"ක්ෂුද්‍ර ජීවීන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 217.78.0.101 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 112.134.23.79 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
ක්ෂුද්‍ර ජීවීන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් තැනී ඇති පියවි ඇසට නොපෙනෙන මෙන් ම මිනිසා හට ජීවත් විය නොහැකි විවිධ ආන්තික පරිසරවල ජීවත් වන ඉතා කුඩා ජීවීන් කොට්ඨාසයකි.මෙම ක්ෂුද්‍ර ජීවීන් අතරින් මිනිසාට,සත්ත්වයන්ට මෙන් ම ශාකවලට ද හිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින අතර අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ද වෙයි.මෙම ක්ෂුද්‍ර ජීවීන් ගිනි කඳු,සාගර පතුල,හිම කඳු,ලවණ වගුරු,උණු දිය උල්පත් හා කාන්තාර වැනි මිනිසාට ජීවත් වීමට නොහැකි ආන්තික පරිසරවල ජීවත් වෙයි.බැක්ටීරියා/ඇතැම් ඇල්ගී/දිලීර වර්ග/ඇමීබා/යීස්ට්/පැරමීසියමී/එවුග්ලිනා සහ ක්ලැමිඩොමොනාස් වැනි නම්වලින් ක්ෂුද්‍ර ජීවීන් කිහිප දෙනෙකු හැඳිනගත හැකි ය.මෙවැනි ක්ෂුද්‍ර ජීවීන් අතරින් වෛරස් නම් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය සුවිශේෂී වෙයි.ඒ මන්ද කිවහොත් මෙම වෛරස ජීවී මෙන් ම අජීවී ලක්ෂණ ද පෙන්වන අතර මොවුන් ප්‍රමාණයෙන් ඉතා කුඩා බැවින් මේ වෛරස නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් පමණක් වෙයි.ඉහත සඳහන් වූ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ ව මුල් වරට නිරීක්ෂණය කරන ලද්දේ ඇන්ටන් වෑන් ලීවන්හුක් නම් නෙදර්ලන්ත ජාතිකයා විසිනි.ඒ වර්ෂ 1674 දී .එම නිරීක්ෂණය සඳහා උපකාරී වී ඇත්තේ සරල අණ්වීක්ෂයේ සොයා ගැනීමයි.
"https://si.wikipedia.org/wiki/ක්ෂුද්‍ර_ජීවීන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි