"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Added content
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
උඩරට කුල ක්‍රමය සම්බන්ධ වැදගත් කරුනු මෙම ලිපියෙහි දක්වා නොමැති වූ අතර එම දත්ත උඩුගත කරන ලදී
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
55 පේළිය:
==ලංකාවේ කුල වර්ග==
 
සිංහල කුල ක්‍රමය සලකා බලන විට දළ වශයෙන් කුළ වර්ග 15 ක් පමණ දැකිය හැකිය. ඊට අමතරව කුඩා සහ අප්‍රසිද්ධ කුල විවිධ ප්‍රදේශ වල තිබිය හැකිය.පහත දක්වා ඇත්තෙ පහතරට කුල අනුපිළිවෙලයි.නමුදු උඩරට කුල ක්‍රමයේ අනුපිළිවෙල වෙනස් වන අතට එකම සිංහල බ්‍රාහ්මණ වංශිකයෝ වන නවන්දන්නා කුලයේ ප්‍රමුඛ කුලය වන රන්කරුවන් දෙවන තැනට පත් වේ.උඩරට රාජධානි සමයේ ගම්වර හා නින්දගම් ද රාජසභාවේ ඉහල තනතුරු දැරීම හේතුවෙන් නවන්දන්නා කුලයට රදල කුලය මෙන් පිලිගැනීමක් විය.
 
*'''සිංහල සමාජයේ කුල'''
62 පේළිය:
# ගොවිගම කුල - මෙය සිංහල කුල ධූරාවලියේ ප්‍රධාන ස්ථානය ගන්නා අතර ප්‍රධාන වශයෙන් ස්ථර හතරකට බෙදී පවතී.රාජ්‍ය සේවය,ඉඩම් හිමි කෘෂිකාර්මය හා ගව පාලනය කුලයෙහි ප්‍රධාන වෘත්තීන් වේ.සාහිත්‍යය තුල මෙය ගහපති කුලය ලෙස හදුන්වා ඇති අතර විජය රජු හැර ඔහු හා පැමිණි ආර්යයන්ගෙන් උපන් ජනයා ලෙස ඉතිහාසයේ සදහන් වී ඇත.
#නවන්දන්නා කුලය- රිදී, තඹ තල්පත්, තුඩපත් සන්නස් මගින් නින්දගම් කෝරළවල දිසාපති නිලතල, රාජ සභාවේ විවිධ තනතුරු මෙම නොයෙක් ගරු නම්බු, රත්‍රං අභරණ ආදිය කැමති සේ ඇඳ පැලඳීමට මෙන්ම හත් පොටකින් අලංකාර කරන ලද සිරිගෝ මාලය මෙම පරපුරේ ස්ත්‍රීන්ට පමණක් පැලඳීමේ අවසරය ආදිය ලබා දෙමින් සංග්‍රහ කිරීම ඒ ඒ ක්ෂේත්‍රවල අයගේත් කලාවේත් අභිවෘද්ධියට හේතු විය. ගංගාරාම විහාරස්ථානයේ වැඩ නිම කළ ශිල්පියාට වෙනත් තෑගි බෝගවලට අමතර සම්පූර්ණ රජ ඇඳුමක් පවා පරිත්‍යාග කර ඇත. ඒ බව ආනන්ද කුමාරස්වාමි මහතාගේ “මධ්‍යකාලීන සිංහල කලා’ ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ නැතත් රජ ඇඳුම් ඇඳීමට මොවුන්ට අවසර තිබිණි.
#
#
#
 
"ඔවුන්ගේ දිවයින වසර 2360 කට පමණ පෙර නැගනහිර දෙසින් ජනාවාස විය.ඒ ආ පිරිසෙහි රජ හැර ඔහුගේ පිරිවරට ගොවි වංශේ යයි කියයි"-ඩේවී
 
# පහතරට කුල - මේ යටතට පහතරට ප්‍රදේශ වල ගොවිගම කුලයට අමතරව ප්‍රධාන ලෙස ව්‍යාප්ත වී ඇති කරාව සහ සලාගම, දුරාව සහ හුණු කුල ඇතුළත් වේ. ඓතිහාසික ද්රවිඩ සම්භවය යටත් විජිත සමයේ අත්දැකීම් සහ කුල වෘත්තීන්හි ස්වභාවයන් අනුව මේ කුල වල යම් පොදු ලක‍්ෂණ දක්නට ලැබේ. පහත රට කුල සිංහල කුල ක්‍රමයේ මධ්‍ය ස්ථරය වේ.එනමුත් සම්ප්‍රදායික සිංහල කුල ක්‍රමය තුල නොසලකා හැර අැත.
# සේවා කුල - මේ ගනයට අයත් කුල ඉහලරජු කුල වලටසදහා සේවා කිරීමට බැඳී සිටියි. ආචාරීගොවි, නවන්දන්න, හේන/රදා, වහුම්පුර, කුඹල්, දුර, නැකති, බත්ගම කුල මේ යටතට අයත්ය. සිංහල කුල ක්‍රමයේ වැඩවසම් ලක‍්ෂණ වඩාත් ඉස්මතු වන්නේ මේ සේවා කුල වලිනි. රාජකාරී ක්‍රමය මගින් සහ ඉඩම් භුක්ති ක්‍රමය මගින් සේවා කුල ඉහල කුල මත රඳා පැවැත්ම තහවුරු කර තිබුණි. කුල ක්‍රමය මගින් තමන්ට උරුම වී ඇති ශිල්පීය ඥානය හා කුසලතා රැක ගැනීම සහ ප්‍රගුණ කිරීම සේවා කුලයන්ගේ මෙහෙවර ලෙස හඳුනා ගන්නා ලදී.
# සමාජයේ කොන්වීමට ලක් වූ කුල- මේ යටතට කින්නර, ගහල, රොඩී කුල ඇතුලත් කළ හැක. සිංහල සමාජයේ පහත්ම ස්ථරය නියෝජනය වන්නේ මේ කුල වලිනි. සෙසු කුල වල අය සමඟ සමීප ඇසුරුකම් පැවැත්වීමට ඔවුන්ට අවසර නොතිබුණි. (කේ.ටී.සිල්වා, 2005:34,37.)
 
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි