"පළමුවැනි රාජසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'පළමුවන රාජසිංහ නැතහොත් සීතාවක රාජසිංහ යනු ඈත අතීතයේ දී සිංහලයේ අනාගතය යහපත් කිරීම ඒ උදෙසා තම දිවි පරදුවට තබා කටයුතු කළ වීරෝදාර රජතුමෙකි. මෙතුමා ගේ පියා වූයේ 1521...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සංස්කරණය
ටැගය: New redirect
1 පේළිය:
#යළියොමුව[[පළමුවන රාජසිංහ රජ]]
පළමුවන රාජසිංහ නැතහොත් සීතාවක රාජසිංහ යනු ඈත අතීතයේ දී සිංහලයේ අනාගතය යහපත් කිරීම ඒ උදෙසා තම දිවි පරදුවට තබා කටයුතු කළ වීරෝදාර රජතුමෙකි. මෙතුමා ගේ පියා වූයේ 1521 සිට 1581 දක්වා රාජ්‍යත්වයේ සිටි සීතාවක මායාදුන්නේ රජතුමා වූ අතර මව සුමනා දේවිය විය. මෙතුමා 1532දී ටිකිරි රජ්ජුරු බණ්ඩාර රාජසිංහ නමින් උපන්නේය.මෙතුමා කුඩා කල සිටම සෑම සටන් ක්‍රමයක් ම පාහේ හොඳින් ප්‍රගුණ කළේය.මෙතුමා අශ්වයකුගේ මතින් තවත් අශ්වයකුගේ මතට පැනීම ප්‍රගුණ කළේ වයස අවුරුදු 11දීය. මායාදුන්නේ රජතුමා 1581දී වසර 77ක් ආයු වළඳා මිය ගියේය.පළමු වන රාජසිංහ රජතුමා විවාහ වූයේ ද දොඩම්පෙ ගෙයි මල්වතී දේවිය සමග ය. මේ දෙදෙනාගේ දරුවන් වූයේ ධර්ම කුමරු හා මහ බිසෝ බණ්ඩාර  කුමරියයි. මේ අතරින් ධර්ම කුමරුන් ව දෙවනගල රතනාලංකාර සාමි විසින් මර වන ලදී .මෙ තුමා 1982දී පෘතුගීසීන්ට පක්ෂග්‍රාහීව කටයුතු කළ කරලියද්දේ බණ්ඩාර රජු ව පලවා හැර උඩරට රජ වූයේය. පසුව වීරසුන්දර බණ්ඩාර මුදලි ට ඔව් වලගම වට්ටාරම දෙන බව කියා බොරු වළක හෙළීම නිසා  වීරසුන්දර බණ්ඩාරගේ පුතු වූ කොනප්පු බණ්ඩාර මෙ තුමා සමග විරසක විය. 1562 අගෝස්තු විසි තුන්වන දින පහන් වීමට හෝරා දෙකක් තිබියදී මුල්ලේරියා සංග්‍රාමය ආරම්භ විය. මුල්ලේරියා වෙලෙහි වතුර පරංගීන් 1600 ක ලෙයින් රත් පැහැ වූ බව සදහන් වේ. මෙතුමා 1581 දී රාජ්‍යත්වයට පත් වූ අතර ඉන් පසු කළෙක අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් නම් හින්දු පූජකයා ගේ මුසා බසට රැවටී මෙතුමා හින්දු දහම වැළඳ ගත්තේය. ඉන්පසු මොහු වෙහෙර විහාර වැනසූ අතර භික්ෂූන් වහන්සේලා හැට ඈදුත්තක් (120) දෙදෙනා බැගින් බැඳ කනාමැදිරියා වළ නම් නාන තොටුපලේ ගිල්වා මැරවූ  අතර මෙම ස්ථානය අදටත් බැරැන්ඩි කෝවිලට පහලින් දැකගත හැකිය.කෙසේඒ කෙසේ වෙතත් 1593 දී කොනප්පු බණ්ඩාර අතින් පැරදුණු රාජසිංහ රජතුමා පෙතංගොඩ උයනේදී  උණ කටුවක් ඇනුණු බවත් එයට දොඩම්පේ ගණිතයා (එකල ගණිතයා යැයි පැවසුවේ නක්ෂත්‍රකරුවන්ට ය) විස බැන්ද නිසා මෙතුමා කැළණි ගඟ මගින් සීතාවක ට යන අතරතුර කිකිළිබිත්තරවැල්ලේදී මියගිය බව සදහන් වේ. නරක මිනිසුන් අතරත් හොද ගතිගුණ තිබෙන බව පෙන්වා දීමට මෙම අසහාය නායකයා අපට මහඟු ආදර්ශයකි.
"https://si.wikipedia.org/wiki/පළමුවැනි_රාජසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි