"වෙසක් උත්සවය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ප්‍රතිස්ථාපනය
ටැගය: Manual revert
16 පේළිය:
|frequency =වාර්ෂික
}}
'''වෙසක් උත්සවය''' බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. [[වෙසක් මාසය|වෙසක් මස]] පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයි. වෙසක් දිනය [[ගෞතම බුදුන් වහන්සේ|බුදුන් වහන්සේගේ]] ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි..
 
ඳන්වේ[[ඉන්දියාව|ඉන්දියාවේ]] මහායාන බෞද්ධ සම්ප්‍රදායයන් තුල එම දිනය වෙසක් යන්නට සමාන සංස්කෘත වචනයක් වූ වෛශාඛ යනුවෙන් හැඳන්වේ. වෙසක් යන වචනයද පාලි “විසාඛ” (Visakha) යන වචනයේම සිංහල ස්වරූපයයි. හින්දු චන්ද්‍ර දින දර්ශණයේ දෙවැනි මාසය හැඳන්වෙන්නේ “වෛශාඛ” යනුවෙනි. වෙසක් යන්න හැඳින්වෙන තවත් නම් රාශියකි. ඒවා විශාකා පූජා, බුද්ධ පූර්නිම නැතහොත් බුද්ධ ජයන්ති යනුවෙන් ඉන්දියාවේ, බංගලාදේශයේ සහ නේපාලයේ හැඳින්වෙන අතර තායිලන්තයේ විසාඛ බුචා යනුවෙන්ද වියට්නාමයේ ඵට් ඩාන් (Phat Dan) යනුවෙන්ද හැඳින්වේ. ඉන්දුනිසියාවේ වෛශාඛ්, ශ්‍රී ලංකාවේ සහ මැලෙසියාවේ වෙසක් යනුවෙනි. චීන භාෂාව කථා කරන රටවල ෆො ඩාන් (Fo dan) ටිබෙට් හි “සගා ඩාවා” ද වශයෙනි. මේ හා සමාන උත්සවයක් ලාඕස් හි වික්ශාඛා බුක්ෂා (Vixakha bouxa) නමින් පැවැත්වේ. මියන්මාරයේ එය ක - සොනෙ - ලා - ප්යාඒ (Ka – sone – la – pyae තේරුම කසොනෙ පසළොස්වක යන්නයි) යනුවෙන් නම් කොට ඇත. කසානෙ යනුද මියන්මාර් දින දර්ශනයේ දෙවැනි මාසයයි. ශ්‍රී ලංකාව, මැලේසියාව, මියැන්මාරය, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, ඉන්දුනිසියාව, හොං කොං සහ තායිවානය වැනි බොහෝ ආසියානු රටවල් වල වෙසක් දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයකි.
 
==දිනය==
32 පේළිය:
==වෙසක් උත්සව සම්ප්‍රදායන්==
 
වෙසක් දිනයේ සියලු සැදැහවත් බෞද්ධයින් හිමිදිරි උදෑසන ඔවුන්ගේ විහාරස්ථාන වෙත පැමිණ බෞද්ධ කොඩිmhbrකොඩි ඔසවා බුදුන්, දහම් සඟුන් ගුණ ගායනා කිරිම් වස් ගාථා සජ්ජායනා කළ යුතුය. බැතිමතුන් මල්, හඳුන් කූරු, ඉටිපන්දම් යනාදිය බුදුන් පුදට රැගෙන ආ යුතුය. මෙසේ පූජා කරන ලස්සන මල් මඳ වේලාවකින් වියලි පරවී යයි. ඉටින්දම්, හඳුන්කූරු දැවි අවසානවේ. එසේම ජිවිතයද ජරාවට පත් වී අවසාන වන බව සංකේතවත් කිරීම සඳහා මෙම පූජාවන් පවත්වනු ලැබේ. බැතිමතුන්ට ප්‍රාණ ඝාතයෙන් වැලකි සිටිමටද එදින නිර්මාංශ ආහාර ගැනීමටද නියම කෙරේ. සමහර රටවල් වල විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසක් සැමරිම සඳහා දින දෙකක් වෙන් කර තිබේ. එහි සියලු මත් පැන් අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, මස් වෙළඳ සැල් යනාදිය රජයේ නියෝගයකින් එම දින දෙක තුල වසා තැබේ. කූඩු වල සිර කර ගෙන සිටින කරුල්ලන් වෙනත් සතුන් හා කෘමින් දහස් ගණනින් මුදා හරිනු ලබන්නේ නිදහස සංකේතවත් කිරීම පිණිසයි. සමහර බෞද්ධ බැතිමත්හු සුදු වස්ත්‍රයෙන් සැරසි අටසිල් සමාදන් වී ඒවා ආරක්ෂා කරමින් මුලු දවස පුරා විහාරස්තානයන්ගේ ගත කරති.
 
ඇතැම් බැතිමත්හු බෞද්ධ ඉගැන්වීම් වලට අනුව අටසිල් සමාදන්ව දෛනිකව ඒවා සුරකිමින් ධාර්මිකව කල් ගත කිරීමට කැප වෙති. කෙසේ වෙතත් ඔව්හු පසළොස්වක සහ අමාවක දිනයන් වැනි විශේෂ දිනයන්හි අතිරේක ශික්ෂාවන් සමාදන් වෙමින් නිහතමානි බව, අල්පේච්ඡතාවය, සදාචාරය සුරැකීම සඳහා ශික්ෂණයක් ලබති.
67 පේළිය:
 
{{පසළොස්වක පොහොය ශීර්ෂකය‎}}
 
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/වෙසක්_උත්සවය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි