"ගණිතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
14 පේළිය:
 
== ඉතිහාසය ==
{{ප්‍රධාන|ගණිතයේ ඉතිහාසය}}
 
ගණිතයෙහි විකාසනය නිමක් නොමැති වියුක්තීකරණ මාලාවක් ලෙස හෝ විෂය කරුණුවල සිදුවන පුළුල් වීමක් ලෙස හෝ දැකිය හැකි ය. මුල් වියුක්තීකරණය ලෙස සංඛ්‍යා හැඳින්විය හැකි ය.ඇපල් ගෙඩි දෙකක් හා දොඩම් ගෙඩි දෙකක් අතර යම් පොදු ලක්ෂණයක් ඇති බව, එනම් ඒ දෙකම එක් මිනි‍සකුගේ දෑතට ගත හැකි බව, වටහා ගැනීම‍ට හැකිවීම මිනි‍ස් චින්තනයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි.
 
27 පේළිය:
ගණන් කිරීම, ගණනය කිරීම, මැනීම සහ භෞතික වස්තූන්ගේ හැඩ සහ චලන පිළිබඳ විධිමත් අධ්‍යයනයේ සිට අමූර්තනය සහ තර්කානුකූල හේතු දැක්වීම ඔස්සේ ගණිතය පරිණාමයට ලක් විය. තනි තනිව හෝ සමූහ වශයෙන් ගත්ත ද මුලික ගණිත දැනුම භාවිතය සැමවිට පුද්ගල ජීවිත හා බද්ධ වී පැවතුණි. පුරාණ ඊජිප්තු, මෙසපොතේමියානු, ඉන්දියානු, චීන, ග්‍රීක හා ඉස්ලාම් ශිෂ්ටාචාරවලට අයත් ග්‍රන්ථවල මූලික ගණිතමය සංකල්ප වඩාත් පැහැදිලි ආකාරයට සටහන් කර තිබෙනු දැකිය හැක. අශිථිල තර්කනය, මුල්වරට දැකිය හැකි වන්නේ ග්‍රික ශිෂ්ටාචාරය ආශ්‍රිතව වන අතර මේ අතරින් යුක්ලීඩ්ගේ “Elements” ග්‍රන්ථය ප්‍රමුඛ වේ. වර්තමාන‍ය දක්වා පැවත එන පරිදි පර්යේෂණ සීඝ්‍රතාව ඉහල නංවමින් 16 වැනි සියවසට අයත් පුනරුද සමයේ දී ගණිතමය නව සොයා ගැනීම් සහ විද්‍යාත්මක සොයා ගැනීම් අන්තර් ක්‍රියා කරන තුරුම ගණිතයේ ප්‍රගමනය කඩින් කඩ වූ තත්වයෙන් සිදු විය.
වර්තමාන ලෝකයේ ස්වභාව විද්‍යාව, ඉංජ‍ිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ ආර්ථික විද්‍යාව වැනි සමාජ විද්‍යාවන් ආදී බොහෝ ක්ෂේත්‍රවල ගණිතය භාවිතා වේ. මෙසේ ක්ෂේත්‍රයේ භාවිතා වන ගණිත කොටස් ව්‍යවහාරික ගණිතයට අයත් වන අතර එහි දී ගණිතමය නව සොයා ගැනීම් ප්‍රායෝගිකව භාවිතා වන අතරම ප්‍රායෝගික භාවිතයන් හේතුවෙන් ගනිතමය නව සොයා ගැනීම් ඇතිව අවස්ථා ද තිබේ. ඇතැම් විට ව්‍යවහාරික ගණිතය ඔස්සේ මුළුමනින්ම අළුත් විෂය පථයන් ඇති වීම ද සිදු වේ. මේ හැරුණු විට කිසිදු ප්‍රායෝගික භාවිතයක් ඉලක්ක කර නොගෙන ගණිතමය හේතු නිසාම ගණිතමය පර්යේෂණ සිදු කරන ගණිත ක්ෂේත්‍රයක් ද පවතින අතර එය ශුද්ධ ගණිතය නම් වේ. නමුත් බොහෝ විට කිසිදු ප්‍රායෝගික භාවිතයක් ඉලක්ක කර නොගෙන සිදු කරන ශුද්ධ ගණිතමය අධ්‍යයනයන්ට අදාල ප්‍රායෝගික යෙදුම් කල් ගතවෙත්ම භාවිතයට පැමිණෙනු දැකගත හැක.
 
 
== ගණිතය විද්‍යාවක් ලෙසින් ==
"https://si.wikipedia.org/wiki/ගණිතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි