"ඉහළ මධ්‍යතන යුග තුල එංගලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
3 පේළිය:
{{එංගලන්ත ඉතිහාසයෙහි කාලපරිච්ඡේද }}
'''ඉහළ මධ්‍යතන යුගයන්හී එංගලන්තය''' සමන්විත වන්නේ 1066 වසරෙහි සිදුවූ [[එංගලන්තයෙහි නෝර්මන් ආක්‍රමණය |නෝර්මන් ආක්‍රමණය]] සහ [[එංගලන්තයෙහි ඔන්ජුවියානු රජුන්]] අතරින් අවසානයා ලෙසින් සමහරුන් විසින් සැලකෙන [[ජෝන්, එංගලන්තයෙහි රජ |ජෝන් රජු]] 1216 වසරෙහිදී මිය යෑම අතර කාලපරිච්ඡේදය වෙයි. විවිදයට පාත්‍රවූ අනුප්‍රාප්තියක් සහ [[හේස්ටිංස් සටන|හේස්ටිංස් සටනෙහි]] විජයග්‍රහණය වෙතින් 1066 වසරෙහිදී [[විලියම් ද කොන්කරර් |නෝර්මැන්ඩියෙහි විලියම්]] විසින් එංගලන්තය යටත් කර ගැනුම සිදුවිය. මෙය විසින් එංගලන්තයෙහි කිරීටය සහ ප්‍රංශයෙහි දේපල සම්බන්ධ කරනු ලැබුණු අතර, ඉඩම් පාලනය, රජය සහ ආගමික සභාව මත බලපැවැත්වුනු නව රදළ පැලැන්තියක් රට තුලට එක් කෙරිණි. මොවුන් විසින් ප්‍රංශ භාෂාව ගෙන එන ලද අතර, මාළිගා පද්ධතියක් තුලින් සහ ඉඩම් පාලනය සඳහා [[වැඩවසම් ක්‍රමය|වැඩවසම්]] ක්‍රමයක් එක් කිරීම තුලින්, ඔවුන්ගේ පාලනය සිදු කරන ලදි. 1087 වසරෙහිදී විලියම්ගේ මරණය සිදුවන විට, එංගලන්තය විසින් වංශාධිපතීන් විසින් පාලනය කෙරුණු එංගලන්තයෙහි, නොර්මන්ඩියෙහි සහ වේල්සයෙහි ඉඩකඩම් වලින් සමන්විත [[ඇංග්ලෝ-නොර්මානුවන්|ඇංග්ලෝ-නොර්මන්]] අධිරාජ්‍යයක විශාල කොටසක් සංස්ථාපන කර තිබුණි. විලියම්ගේ පුතුන් විසින් ඔහුගේ ඉඩකඩම් අනුප්‍රාප්ති හිමිකම පිළිබඳ ප්‍රශ්න ඇතිතරගත් අතර, එංගලන්තයෙහි සහ නෝර්මන්ඩියෙහි බොහෝ කොටස් වල පාලකයා ලෙසින් [[එංගලන්තයෙහි දෙවන විලියම් රජ |දෙවන විලියම් රජු]] ඉස්මතු විය. 1100 වසරෙහිදී වූ ඔහුගේ මරණයෙහිදී ඔහුගේ බාල සොහොයුරු [[එංගලන්තයෙහි පළමුවන හෙන්රි රජ | පළමුවන හෙන්රි රජු]] ලෙසින් සිහසුනට හිමිකම් කී අතර, ඔහුගේ සොහොයුරු [[රොබට් කර්ටෝස්|රොබට්]] පරාජය කලේ එංගලන්තය සහ නෝර්මැන්ඩිය යලි එක්සත් කරනු පිණිසය. හෙන්රි ක්‍රෑර වුවත් කාර්යසාධක රජෙක් වූ අතර, ඔහුගේ එකම පිරිමි උරුමක්කාරයා වූ [[විලියම් ඇඩලින්]] ''[[වයිට් ෂිප්]]'' ව්‍යසනයෙහිදී මිය යෑමට පසුව, ඔහු විසින් ඔහුගේ බැරන්වරුන් කැමති කරවාගෙන ඇත්තේ ඔහුගේ දියණිය [[මැටිල්ඩා අධිරාජණියය |මැටිල්ඩා]] උරුමක්කාරිය ලෙසින් පිළිගන්නා බවටය. 1135 වසරෙහිදී හෙන්රි රජු මිය ගිය විට, මැටිල්ඩාගේ ඥාති සොහොයුරු [[ස්ටීවන්, එංගලන්තයෙහි රජ |බ්ලූවා හී ස්ටීවන්]] සිදුකලේ තමා රජු බවට ප්‍රකාශයට පත් කරවා ගැනීම වන අතර, [[දි ආනකි]] නම්වූ සිවිල් යුද්ධයට මං පෑදීය. අත්‍යන්තයෙහිදී ස්ටීවන් විසින් මැටිල්ඩාගේ පුතු [[එංගලන්තයෙහි දෙවන හෙන්රි රජ |හෙන්රි]] ඔහුගේ උරුමක්කාරයා ලෙසින් පිළිගත් අතර, 1154 වසරෙහිදී ස්ටීවන් මිය ගිය විට, දෙවන හෙන්රි ලෙසින් ඔහු අනුප්‍රාප්තිය ලැබීය.
 
එංගලන්තයෙහි පළමුවන ඔන්ජුවියානු රජු ලෙසින් සැලකෙන හෙන්රි රජ, ප්‍රංශයෙහි ඉමහත් දේපළ සහිත වූ අතර වේල්සය, ස්කොට්ලන්තය සහ අයර්ලන්තය මත තම ආධිපත්‍යය පැතිරවීය.
"https://si.wikipedia.org/wiki/ඉහළ_මධ්‍යතන_යුග_තුල_එංගලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි