"නිදහස් ආලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
9 පේළිය:
Sex Radical යන යෙදුම ද Free Lover යන යෙදුම සමග අතුරුමාරු ලෙස භාවිත ව ඇති අතර Free Love යන යෙදුම විසින් ගෙනෙන අහිතකර සමාජ අර්ථයන් හේතුවෙන් Sex Radical යන යෙදුම අධිවාචකයන්ගේ සිත්ගත් යෙදුම බවට ද පත් ව තිබේ. කවරාකාරයෙන් හඳුන්වාගත්තද සෑම අධිවාචකයකු ම දැඩි ව පෙනී සිටි විශ්වාසයන් දෙකක් විය. යුගලන බන්ධනයක් තුළ බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවකට සහභාගී කරවා ගැනීම යුක්තිසහගත බවට වූ අදහසට විරෝධය දැක්වීමත්, ගැහැනියකට සිය සිරුර රිසි පරිදි හැසිරවීමට විමුක්තිය ලබාදීමත් ය.<ref name="Passet, Joanne E 2003">Passet, Joanne E. Sex Radicals and the Quest for Women's Equality. Chicago,IL: U of Illinois P, 2003.</ref>
සෑම අධිවාචකයෙකු ම එක ම මතයක නොසිටියත්, අවිවාහක පෙම්වතුන් ව එක් ව වාසය කිරීමෙන් වළක්වන නීති, අනාචාරය සහ දික්කසාදය නියාමනය කළ නීති මෙන් ම ලිංගික ව හැසිරිය හැකි අවම නෛතික වයස් සීමාව, උපත් පාලනය, [[සමලිංගිකතාව|සමලිංගිකත්වය]], [[ගබ්සාව]] සහ ඇතැම්විට [[ගණිකාව|ගණිකා]] වෘත්තිය සම්බන්ධ ව පැවතුණු නෛතික බාධකයන් ද නිදහස් ආලය ව්‍යාපාරයන්හි විශේෂ අවධානයට ලක් වූ නීති අතර විය. විවාහය තුළ පුද්ගල අයිතිවාසිකම් අහෝසි වී යාම කෙරෙහි ද අවධානය යොමු විය. නිදසුනක් ලෙස ඇතැම් අධිකරණයන් විසින් කලත්‍රයකු අතින් දූෂණය වීම කලත්‍රයකු නොවන අයකු විසින් දූෂණය වීම තරම් තදබල ලෙස නොසැලකීම හෝ එය අපරාධයක් ලෙස නොසැලකීම දැකගත හැකි විය. නිදහස් ආලය ව්‍යාපාර 19වන සියවසේ පටන් ලිංගිකත්වය පිළිබඳ ව පොදු සමාජය ඉදිරිපිට කතාකිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් ද පෙනී සිටි අතර අශ්ලීලත්වය පිළිබඳ නීති සමග සටන් කළහකළේ ය.
 
20වන සියවසට පා තැබීමත් සමග ඇතැම් නිදහස් ආලය ව්‍යාපාරයේ යෝජකයන්යෝජකයෝ විවාහය යනු ස්වාමිභක්තිය සහ මානසික වහල්භාවය දිරිමත් කරන සමාජ සංස්ථාවක් බවට කරුණු දක්වමින් විවාහය පිළිබඳ විවේචනය තවදුරටත් පුළුල් කළහ.{{Citation needed|date=August 2009}}
 
== ස්ත්‍රී වාදය සමග ඇති සබඳතාවය ==
73 පේළිය:
==මනෝරාජික සමාජවාදය==
 
ආදිම සමාජ ව්‍යාපාරවල වූ නිදහස් ආලය ආශ්‍රිත සංකල්ප මෙන් ම ස්ත්‍රීවාදය, අහිංසාවාදය, සරළ සාමූහික ජීවිතය වැනි සංකල්ප 19 වැනි සියවසේ මුල ප්‍රංශයේ හා බ්‍රිතාන්‍යයේ ඇරඹුණු මනෝරාජික සමාජවාදී සමාජ වෙත ගමන් කිරීම ප්‍රංශයේ හෙන්රිඔන්රේ ඩි සෙන්ට් සිමොන්, චාල්ස්ෂෝල් ෆූරියර්ෆූරියේ සහ එංගලන්තයේ [[රොබට් ඕවන්]] වැනි චින්තකයන් හරහා සිදුවිය. Feminism යන යෙදුම ද පබැදූ ෆූරියර්ෆූරියේ සැබෑ නිදහස ඇතිවන්නේ හිමිකරුවන්, ශ්‍රමයේ රීති, ආශාවන් යටපත් කිරීම යන මේ සියල්ල නැති වූ කල්හි පමණක් බැව් කියා සිටියේ ය. ආශාවන් යටපත් කරවීම පුද්ගලයාට පමණක් නොව සමස්තයක් ලෙස සමාජයට ද හානිකර බව ඔහු කියා සිටියේ ය. මිනිසුන් හිංසනයට පත් නොවන තාක් කල් ලිංගිකත්වයේ සෑම ප්‍රකාශමානවීමක් ම වින්දනයට නිදහස තිබිය යුතු බවත් “කෙනකුගේ වෙනස්බවට ඉඩ දීම” නිසැක ව ම සමාජ අන්තර්ග්‍රහණය ඉහළ නංවනු ඇති බව ද ඔහුගේ මතය විය.
 
රොබට් ඕවන් මනුෂ්‍ය වර්ගයා පීඩාවට පත් කරන භයංකර ත්‍රිත්වය (awful trinity) ලෙසට විවාහය, ආගම සහ පෞද්ගලික දේපල නම් කළේ ය. ඔහුගේ පුතු වූ රොබට් ඩේල් දික්කසාදයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල මතධාරියකු විය. සාන්ත සිමොන්වාදී ස්ත්‍රීවාදිනියක වූ පෝලින් රෝලන්ඩ් විවාහයට එදිරි ව නිදහස් ආලයට අනුගත ස්ථාවරයක් ගනිමින් 1830 වැනි සමයක දරුවන් සිව් දෙනෙකුට ම උපත ලබා දුන්නේ ඔවුන්ගේ පෙළපත් නාමය ඇගේ වාසගම බවට පත්වන ලෙසිනි.
 
ජර්මානු සංගීතවේදී [[රිචඩ් වාග්නර්|රිචඩ් වැග්නර්]] සිය කෘති කීපයක ම නිදහස් ආලයේ ස්වභාවය ගත් සංකල්පයක් වෙනුවෙන් පෙනී සිටි අතර වාද්‍ය ශිල්පී හෑන්ස් වොන් බුලෝ සමග ඒ වනවිටත් විවාහ වී සිටි කොසිමා ලිස්ට් සමග පවුල් ජීවිතයක් ගතකිරීමට ද පෙළඹූණි. යුගයේ සමාජ සාරධර්මවල කෝණයෙන් බලන කල්හි අවකල් හැසිරීමක් ලෙස පෙනී ගිය ද, මෙවැනි සබදතා සමාජ සම්මුතියට වඩා සිය නිදහස් සිතුම් පැතුම්වලට තැන දුන් ප්‍රසිද්ධ සහ විශිෂ්ට කලාකරුවන්ගේ ස්වභාවය ලෙස හදුනාගත හැකි ය. එනයින් බලන කළ ඔවුන් එකල ලිංගිකත්වය සහ ප්‍රේමය විෂයෙහි නිදහස්කාමී අදහස් ප්‍රකට කළ ෆූරියර්ෆූරියේ වැනි දාර්ශනිකයන්ගේ කුලකයේ සිට ඇති බවත් ඔවුන්ගේ සවිඥාණක ව හෝ අවිඥාණක ව හෝ සිදු වූ විවෘත හැසිරීම විසිවැනි සියවසේ වඩාත් නිදහස්කාමී වූ සමාජ සම්මතයන්ට පදනම සැපයූ බවත් පැවසිය හැකි ය. [[ෆ්‍රෙඩ්රික් නිට්ෂේ]] ද නිදහස් ආලයේ ස්වභාවය ගත් අදහස් ඇතැම්විට දැක්වී ය. නමුත් ඔහු එහි සුප්‍රසිද්ධ පිළිවෙත් පුරන්නියක වූ ලුයි ඇන්ද්‍රියස්ඇන්ද්‍රියේ සැලෝමේ වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ කල්හි ඇය නිදහස් සහ සුපිරිසදාචාර සුපිරිමිනිසා පිළිබද ඔහුගේ ම දර්ශනයට එරෙහි ව යාම ගැන ඔහු ව අවඥාවෙන් හෙලා දුටු අතර මේ විවේචනය ඔහු ගැඹුරු ලෙස සිතාබැලීමකට නැතිනම් කම්පනයකට පත්කළේ ය. සංගීතවේදී ෆ්‍රෙඩ්රික් චොපින්ෂොපින් සහ ලේඛිකා ජෝර්ජ් සෑන්ඩ් අතර පැවති සබදතාවය ද නිදහස් ආලයේ ප්‍රකාශයක් ලෙස පැති කිහිපයකින් ම දැකිය හැකි ය. සුප්‍රසිද්ධ චරිතවල මේ ආකාරයේ හැසිරීම් ආදර සබදතා සහ විවාහය පිළිබද පැවති සාම්ප්‍රදායික මතය කෙරෙහි වූ විශ්වාසය හීන කිරීමට මහෝපකාරී විය. වෙසෙසින් ම මෙවැනි සාම්ප්‍රදායිකත්වයක් නිසැක ව එහි ප්‍රතිපත්ති පූරකයන්ගේ ජීවිතවල සෞඛ්‍යයට හානිකර වන විට ඒ එසේ සිදුවිය.
==ආශ්‍රිත නාමාවලිය==
'''සටහන්'''
"https://si.wikipedia.org/wiki/නිදහස්_ආලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි