරිහරණයද ප්‍රතික්ශේප කළ ඔවුහු සාමූහික දිවිපෙවෙතක් ගෙනගිය අතර අවිහිංසාවාදීයෝද <ref>Although they appear to have been involved in a revolt against the Roman occupiers</ref> නිර්මාංශාහාරිකයෝද වූහ. ආදම්වරු නමින් දෙවන, තෙවන සහ සිව්වන සියවස්වල උතුරු අප්‍රිකාවේ සිටි මුල්කාලීන ක්‍රිස්තියානි නිකායක් ද විවාහය ප්‍රතික්ශේප කළහ. නග්නත්වය ප්‍රගුණ කළ කළ ඔවුහු තමන් මුල් පාපයෙන් නිදහස් බව ද විශ්වාස කළහ.
 
38 පේළිය:
===බුද්ධි ප්‍රබෝධක අවධිය===
 
[[File:Visions of the Daughters of Albion copy G plate 01.jpg|thumb|right|237px|upright|Frontispiece to [[William Blake]]'s ''[[Visions of the Daughters of Albion]]'' (1793), which contains Blake's critique of Judeo-Christian values of marriage. Oothoon (centre) and Bromion (left), are chained together, as Bromion has raped Oothoon and she now carries his baby. Theotormon (right) and Oothoon are in love, but Theotormon is unable to act, considering her polluted, and ties himself into knots of indecision.]]
 
ප්‍රබුද්ධ සමය විසින් ගතානුගතික [[සදාචාරය|සදාචාරයට]] සහ ආගමට අභියෝග එල්ල වුණු අතර [[ප්‍රංශ විප්ලවය|ප්‍රංශ විප්ලවයේ]] විමුක්ති දේශපාලනය විසින් නිදහස් ආලය වැනි මාතෘකාවන්ට සුපෝෂණීය විය හැකි වාතාවරණයක් ඇති කරන ලදී.
44 පේළිය:
ඉංග්‍රීසි ජැකොබියන්වරුන් ලෙස හැදින්වුණු ප්‍රංශ විප්ලවයට සහය දැක්වූ එංගලන්තයේ සිටි රැඩිකල් බුද්ධිමතුන් කණ්ඩායමක් විසින් ස්ත්‍රීවාදයේ සහ නිදහස් ආලයේ මුල් අදහස් ඉදිරිපත් කරන ලදී.
 
ඒ අතර කැපී පෙනෙන චරිතයක් වූයේ රොමැන්ටික් කවියෙකු වූ [[විලියම් බ්ලේක්]] ය. ඔහු සිය Visions of the Daughters of Albion (1793) වැනි කෘතිවල විවාහය තුළ ඇති ලිංගික පීඩනය සමාන කරනු ලැබුවේ වහල්භාවයකට ය. ඔහු එකල පැවති විවාහ නීති කෙරෙහි විවේචනාත්මක වූ අතර පතිවත සුචරිතයක් ලෙස දුටු සාම්ප්‍රදායික ක්‍රිස්තියානි ආකල්පයන් නිර්දය ලෙස විවේචනය කළේ ය.<ref>[http://www.poetryfoundation.org/bio/william-blake Poetry Foundation's bio of William Blake]</ref> සිය බිරිද වූ කැතරින්ට දරුවන් නොලැබීම ද හේතුවක් වූ බව පෙනෙන ඔහුගේ විවාහයේ දෙදරා යාම තුළ ඔහු දෙවන බිරියක් පාවාගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ය.<ref>{{cite book |last=Hamblen |first=Emily |authorlink= |title=On the Minor Prophecies of William Blake |url= |accessdate= |year=1995 |publisher=Kessinger Publishing |location= |isbn= |page=10}}{{cite book |last=Berger |first=Pierre |authorlink= |title=William Blake: Poet and Mystic |url= |accessdate= |year=1915|publisher=E. P. Dutton & Company |location= |isbn= |page=45}}</ref> විවාහයක තිබිය යුතු අන්‍යෝන්‍ය බැදීම රැකගැනීමට බාහිර බලපෑම් එල්ලවීම තුළ ආදරය අවංක බැදීමක සිට තමන් පිට පැවරුණු රාජකාරියක් දක්වා පිරිහෙන බවටත් මිනිසුන්ගේ ලිංගික ඊර්ෂ්‍යාව සහ ආත්මාර්ථකාමීත්වය යොදාගනිමින් විවාහ නීතිය රැකගැනීම පමණක් ඉන් සිදුවන බවටත් ඔහු දැරූ මතයට ඔහුගේ ඇතැම් පද්‍යයන් දෙස් දෙයි. "Why should I be bound to thee, O my lovely Myrtle-tree?" සහ "Earth's Answer" යන පද්‍ය ලිංගික සහකරුවන් කීපදෙනෙකු සමග සබදතා පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින බව සිතිය හැකි ය.
 
සිය ලන්ඩන් නම් පද්‍යයේ ඔහු යොවුන් සිරියෙන් යුතු වෙසගනගේ සාපයෙන් බැට කන විවාහයේ අවමංගල රිය (the Marriage-Hearse) ගැන පවසමින් ප්‍රතිඵලය වී ඇත්තේ බොරු චරිතවත් බවකින් රගපෑමත් වේසකමත් බව පෙන්වාදෙයි. එකිනෙකා කෙරෙහි කිසිදු හැගීමක් නැති බ්‍රෝමියන් සහ ඕතෝන් අතර නීතිය නිසා ඇතිවන බැදීම ගැන කියවෙන Visions of the Daughters of Albion නිදහස් ආලය වෙනුවෙන් ඉදිරිපත් කළ සටන්කාමී ප්‍රකාශනයක් ලෙස ප්‍රසිද්ධියට පත් විය. නීතිය සහ ප්‍රේමය එකිනෙකට සතුරු ලෙස දුටු බ්ලේක් "ගල්ගැසුණු විවාහක යහන (frozen marriage-bed)" පතුරු ගැසුවේ ය.
54 පේළිය:
මිනිසුන් පිරිහුණු තත්ත්වයක සිටින බවත් නිදහස් ආලයෙන් යුතු සමාජයකට ප්‍රධාන ම බාධකය දූෂ්‍ය වූ මනුෂ්‍ය ස්වභාවය බවත් ඔහු විශ්වාස කළේ ය. එයට හේතුව හුදෙක් සමාජයේ නිදහස්කාමී චර්යා නොඉවසීම හෝ පිරිමින්ගේ ඊර්ෂ්‍යාව නොව මානව සන්නිවේදනයේ ව්‍යාජ, කුහක ස්වභාවය බව ඔහු විශ්වාස කළේ ය.<ref>S. Foster Damon ''William Blake: His Philosophy and Symbols'' (1924), p. 105.</ref> විවාහය සතුටට සහ ආදරයට අනුග්‍රහ දැක්විය යුතු නමුත් යථාර්ථයේ දී එය එසේ නොවන බවත්<ref>Wright, p. 57.</ref> තමන් ගැටගැසී සිටින බවට යුවළකගේ වන දැනුම විසින් ම බොහෝවිට ඔවුන්ගේ සතුට විනාශ කරන බවත් ඔහු සිතූ බව පෙනෙන්නට තිබේ.
 
[[File:Vindication1b.jpg|thumb|left|alt=Title page reads "A VINDICATION OF THE RIGHTS OF WOMAN: WITH STRICUTRES ON POLITICAL AND MORAL SUBJECTS. BY MARY WOLLSTONECRAFT. PRINTED AT BOSTON, BY PETER EDES FOR THOMAS AND ANDREWS, Faust's Statue, No. 45, Newbury-Street, MDCCXCII."|Title page from ''[[A Vindication of the Rights of Woman]]'' (1792), by [[Mary Wollstonecraft]], an early feminist and proponent of free love.]]
 
බ්ලේක්ගේ කවයේ සිටි තවත් අයෙක් වූයේ පුරෝගාමී ස්ත්‍රීවාදිනියක වූ මේරි වොල්ස්ටන්ක්‍රාෆ්ට් සහ මුල්කාලීන අරාජකවාදියකු වූ විලියම් ගොඩ්වින් ය. ගොඩ්වින් පසුකලෙක ඇගේ සැමියා බවට පත් විය. නිදහස් ආලයේ පරමාදර්ශ මුල් ම යුගයේ ස්ත්‍රීවාදිනියක වෙතින් උත්කෘෂ්ටත්වයට පත්කෙරිණ. විවාහය නැමති සංස්ථාවට අභියෝග කළ වොල්ස්ටන්ක්‍රාෆ්ට් එය අහෝසි කිරීම පිණිස පෙනී සිටියා ය. ඇගේ [[නවකතාව|නවකතා]] විවාහය පිළිබද සමාජ නිර්මිතය සහ කාන්තාවන් කෙරෙහි ඉන් වන බලපෑම විවේචනයට ලක්කරන ඒවා විය. 1788 දී ලියූ Mary: A Fiction නම් ඇගේ මුල් ම නවකතාවේ වීරවරිය ආර්ථික හේතූන් මත ප්‍රේමයෙන් තොර විවාහයකට තල්ලු කරනු ලැබේ. ඇය වෙනත් මිනිසකු හා ගැහැනියක සමග සිය සබදතා තුළ සිය ආදරය සොයාගනී. ලියා අවසන් නොකළ නමුත් 1798 දී පළකෙරුණු Maria: or, The Wrongs of Womanනවකතාව සිය සැමියා විසින් උම්මත්තකාගාරයක සිරගත කෙරුණු කාන්තාවක් වටා ගෙතුණු කතාවකි. මරියා සිය උම්මත්තකාගාර සගයෙකු වෙතින් විවාහයෙන් බැහැර ව සිය ජීවිතයේ සැනසීම සොයාගනී. “කාන්තාවන්ට ප්‍රබල ලිංගික ආශාවන් තිබෙන බවත් එය එසේ නොවන බවට හැගවීම පහත් සහ සදාචාර විරෝධී දෙයක් බවත්” වොල්ස්ටන්ක්‍රාෆ්ට් පැහැදිලි ව පෙන්වා සිටියා ය.<ref name="historyguide1"/>
73 පේළිය:
===මනෝරාජික සමාජවාදය===
 
ආදිම සමාජ ව්‍යාපාරවල වූ නිදහස් ආලය ආශ්‍රිත සංකල්ප මෙන් ම ස්ත්‍රීවාදය, අහිංසාවාදය, සරළ සාමූහික ජීවිතය වැනි සංකල්ප 19 වැනි සියවසේ මුල ප්‍රංශයේ හා බ්‍රිතාන්‍යයේ ඇරඹුණු මනෝරාජික සමාජවාදී සමාජ වෙත ගමන් කිරීම ප්‍රංශයේ ඔන්රේ ඩි සෙන්ට් සිමොන් (Henry de Saint Simon), ෂෝල් ෆූරියේ (Charles Fourier) සහ එංගලන්තයේ [[රොබට් ඕවන්]] වැනි චින්තකයන් හරහා සිදුවිය. Feminism යන යෙදුම ද පබැදූ ෆූරියේ සැබෑ නිදහස ඇතිවන්නේ හිමිකරුවන්, ශ්‍රමයේ රීති, ආශාවන් යටපත් කිරීම යන මේ සියල්ල නැති වූ කල්හි පමණක් බැව් කියා සිටියේ ය. ආශාවන් යටපත් කරවීම පුද්ගලයාට පමණක් නොව සමස්තයක් ලෙස සමාජයට ද හානිකර බව ඔහු කියා සිටියේ ය. මිනිසුන් හිංසනයට පත් නොවන තාක් කල් ලිංගිකත්වයේ සෑම ප්‍රකාශමානවීමක් ම වින්දනයට නිදහස තිබිය යුතු බවත් “කෙනකුගේ වෙනස්බවට ඉඩ දීම” නිසැක ව ම සමාජ අන්තර්ග්‍රහණය ඉහළ නංවනු ඇති බව ද ඔහුගේ මතය විය.
 
රොබට් ඕවන් මනුෂ්‍ය වර්ගයා පීඩාවට පත් කරන භයංකර ත්‍රිත්වය (awful trinity) ලෙසට විවාහය, ආගම සහ පෞද්ගලික දේපල නම් කළේ ය. ඔහුගේ පුතු වූ රොබට් ඩේල් දික්කසාදයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල මතධාරියකු විය. සාන්ත සිමොන්වාදී ස්ත්‍රීවාදිනියක වූ පෝලින් රෝලන්ඩ් විවාහයට එදිරි ව නිදහස් ආලයට අනුගත ස්ථාවරයක් ගනිමින් 1830 වැනි සමයක දරුවන් සිව් දෙනෙකුට ම උපත ලබා දුන්නේ ඔවුන්ගේ පෙළපත් නාමය ඇගේ වාසගම බවට පත්වන ලෙසිනි.
 
ජර්මානු සංගීතවේදී [[රිචඩ් වාග්නර්|රිචඩ් වැග්නර්]] සිය කෘති කීපයක ම නිදහස් ආලයේ ස්වභාවය ගත් සංකල්පයක් වෙනුවෙන් පෙනී සිටි අතර වාද්‍ය ශිල්පී හෑන්ස් වොන් බුලෝ සමග ඒ වනවිටත් විවාහ වී සිටි කොසිමා ලිස්ට් සමග පවුල් ජීවිතයක් ගතකිරීමට ද පෙළඹූණි. යුගයේ සමාජ සාරධර්මවල කෝණයෙන් බලන කල්හි අවකල් හැසිරීමක් ලෙස පෙනී ගිය ද, මෙවැනි සබදතා සමාජ සම්මුතියට වඩා සිය නිදහස් සිතුම් පැතුම්වලට තැන දුන් ප්‍රසිද්ධ සහ විශිෂ්ට කලාකරුවන්ගේ ස්වභාවය ලෙස හදුනාගත හැකි ය. එනයින් බලන කළ ඔවුන් එකල ලිංගිකත්වය සහ ප්‍රේමය විෂයෙහි නිදහස්කාමී අදහස් ප්‍රකට කළ ෆූරියේ වැනි දාර්ශනිකයන්ගේ කුලකයේ සිට ඇති බවත් ඔවුන්ගේ සවිඥාණක ව හෝ අවිඥාණක ව හෝ සිදු වූ විවෘත හැසිරීම විසිවැනි සියවසේ වඩාත් නිදහස්කාමී වූ සමාජ සම්මතයන්ට පදනම සැපයූ බවත් පැවසිය හැකි ය. [[ෆ්‍රෙඩ්රික් නිට්ෂේ]] ද නිදහස් ආලයේ ස්වභාවය ගත් අදහස් ඇතැම්විට දැක්වී ය. නමුත් ඔහු එහි සුප්‍රසිද්ධ පිළිවෙත් පුරන්නියක වූ ලුයි ඇන්ද්‍රියේ සැලෝමේ (Louis Andreas Salome) වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ කල්හි ඇය නිදහස් සහ සුපිරිසදාචාර සුපිරිමිනිසා පිළිබද ඔහුගේ ම දර්ශනයට එරෙහි ව යාම ගැන ඔහු ව අවඥාවෙන් හෙලා දුටු අතර මේ විවේචනය ඔහු ගැඹුරු ලෙස සිතාබැලීමකට නැතිනම් කම්පනයකට පත්කළේ ය. සංගීතවේදී ෆ්‍රෙඩ්රික් ෂොපින් සහ ලේඛිකා ජෝර්ජ් සෑන්ඩ් අතර පැවති සබදතාවය ද නිදහස් ආලයේ ප්‍රකාශයක් ලෙස පැති කිහිපයකින් ම දැකිය හැකි ය. සුප්‍රසිද්ධ චරිතවල මේ ආකාරයේ හැසිරීම් ආදර සබදතා සහ විවාහය පිළිබද පැවති සාම්ප්‍රදායික මතය කෙරෙහි වූ විශ්වාසය හීන කිරීමට මහෝපකාරී විය. වෙසෙසින් ම මෙවැනි සාම්ප්‍රදායිකත්වයක් නිසැක ව එහි ප්‍රතිපත්ති පූරකයන්ගේ ජීවිතවල සෞඛ්‍යයට හානිකර වන විට ඒ එසේ සිදුවිය.
==ව්‍යාපාරයේ මූලයන්==
සම්භාවනීය සමාජ විද්‍යාඥයකු වූ [[හර්බට් ස්පෙන්සර්]] සිය Principles of Sociology හි නිදහස් දික්කසාද ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටියේ ය. නීතියෙන් ඇතිවන බැදීම සහ ආදරයෙන් ඇති වන බැදීම යනුවෙන් සංරචක දෙකකින් විවාහය සමන්විත වන බව පැවසූ ඔහු ආදරයෙන් ඇති වන බැදීම නැති වීමත් සමග ම නීතියෙන් ඇති වන බැදීම ස්වයංක්‍රීය ව ම අහෝසි වන බවටත්, එබැවින් දික්කසාදය සදහා නීතිමය ක්‍රියාදාමයක අවශ්‍යතාවයක් නොමැති බවටත් තර්ක කරන ලදී. <ref>{{cite book|url=https://books.google.com/books?id=RmpMZ7K2L3YC|title="A Revolution in Christian Morals": Lambeth 1930-Resolution #15. History & Reception|author=Theresa Notare|year=2008|publisher=ProQuest|pages=78–79|isbn=9780549956099}}</ref> නිදහස් ආලය විශේෂයෙන් ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන අවධාරණය කරන ලදී. මක්නිසාද යත් ලිංගිකත්වය ආශ්‍රිත ව පැවති බොහෝ නීති (නිදසුන්: විවාහ නීති සහ උපත් පාලනය සම්බන්ධ සීමා) කාන්තාවන්ට එරෙහි ව වෙනස්කම් කරනසුලු වූ බැවිනි. <ref name="freelove">[http://www.ncc-1776.org/tle1996/le961210.html The Free Love Movement and Radical Individualism By Wendy McElroy]</ref>
 
===ඇමරිකා එක්සත් ජනපදය===
 
[[Image:OneidaCommunityHomeBld.JPG|thumb|200px|The [[Oneida Community]] was a utopian group established in the 1840s, which practiced a form of free love. Postcard of the [[Oneida Community Mansion House]] from 1907.]]
 
නිදහස් ආලය තනි ව්‍යාපාරයක් බවට පත්වීම 19වන සියවසේ අගභාගයේ දී සිදුවිය. [[ක්‍රිස්තියානි ආගම|ක්‍රිස්තියානි]] සමාජවාදී ලේඛකයකු වූ ජෝන් හම්ප්‍රි නොයෙස් (John Humphrey Noyes) විසින් Free love යන යෙදුම පබදින ලදී. කෙසේනමුත් ඔහු වඩාත් ප්‍රිය කළ යෙදුම වූයේ සංකිර්ණ විවාහය (complex marriage) යන්නයි. නොයෙස් 1848 දී ඔනෙයිඩා සමාජය (Oneida community) පිහිටුවූ අතර, මනෝරාජික සමාජයක් වූ එය කාන්තාවන් කෙරෙහි හිමිකාරීත්වයක් තබාගැනීමට පිරිමින්ට ඉඩ දීම මගින් ක්‍රිස්තියානින් විසින් ප්‍රතික්ෂේප කළ යුතු ම සංකල්ප දෙකක් වන නීතිගතභාවය (legalism) සහ ආත්මාර්ථකාමීත්වය ප්‍රවර්ධනය කරන බැවින් සම්ප්‍රදායික විවාහය ප්‍රතික්ෂේප කළේ ය. ඔහු එයට බයිබලීය පදනමක් ද සපයා ගත්තේ ය. "මක්නිසාද නැවත නැගිටීමේ දී ඔවුන් සරණපාවාගන්නේවත් සරණපාවා දෙන්නේවත් නැත. එහෙත් ස්වර්ගයෙහි දේවදූතයන් හා සමාන වෙති." (මැතිව් 22: 30)<ref>William Blake before him had made the same connection: "In Eternity they neither marry nor are given in marriage." ([[Jerusalem: The Emanation of the Giant Albion]], 30.15; E176)</ref> නොයෙස් සුජනකවාදයට (eugenics) ද සහය දැක්වූ අතර ඔනෙයිඩා සමාජයේ සාමාජිකයන්ගෙන් නොයෙස් සහ තවත් තෝරාගත් කිහිපදෙනෙක් පමණක් ප්‍රජනනයට සුදුසුකම් ලැබී ය. ඔනෙයිඩා සමාජයේ තවත් ශාඛාවක් බර්ලින් හෙයිට්ස්හි ඔහියෝ හි පිහිටුවනු ලැබී ය.
 
1852 දී මාර්ක්ස් එජ්වර්ත් ලසාරස් නම් ලේඛකයෙක් "Love vs. Marriage pt. 1," මැයෙන් පොත් පිංචක් පළ කළ අතර ඔහු එහි විවාහය "සමාජ සංහිදියාව සමග ගැටෙනසුලු සහ මානසික සහ කායික අබලත්වයන්ගේ මූල හේතුව ලෙස ද" පෙන්නුම් කරන ලදී. ලසාරස් සිය ලියවිලි සිය ක්‍රිස්තියානි ආගමික ඉගැන්වීම් සමග බද්ධ කළ අතර එය ක්‍රිස්තියානි සමාජයන් ඔහුගේ නිදහස් ආලය ආශ්‍රිත සංකල්පයන්ට ප්‍රතිරෝධී නොවීමට හේතු විය.<ref name="Passet, Joanne E 2003"/> නිදහස් ආලය ව්‍යාපාරයේ මූලිකාංග අහෝසිකරණ ව්‍යාපාර (abolitionist movements) සමග ද නෑකම් දක්වයි. ඒ වහල්භාවය සහ ලිංගික වහල්භාවය වන විවාහය අතර සමානකම් දැකීම තුළ සහ කලුකළු විමුක්ති ක්‍රියාකාරිකයන් සමග අත්වැල් බැද ගැනීමත් නිසා ය.
 
1872 වසරේ දී [[එක්සත් ජනපදය|ඇමරිකානු]] ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින්, ඇමරිකානු ජනාධිපතිවරණයකට තරග කළ පළමු කාන්තාව බවට පත් වූ ඇමරිකානු ස්ත්‍රීවාදිනී වික්ටෝරියා වුඩ්හල් (1838-1927) ද නිදහස් ආලය ව්‍යාපාරයේ ප්‍රධාන සාමාජිකාවක ලෙස සැලකේ. 1871 දී වුඩ්හල් මෙසේ රචනා කළා ය. “ඔව්, මම නිදහස් ආලවන්තියක්මි. මා හට, මා කැමති ඕනෑම අයකුට, මා කැමති තරම් දිගු හෝ කෙටි කාලයක් ආලය කිරීමට, මට ඇවැසි නම් දවසින් දවස වුවත් ඒ ආලය වෙනස් කිරීමට අන්සතු කළ නොහැකි, ව්‍යවස්ථානුකූල සහ ස්වාභාවික අයිතියක් ඇත. ඔබටවත් ඔබ සදන කිසියම් නීතියකටවත් මගේ එම අයිතියට අතපෙවීමට නොහැක.” <ref>[http://gos.sbc.edu/w/woodhull.html "And the Truth Shall Make You Free"] (November 20, 1871)</ref>
 
කාන්තා ව්‍යාපාරය, නිදහස් ආලය සහ ආධ්‍යාත්මිකවාදය (spiritualism) එකල එකිනෙක දැඩි ව සබැදුණු ව්‍යාපාර ත්‍රිත්වය වූ අතර වුඩ්හල් ද ආධ්‍යාත්මික නායිකාවක වූවා ය. නොයෙස් මෙන් ම ඇය ද සුජනකවාදයට සහාය දැක්වූවා ය. තවත් එවැනි සමාජ ක්‍රියාකාරිනියක සහ ශික්ෂිකාවක වූ මේරි ගෝව් නිකල්ස් ඇගේ දෙවන සැමියා සමග විවාපත් වූ අතර දෙපල එක් ව පුවත්පතක් පළ කළ අතර වෛද්‍ය කෘති, ලියවිලි<ref name="Gove1842">{{cite book |title=Lectures to Ladies on Anatomy and Physiology | volume= |url=https://archive.org/stream/lecturestoladies00nichiala#page/n5/mode/2up |last=Gove | first=Mary S. | edition= |year=1842| publisher=Saxton & Peirce | location=Boston | page=|accessdate=13 January 2009}} Full text at Internet Archive (archive.org).</ref><ref name="Gove1846">{{cite book |chapter=Lectures to Women on Anatomy and Physiology |title=with an Appendix on Water Cure |url=https://archive.org/stream/lecturestowomen00nichgoog#page/n9/mode/1up |last=Gove Nichols | first=Mary S. | edition= |year=1846| publisher=Harper & Brothers | location=New York | page=|accessdate=13 January 2009}} Full text at Internet Archive (archive.org).</ref><ref name="Gove-Nichols1855">{{cite book |chapter=Experience in the Water Cure: A familiar exposition of the Principles and Results of Water Treatment, in the Cure of Acute and Chronic Diseases| title=in Fowlers and Wells' Water-Cure Library: Embracing all the most popular works on the subject|volume=Vol. 2 of 7 |url=https://archive.org/stream/anintroductiont01nichgoog#page/n56/mode/1up | last=Gove Nichols | first=Mary S.| edition= | year=1855 | publisher=Fowlers and Wells | location=New York| page= | accessdate=29 October 2009}} Full text at Internet Archive (archive.org).</ref>, නවකතාවක් සහ නිදහස් ආලය වෙනුවෙන් කරුණු දක්වමින් තර්ක කළ නිබන්ධයක් ද රචනා කළහ. කෙසේනමුත් වුඩ්හල් සහ නිකොල්ස් යන දෙදෙනා ම එක්වර ම නිදහස් ආලය අත්හළහ.{{Citation needed|date=February 2016}}
 
19වන සියවසේ දෙවන භාගය තුළ නිදහස් ආලය ව්‍යාපාරය විසින් පළ කළ ප්‍රකාශන අතර Nichols' Monthly, The Social Revolutionist, Woodhull & Claflin's Weekly (සංස්කරණය. වික්ටෝරියා වුඩ්හල් සහ ඇගේ සොයුරිය වූ ටෙනසි ක්ලැෆින්), The Word (සංස්. එස්රා හේවුඩ්), Lucifer, the Light-Bearer (සංස්. මෝසෙස් හාර්මන්) සහ ජර්මන් භාෂා Detroit පුවත්පතක් වූ Der Arme Teufel (සංස්. රොබර්ට් රෙයිට්සෙල්) විය. සංවිධාන අතර ඇමරිකානු ලිංගික නිදහස්කාමික සමාජවාදී බෙන්ජමින් ටකර් විසින් New England Labor Reform League (NELRL) හි ශාඛාවක් ලෙසින් පිහිටුවනු ලැබූ New England Free Love League වේ. නිදහස් චින්තකයන් සුලුතරයක් ද නිදහස් ආලයට සහාය දැක්වූහ. <ref>Kirkley, Evelyn A. 2000. ''Rational Mothers and Infidel Gentlemen: Gender and American Atheism, 1865–1915.'' (Women and Gender in North American Religions.) Syracuse, N.Y.: Syracuse University Press. 2000. Pp. xviii, 198</ref>
 
වඩාත් ම රැඩිකල් නිදහස් ආලය සගරාව වූයේ 1856-1857 දක්වා පළ වූ ජෝන් පැටර්සන් විසින් පළ කරන ලද The Social Revolutionist ය. පළමු වෙලුම ලේඛකයන් විසිදෙනෙකු විසින් රචනා කෙරුණු අතර එයින් කාන්තාවන් සිටියේ එක් අයෙකු පමණි.<ref name="Spurlock, John 1994" />
 
ලිංගික නිදහස්කාමීන් විවාහය පිළිබද සංකල්පයන්ට එරෙහි සිය සටනේ දී හුදකලා වූයේ නැත. 19වන සියවසේ සිටි තවත් ඇමරිකානුවන් රැසක් ම, (එය අහෝසි ම කරදැමීමට පැකිලුණත්) එම සමාජ සංස්ථාවේ ගැටලු ඇති බව දුටහ. ෂේකර්වරු (shakers), ඔනෙයිඩා සමාජය සහ අද්‍යයතන සාන්තුවරයන්ගේ නිකාය (Latter Day Saints) වැනි කණ්ඩායම් ද විවාහය පිළිබද සමාජ ආකල්පය කෙරෙහි මිශ්‍ර ආකල්පයක් දැරී ය. බිරියන් සිය සැමියන්ට යටපත් වීමේ ගැටලුව තවත් අර්බුදයට යවමින් පල්ලිය සහ රජය එක් ව කටයුතු කරන තාක් කල් ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර සැබෑ සමානාත්මතාවය ඇති නොවන බව මෙම සංවිධාන සහ ලිංගික නිදහස්කාමීහු විශ්වාස කළහ.<ref name="Passet, Joanne E 2003"/>
 
නිව්යෝක්හි ග්‍රීන්විච් ගම්මානයේ බොහීමියානු කව දක්වා ම ගමන් කරමින් නිදහස් ආලය ව්‍යාපාරය 20 වැනි සියවසේ මුල්භාගය තුළ ද ක්‍රියාත්මක විය. නිදහස් ආලයට අනුගත ව ජීවත් වූ ගම්වාසීන් පිරිසක් The Masses නම් දේශපාලනික සගරාව තුළින් සහ එහි සහෝදර ප්‍රකාශනය වූ The Little Review නම් සාහිත්‍යමය ප්‍රකාශනය තුළින් එම අදහස් ප්‍රචලිත කිරීමට ද කටයුතු කළහ. එඩ්වර්ඩ් කාපෙන්ටර් සහ හැව්ලොක් එලිස් වැනි ඉංග්‍රීසි චින්තකයන්ගේ ලියවිලිවලින් ආභාෂය ලබමින්, එම්මා ගෝල්ඩ්මන් වැනි කාන්තාවන් සමලිංගික නිදහස සහ උපත් පාලනයේ අයිතිය ඇතුලු ලිංගික අයිතිවාසිකම් ගණනාවක් දක්වා ම අරගල මෙහෙයවූවා ය. ග්‍රීන්විච් ගම්මානයේ ව්‍යාපාරය තුළ සිටි සෙසු ප්‍රසිද්ධ සාමාජිකයන් වුයේ එඩ්නා ශාන්ත වින්සන්ට් මිලේ, මැක්ස් ඊස්ට්මන්, ක්‍රිස්ටල් ඊස්ට්මන්, ෆ්ලොයිඩ් ඩෙල්, මාබෙල් ඩොජ් ලුහාන්, ඉඩා රෞහ්, හචින්ස් හැප්ගුඩ් සහ වෙයිත් බොයිස්. ඩොරති ඩේ ද නිදහස් ආලය, කාන්තා අයිතිවාසිකම් සහ උපත්පාලනය වෙනුවෙන් උද්යෝගයෙන් රචනා කළ නමුත් පසුකාලීනව කතෝලික දහම වැළද ගැනීමත් සමග 1960 ගණන්වල සිදු වූ ලිංගික විප්ලවය හෙළා දුටුවා ය.
 
ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් ආලය සංකල්පයේ සංවර්ධනය ප්ලේබෝයි සගරාවේ ප්‍රකාශක වූ හියු හෙෆ්නර්ගේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිරූපය වෙතින් ද සැලකිය යුතු බලපෑමක් ලැබී ය. ඔහුගේ පේෟද්ගලික ජීවිතය අඩ සියවසක කාලයක් පුරා නිදහස් ආලය පොදු ජනතාව අතර ප්‍රචලිත වීමට හේතු විය.
 
===එක්සත් රාජධානිය===
 
[[File:Portrait of Havelock Ellis (1859-1939), Psychologist and Biologist (2575987702) crop.jpg|right|thumb|150px|[[Havelock Ellis]] was a pioneer [[sexology|sexologist]] and advocate of free love.]]
 
[[ස්කොට්ලන්තය|ස්කොට්]] ජාතික බුද්ධිමතකු වූ තෝමස් ඩේවිඩ්සන් විසින් 1883 දී පිහිටුවන ලද Fellowship of the New Life හි දර්ශනයේ ප්‍රධාන අංගයක් වූයේ ද නිදහස් ආලය යි.<ref>{{cite web|first=James A.|last=Good|url=http://www.autodidactproject.org/other/TD.html|title=The Development of Thomas Davidson's Religious and Social Thought}}</ref> සංගමයේ සාමාජිකයන් අතරට එවක සමාජයේ සම්මත ව පැවති ලිංගිකත්වය සහ සදාචාරය පිළිබද වික්ටෝරියානු සම්මතයන්ට රැඩිකල් ලෙස අභියෝග කළ එඩ්වර්ඩ් කාපෙන්ටර් සහ ජෝන් ඩේවිඩ්සන් වැනි කවියන්, සත්ත්ව හිමිකම් ක්‍රියාකාරික හෙන්රි ස්ටීවන් සෝල්ට්<ref>George Hendrick, ''Henry Salt: Humanitarian Reformer and Man of Letters'', University of Illinois Press, pg. 47 (1977).</ref>, ලිංගවේදී [[හැව්ලොක් එලිස්]], ස්ත්‍රීවාදිනියන් වූ ඊඩිත් ලීස්, එමලින් පැන්ක්හර්ස්ට්, පරමවිඥානාර්ථවාදිනියක වූ [[ඇනී බෙසන්ට්]], ලේඛකයන් වූ [[එච්. ජී. වෙල්ස්]], [[බර්නාර්ඩ් ෂෝ]], [[බර්ට්‍රන්ඩ් රසල්]], ඔලිව් ෂ්‍රෙයිනර්<ref>[[Jeffrey Weeks (sociologist)|Jeffrey Weeks]], ''Making Sexual History'' ,Wiley-Blackwell, pg. 20, (2000).</ref> වැනි එවක සිටි බොහෝ සම්භාවනීය වියත්තු ඇතුළත් වූහ. සියලුදෙනා තුළ ම සෑම අංශයක ම පරිපූර්ණ චරිතයක් ගොඩනැගීම වූ සංගමයේ පරමාර්ථය වූ අතර අන්‍යයන්ට ආදර්ශයට ගැනීම පිණිස සරළ පිරිසිදු ජීවන රටාවක් ක්‍රියාවට නැංවීමෙන් සමාජ පරිවර්තනයක් කළ හැකි බව විශ්වාස කළහ. සංගමයේ බොහෝ සාමාජිකයෝ අහිංසාවාදය, නිර්මාංශාහාරිකත්වය සහ සරළ ජීවන පැවැත්ම වෙනුවෙන් පෙනී සිටියහ.<ref>Colin Spencer, ''The Heretic's Feast:A History of Vegetarianism'', Fourth Estate, pg. 283 (1996).</ref>
 
එඩ්වර්ඩ් කාපෙන්ටර් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ප්‍රථම ක්‍රියාකාරිකයා වූයේ ය. ඔහු ප්‍රගතිශීලී අධ්‍යාපනය කෙරෙහි, විශේෂයෙන් ම තරුණ ජනයාට ලිංගික අධ්‍යාපනය ආශ්‍රිත දැනුම ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් දැක්වීය. කාපෙන්ටර්ට අනුව ලිංගික අධ්‍යාපනය යනු ලිංගිකත්වය සහ ස්ත්‍රී-පුරුෂභාවය කාන්තාවන් පීඩාවට පත් කිරීමට යොදාගැණෙන ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලබා දීම යි. ඔහුගේ රැඩිකල් කෘතිය වූ Love's Coming-of-Age හි ඔහු තර්ක කළ පරිදි සාධාරණ සහ සමානාත්මතාවාදී සමාජයක් කාන්තාවන්ගේ ලිංගික සහ ආර්ථික නිදහස ප්‍රවර්ධනය කළ යුතු ය. ඔහුගේ විශ්ලේෂණයේ මූලික පදනම වූයේ විවාහය නමැති සංස්ථාවේ සෘණාත්මක බලපෑම් ය. එවක එංගලන්තයේ පැවති විවාහ සංස්ථාව බලහත්කාර බ්‍රහ්මචාරීත්වයක් මෙන් ම ගණිකා සේවයක් ද වූ බව ඔහු සැලකී ය.
 
[[File:Carpenter1875.jpg|thumb|left|150px|[[Edward Carpenter]] in 1875.]]
 
සමාජවාදී සමාජයක් බිහිවන තුරු කාන්තාවන් සැබෑ විමුක්තිය නොලබන බව හෙතෙම විශ්වාස කළේ ය. කෙසේනමුත්, ඔහුගේ බොහෝ සමකාලීනයන්ට වෙනස් ව යමින්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලය, පිරිමි කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලයට යටපත් කිරීම වෙනුවට, කාන්තාවන්ගේ අයිතීන් දිනාගැනීමේ අරගලයට සියලු පීඩිත කම්කරුවන් සහාය දැක්විය යුතු බව නිගමනය කිරීමට මෙය ඔහු ව යොමු කළේ ය. ඔහු මෙසේ පැවසුවේ ය. "...කාන්තාවන්ගේ නිදහස හැර වෙනත් විකල්පයක් නැත. කාන්තාවන්ගේ නිදහස යන්නෙන් අදහස් වන්නේ, සමස්ත පොදු මහජනතාවගේ ම, ගැහැනුන් හා පිරිමින් යන දෙපිරිසේ ම නිදහස යි. එනයින් ම ආර්ථිකමය වහල්භාවය මුලුමනින් ම තුරන් කිරීම යි. නිදහස් කාන්තාවන් සහ නිදහස් ආලය එහි සැබෑ අරුතින් සහ සැබෑ මිලෙන් අන්තර්ගත කර නොගන්නා කිසිදු විසදුමක් නොමැත. සිය ලිංගභාවයය හේතුවෙන් වේදනා විදින්නට ව ඇති සෑම ගැහැනියකට ම ඇයට හැකිතාක් දුරට තමන් ව ප්‍රකාශයට පත්කරගැනීමට, තමා ම බවට පත්වීමට, කෙළින් ම කිවහොත් නිදහස් ගැහැනියක් බවට පත්වීමට ඉඩ දිය යුතු වෙමු."
Line 115 ⟶ 117:
සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ජාතික නිදහස් ආලය ක්‍රියාකාරිකයෙක් වූයේ තෙවැනි අර්ල්වරයා බවට පසුකලෙක පත් වූ දාර්ශනික බර්ට්‍රන්ඩ් රසල් ය. කාන්තාවක් සමග කායික ඇසුරක් පවත්වන තුරු ඇය සැබවින් ම හදුනාගත් බව තමන් නොසලකන බව හෙතෙම පැවසී ය. රසල් සිය දැවැන්ත කෘති මගින් දිගින් දිගට ම නිදහස් ආලයෙහි විවිධ අංශ ආමන්ත්‍රණය කළ අතර, ඉතා ම වයෝවෘද්ධ සමය වන තුරු ම සාම්ප්‍රදායික ඒකභාර්යාවෘතයෙන් සෑහීමකට පත් නොවී ය. නිදහස් ආලය අරබයා ලියැවුණු ඔහුගේ ප්‍රකට ම කෘතිය වන්නේ 1929 දී පළ කළ Marriage and Morals (විවාහය සහ සදාචාරය: පරිවර්තනය - දයාරත්න ගරුසිංහ, විවාහය හා සාර්ධර්ම: පරිවර්තනය - ඉ. කොලොන්නගේ) ය. මේ කෘතිය ලිංගිකත්වය සහ විවාහය සම්බන්ධයෙන් පැවති වික්ටෝරියානු සදාචාරාකල්ප තදබල ලෙස විවේචනයට ලක් කළේ ය. ඔහුගේ සමයේ පැවති ලිංගිකත්වය පිළිබද නීති සහ සමාජාකල්ප විවිධ මුලාශ්‍රවලින් ගෙන සෑදූ අච්චාරුවක් බවටත්, උපත් පාලනයේ ආගමනය මගින් ලිංගික ක්‍රියාවන් ප්‍රජනනයෙන් වෙන් කිරීමත් සමග එම සදාචාරය තවදුරටත් වලංගු නොවන බවටත් රසල් තර්ක කළේ ය. පවුල දරුවන්ගේ සුබසිද්ධිය ඉතා වැදගත් බවටත්, ඒ අනුව කාන්තාවක් හා පිරිමියෙක් සැබවින් ම එකිනෙකා හා බැදුණු ලෙස සැලකිය යුත්තේ ප්‍රථම දරුඋපතින් පසු බවටත් ඔහු තර්ක කළේ ය.<ref>[http://www.time.com/time/magazine/article/0,9171,787544,00.html "Sex Seer"], in ''Time'', November 4, 1929</ref>
 
[[File:MarriageAndMorals.jpg|thumb|First edition of ''[[Marriage and Morals]]'', published in 1929.]]
 
Marriage and Morals කෘතිය පළ වී කෙටිකලකට පසු ව ම රසල්ට එරෙහි ව දැවැන්ත උද්ඝෝෂණ සහ හෙළා දැකීම් ඇති කිරීමට සමත් විය.<ref name=SexEdPioneers>{{cite web|title=Pioneers of Sex Education |url=http://www2.hu-berlin.de/sexology/ATLAS_EN/html/pioneers_of_sex_education.html |author=Haeberle, Erwin J. |year=1983 |accessdate=2008-02-17 |publisher=The Continuum Publishing Company |deadurl=yes |archiveurl=https://web.archive.org/web/20080313020717/http://www2.hu-berlin.de:80/sexology/ATLAS_EN/html/pioneers_of_sex_education.html |archivedate=13 March 2008 |df=dmy }}</ref> ඉන් දශකයකට පසු, නිව්යෝක්හි සිටි කොලීජියේ ඔහුගේ මහාචාර්ය ධුරය අහිමි කිරීමට පොත සමත් විය. ඒ ඔහු අධ්‍යාපනය ලබාදීමට නුසුදුසු සදාචාරයකින් හෙබි අයකු (morally unfit to teach) බවට ඔහුගේ අදහස් ඔහු ව පත්කර ඇති බව පවසමින් පොත සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ තීන්දුවක් නිසා ය.<ref name=Denied>{{cite web|title=Appointment Denied: The Inquisition of Bertrand Russell|author=Leberstein, Stephen|url=http://findarticles.com/p/articles/mi_qa3860/is_200111/ai_n9008065|publisher=Academe|date=November–December 2001|accessdate=2008-02-17}}</ref>
Line 127 ⟶ 129:
===ඕස්ට්‍රේලියාව===
 
නිදහස් ආලය කෙරෙහි උද්යෝගය 19වන සියවසේ දී [[ඕස්ට්‍රේලියාව|ඕස්ට්‍රේලියාවට]] ද පැතිරුණි. එංගලන්තයේ උපත ලැබූ අරාජකවාදියකු වූ චමි ෆ්ලෙමිං 1886 දී මෙල්බර්න් අරාජකවාදී සංගමය පිහිටුවූ අතර නිදහස් ආලය ගැන එමගින් විවාදයක් ඇති කළ අතර වසර දෙකකින් පසු 'Free Love—Explained and Defended' මැයෙන් ඒ පිළිබද ව නිර්නාමික ලියවිල්ලක් ද පළකෙරුණි. මෙය බොහෝවිට ඩේවිඩ් අන්ද්‍රාදි හෝ චමි ෆ්ලෙමිං විසින් රචනා කෙරෙන්නට ඇත.
 
අරාජකවාදී සමාජයේ මතවාදය හැඩගැස්වීමට කුප්‍රකට [[ජැක් ද රිපර්|ජැක් ද රිපර්ගේ]] වයිට්චැපල් ඝාතන ද හේතු විය. ඔහුගේ කුරිරු ක්‍රියාවන් එකල ඇතමකු වෙතින්, අඩු තරමේ අරාජකවාදීන් වෙතින්වත් හදුනා ගැනුණේ කම්කරු පංතියේ ඇතැම් ආන්තික ප්‍රජාවන්ට අයත් කාන්තාවන්ගේ නිදහස අහිමි කිරීමක් ලෙස නොව සියලු ම කාන්තාවන්ගේ නිදහස බිදවැටීමක් ලෙස ය.
 
නිව්කාසල්හි විසූ නිදහස්කාමිනියක වූ ඇලිස් වින්ස්පෙයා, එනම් පුරෝගාමී සමාජවාදී විලියම් රොබර්ට් වින්ස්පෙයාගේ බිරිද, මෙසේ රචනා කළා ය. "අපි නිදහස ලබාගන්නෙමු. ස්ත්‍රී-පුරුෂ දෙපිරිසට ම නිදහස ලබා ගනිමු. අපේ ආහාර වේල අප කැමති අපට ගැලපෙන ඕනෑම වෘත්තියකින් උපයා ගැනීමටත්, අප කැමති ඕනෑම අයකුට ආලය කිරීමත්, අප ආලය කරන සහ පෙරළා අපට ආලය කරන පුද්ගලයන් සමග වාසය කිරීමටත් නිදහස අපේක්ෂා කරමු.” දශක දෙකකට පසු මෙල්බර්න්හි විසූ අරාජකවාදී ස්ත්‍රීවාදී කිවිදියක වූ ලෙස්බියා හාර්ෆෝඩ් ද නිදහස් ආලය උත්කර්ෂයට නැංවූවා ය.
Line 135 ⟶ 137:
===ප්‍රංශය===
 
[[File:Emilearmand01.jpg|right|thumb|130px|[[Émile Armand]]]]
 
[[ප්‍රංශය|ප්‍රංශයේ]] මොන්මාත්‍රෙ (Montmatre) සහ මොන්පර්නාසෙ (Montparnasse) යන බොහීමියානු දිස්ත්‍රික්කවල සිටි බොහෝදෙනා කාලීන සමාජයේ වූ මධ්‍යයම පාංතික සංවේදීතාවයන් කම්පනයට පත්කිරීමට අදිටන් කරගෙන සිටියහ. අරාජකවාදී බෙනුආ බෝෂෝ (Benoît Broutchoux) වැනි බොහෝ දෙනා නිදහස් ආලය ප්‍රිය කළහ. මෙ සමයේ ම සිටි විරුද්ධ ලිංගික ඇදුම් ඇදි ක්‍රියාකාරිනියක වූ මැදලින් පෙලෙචියේ (Madeleine Pelletier) බ්‍රහ්මචාරීත්වය අනුව ජීවත් වෙමින් උපත් පාලන උපකරණ බෙදාහැරීම සහ දැනුවත් කිරීමත් ගබ්සා සිදුකිරීමත් සිදු කළා ය.
 
නිදහස් ආලයේ වැදගත් ප්‍රචාරකයකු වූයේ පුද්ගල අරාජකවාදී ඒමිල් ආර්මන් (Émile Armand) ය. හෙතෙම තමන් විසින්laවිසින් la camaraderie amoureuse (ආදරණීයයන්ගේ සංගමය) ලෙස හදුන්වන්නට යෙදුණු සංකල්පය තුළ සමාජ නිරුවත සහ බහුප්‍රේම සබදතාවන් පෙනුවෙන් පෙනී සිටියේ ය.<ref name="armand">[http://www.iisg.nl/womhist/manfreuk.pdf "Emile Armand and la camaraderie amourouse – Revolutionary sexualism and the struggle against jealousy." by Francis Rousin] Retrieved 10 June 2010</ref> 1907 දී ලියූ "De la liberté sexuelle" වැනි බොහෝ ප්‍රචාරක ලිපි ඔහු ඒ වෙනුවෙන් රචනා කළ අතර මෙම ලිපියේ දී ඔහු නොපැහැදිලි නිදහස් ආලයක් වෙනුවෙන් පමණක් නොව සැබවින් ම ලිංගික සහකරුවන් රැසක් තබාගැනීම වෙනුවෙන් පෙනී සිටියේ ය. ඔහු මෙය හැදින්වූයේ බහුප්‍රේමය (plural love) යනුවෙනි.<ref name="armand" /> පුද්ගල අරාජකවාදී සගරාවක් වූ L'en dehors (පිටත) හි ඔහු සහ තවත් අය මෙලෙස ලිපි පළ කළහ. නිදහස් ආලය ව්‍යාපාරයේ සහය දක්වන්නන්ගේ සම්ප්‍රදායික අදහස්වලින් කිහිප ආකාරයකින් ම වෙනස් වූ විප්ලවවාදී ලිංගිකවාදය සහ ආදර සංගමයට පක්ෂ ව සිය න්‍යායන් ගොඩනගන්නට ආමන් මේ අවස්ථාව යොදා ගත්තේ ය.
 
පුද්ගලවාදී කෝණයකින් බලන කළ යමකු සමග දැඩි මානසික බැදීමක් නැති ව වුවත් යම් තැනැත්තියක සිය කැමැත්තෙන් ලිංගික ව එක්වීම අපවාදයට ලක් විය යුතු මැඩ පවත්වා ගත යුතු ආශාවක් ලෙස නොසැලකිය යුතු බව පසු කාලීන ව ඔහු පැවසුවේ ය.<ref name="armand"/>
 
ආදර සංගමය ප්‍රවාදය සංගමයට අයත් ඕනෑම ලිංගයකට අයත් පුද්ගල අරාජකවාදීන් අතර, ප්‍රතික්ෂේපය, භේදය, බැහැර කිරීම, හිමිවීම, ඒකත්වය, වශීකරගැනීම, ක්ෂණික ආවේග, චාටුබව, අන්‍යයන් පිළිබද නොසැලකීම සහ ගණිකාකරණය වැනි ආදර අත්දැකීමේ අවදානම්වලින් අනෙක් පාර්ශ්වයන් ආරක්ෂා කරගැනීම මුල්කරගත් දෘෂ්ටියක් මත ලිංගික ස්වස්ථතාවය පිළිබද නිසි ප්‍රමිතීන්ට අනුගත වීමට අවශ්‍ය කොන්දේසිවලට යටත් ව ඇතිකරගන්නා ඕනෑම අවස්ථාවක දී පූර්ව එකගතාවය අනුව පෙර දැනුම් දීමකින් තොර ව අවලංගු කළ හැකි නිදහස් ගිවිසුම්ගතවීමක් අදහස් කරන බව ඔහු පැවසුවේ ය.<ref name="armand"/> ඔහු Le Combat contre la jalousie et le sexualisme révolutionnaire (The fight against jealousy and revolutionary sexualism) – 1926 ද, ඉන් වසර කීපයකින් පසු Ce que nous entendons par liberté de l'amour (ආලයේ නිදහස යන්නෙන් අප අදහස් කරන්නේ කුමක් ද?) – 1928 ද, La Camaraderie amoureuse ou "chiennerie sexuelle" (ආදරයේ සංගමය හෙවත් sexual bitchiness) -1930 සහ අවසන් වශයෙන් ලිංගිකත්වය පිළිබද ඔහුගේ ලියවිලි විශාල වශයෙන් සංග්‍රහ කරගත් පිටු 350කින් පමණ සමන්විත වූ කෘතියක් වූ La Révolution sexuelle et la camaraderie amoureuse (ලිංගික විප්ලවය සහ රොමෑන්තික සංගමය) – 1934 ද යන ලියවිලි පළ කළේ ය.<ref name="armand"/> 1937 දී ලියූ රචනාවක ඔහු පුද්ගලවාදී අරමුණු අතරින් එකක් වශයෙන් විෂමලිංගික, සමලිංගික, උභයලිංගික යන සියලුම ආකාරයේ, හුදෙක් ම ලිංගිකමය සබදතාවයන් සදහා ස්වේච්ඡා සංගමයන් පිහිටුවීම සදහන් කරයි.
 
ඔහු පුද්ගලයන්ට සිය ජීවවිද්‍යාත්මක ලිංගය වෙනස් කරගැනීමට ඇති අයිතිය වෙනුවෙන් ද පෙනී සිටි අතර තහනම් විනෝදයන්, සාම්ප්‍රදායික නොවන උත්තේජනයන් (non conformist caresses) සහ පුරුෂයන් අතර සමලිංගික ක්‍රියාකාරකම් ද යථා තත්ත්වයට ගෙන ඒමට (ඔහු පෞද්ගලික වශයෙන්, [[නැරඹුම්කාමය|නැරඹුම්කාමයට]] නැඹුරු වූවකු විය.) ඔහුගේ ඇති ආශාව ප්‍රකාශ කර සිටියේ ය. ඔහු විසින් ලිංගික නිර්-ගතානුගතිකත්වය (non-conformist caresses) ශාරීරික ප්‍රචණ්ඩත්වය මගහරිමින් යනුවෙන් ඔහු විසින් හදුන්වන්නට යෙදුණු දෙය වෙනුවෙන් වැඩි වැඩියෙන් කැපවීමට මෙය ඔහු ව යොමු කළේ ය.<ref name="armand" /> ඔහුගේ සටන්කාමී කාර්යභාරයට, ඇලෙක්සැන්ද්‍රා කොලොන්තායි සහ [[විල්හෙල්ම් රයික්]] වැනි අයගේ ලියවිලි පරිවර්තනය කිරීම මෙන් ම සැබෑ ලිංගික අත්දැකීම්වලින් ආදර සංගමය සංකල්පය භාවිතාවේ යෙදවූ නිදහස් ආලය සංගම් පිහිටුවීම ද ඇතුළත් විය.
 
මේ සමයේ ක්‍රියාකාරී ව සිටි නිදහස් ආලය කණ්ඩායම් අතරට Association d'Études sexologiques (ලිංගිකවිද්‍යා අධ්‍යයන සදහා වූ සංගමය) සහ Ligue mondiale pour la Réforme sexuelle sur une base scientifique (විද්‍යාත්මක පදනමක් මත ලිංගික ප්‍රතිසංස්කරණ කිරීම සදහා වූ ගෝලීය ලීගය) අයත් විය.<ref name="armand"/>
Line 149 ⟶ 153:
===ජර්මනිය===
 
[[File:Lily Braun.jpg|right|thumb|150px|[[Lily Braun]]]]
1891 සිට 1919 දක්වා [[ජර්මනිය|ජර්මනියේ]] Verband Fortschrittlicher Frauenvereine (ප්‍රගතිශීලී කාන්තාවන්ගේ සංගමයන්හි ලීගය) විසින් විවාහය වර්ජනය කරන ලෙසත් ලිංගිකත්වය නිදහසේ වින්දනය කරන ලෙස ඉල්ලා සිටින ලදී. ලිලී බ්‍රවුන් සහ මිනා කවුවර් විසින් පිහිටුවන ලද මෙම ලීගය ලිංගික සේවා සපයන්නියන් ව වෘත්තීය සංගම් ලෙස සංවිධානගත කිරීමටත් උපත් පාලන ක්‍රම ඉගැන්වීමටත් අරමුණු කළ අතර ගබ්සා කිරීමේ අයිතිය වෙනුවෙන් සහ සමලිංගිකත්වය අපරාධ වරදක් කළ නීති අහෝසි කිරීම වෙනුවෙනුත් පෙනී සිටියේ ය. එමෙන් ම අවිවාහක මව්වරුන් වෙනුවෙන් දරුවන් රැකබලා ගැනීමේ සේවා ද ඔවුන් විසින් පවත්වා ගෙන යන ලදී. 1897 දී ගුරුවරියක සහ ලේඛිකාවක වූ එමා ට්‍රොසේ Ist freie Liebe Sittenlosigkeit? ("නිදහස් ආලය සදාචාර විරෝධී ද?") මැයෙන් පත්‍රිකාවක් ද පළ කළා ය.
 
ලෝක ව්‍යාප්ත සමලිංගික විමුක්ති ව්‍යාපාරය ද 19වන සියවස අග භාගයේ ජර්මනියේ ඇරඹුණු අතර [[සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්]], [[ඔටෝ ග්‍රොස්]], හර්බර්ට් මාර්කස්, [[විල්හෙල්ම් රයික්]] සහ මැක්ස් ස්ට්‍රිනර්ගේ අනුගාමික සහ චරිතාපදාන රචක ජෝන් හෙන්රි මැකේ වැනි ලිංගික නිදහස්කාමී ව්‍යාපාරයට ආභාෂය ලබා දුන් බොහෝ චින්තකයෝ ද ජර්මන්-භාෂීය ලෝකයෙන් බිහි වූවෝ වූහ.
 
===සෝවියට් සමූහාණ්ඩුව===
 
[[රුසියාව|රුසියාවේ]] [[රුසියානු විප්ලවය|ඔක්තෝම්බර් විප්ලවයෙන්]] පසු ඇලෙක්සැන්ඩර්ඇලෙක්සැන්ඩ්‍රා කොලොන්තායි සෝවියට් පරිපාලනයේ වඩාත් ම කැපී පෙනුණ කාන්තාව බවට පත් වූවා ය. කොලොන්තායි ද නිදහස් ආලය ව්‍යාපාරයේ පෙරමුණේ සිටි නායිකාවක වූවා ය. කෙසේනමුත් [[ව්ලැඩිමියර් ලෙනින්|ලෙනින්]] එය මුලුමනින් ම [[මාක්ස්වාදය|මාක්ස්]]-විරෝධී බවත් එමෙන් ම සමාජ-විරෝධී ද වන බවටත් පවසමින් නිදහස් ආලය ව්‍යාපාරයට එරෙහි වූ බව [[ක්ලාරා සෙට්කින්]] වාර්තා කර තිබේ. <ref>Zetkin, Clara, 1934, ''Lenin on the Woman Question,'' New York: International , p.7. Published in ''Reminiscences of Lenin.''<br>A more extensive quote from Lenin follows: "It seems to me that this superabundance of sex theories [...] springs from the desire to justify one's own abnormal or excessive sex life before bourgeois morality and to plead for tolerance towards oneself. This veiled respect for bourgeois morality is as repugnant to me as rooting about in all that bears on sex. No matter how rebellious and revolutionary it may be made to appear, it is in the final analysis thoroughly bourgeois. It is, mainly, a hobby of the intellectuals and of the sections nearest to them. There is no place for it in the party, in the class-conscious, fighting proletariat.”</ref> හැම්බර්ග්හි ලිංගික සේවා සපයන්නියන් විශේෂ විප්ලවවාදී බලඇණියක් ලෙස සංවිධානගත කිරීමේ සැලසුම් දූෂිත සහ පිරිහුණු ක්‍රියාවක් ලෙස සලකමින් ලෙනින් එයට විරුද්ධ වූ ආකාරය ඇය ගෙනහැර දක්වයි.
 
ලෙනින් සහ සෙසු [[බොල්ෂෙවික|බොල්ෂෙවික්]] පාක්ෂිකයන් සම්ප්‍රදායික විවාහ ජීවිත ගත කළ අය වුවත් ලිංගික සබදතා රාජ්‍ය බලපෑම්වලට ලක් නොවිය යුතු බව ඔවුහු විශ්වාස කළහ. පෞද්ගලික ජීවිතයට සීමා පනවමින් සමලිංගිකත්වය තහනම් කළ සහ කාන්තාවන්ට දික්කසාද ලබාගැනීම සහ තනි ව ජීවත් වීම දුෂ්කර කළා වූ සියවස් ගණන් පැරණි [[සාර් රජු|සාර්]] රෙගුලාසි [[සෝවියට් සංගමය|සෝවියට් සමූහාණ්ඩුව]] විසින් අහෝසි කෙරුණි.
 
කෙසේනමුත් 1920 දී [[ජෝෂප් ස්ටාලින්|ස්ටාලින්]] [[කොමියුනිස්ට් වාදය|කොමියුනිස්ට්]] පක්ෂයේ බලය ලබාගැනීමත් සමග යළි ගතානුගතික සමාජ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම ඇරඹුණි. සමලිංගිකත්වය [[මානසික රෝග|මානසික රෝගයක්]] ලෙස නම් කෙරුණු අතර නිදහස් ආලය ව්‍යාපාරය ද විනාශකාරී ලෙස චිත්‍රණය කෙරුණි.
 
==ආශ්‍රිත නාමාවලිය==
"https://si.wikipedia.org/wiki/නිදහස්_ආලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි