"ජල චක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 162.196.142.177 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 112.134.44.80 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
112.134.44.80 මගින් සිදුකල 448212 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
1 පේළිය:
[[ගොනුව:ජල චක්‍රය.jpg|thumb|'''ජල චක්‍රය''']]
# ල චක්‍රය.jpg|thumb|'''ජල චක්‍රය''']]
[[Image: Water_cycle.png |thumb|alt=tiny globe| ජල චක්‍රය ]]
ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සුර්යයා සාගරයේ ජලය උණුසුම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා උත්ස්වේදනයෙන් ලැබුණු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවූ ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. මෙම ජල වාෂ්ප ඉහළ අහසේදී සිසිල් උෂ්ණත්වය නිසා වළාකුළු බවට ඝනීභවනය වේ. වායුධාරා මඟින් වළාකුළු ලෝකය වටා සංසරණය වන අතර වළා අංශු ඝටනය වී, වර්ධනය වී වර්ෂාපතනය ලෙස අහසින් ලැබේ. මෙයින් කොටසක් හිම ලෙස ලැබෙන අතර ඒවා හිම වැස්ම හා ග්ලැසියර් ආකාරයට පත්ව වර්ෂ දහස් ගණනක් මිදුණු ජලය ගබඩා කර තබා ගනියි. වසන්ත සෘතුව වැනි උණුසුම් දේශගුණයේදී හිම දියවී ජලය ගොඩබිම මත ගලායයි. වර්ෂාපතනයෙන් වැඩි කොටසක් නැවතත් සාගරයට හෝ ගොඩබිමට එක්වන අතර ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ගොඩබිම මතින් අතිරික්තය ගලා යයි. මෙම අතිරික්තයෙන් කොටසක් නිම්න වල පවතින ගංගාවලට ගලා යන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය දෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවීම් නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගාවකට ගලා නොයයි. එයින් සමහරක් පොළොව තුළට කාන්දුවේ. මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවයි. මෙම ජලධර නැවුම් ජලය අති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ රඳවා ගනියි. කාන්දුවීමෙන් කොටසක් පෘථිවියේ පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ හිඩැසක් තුළින් උල්පත් ලෙස මතුවේ. එමඟින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ.
"https://si.wikipedia.org/wiki/ජල_චක්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි