"රැයිපියෙල් තෙන්නකෝන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
මූලික අන්තර්ගතයක් එක්කරමින් පිටුව තැනීම
(වෙනසක් නොමැත)

18:39, 27 මාර්තු 2021 තෙක් සංශෝධනය

රැයිපියල් තෙන්නකෝන් (1899-1965) යනු කොළමු යුගයේ මුල් අවධියට ප්‍රමුඛ සිංහල කවියෙකි. ඉතිහාසඥයකු මෙන් ම හෙල හවුලට අයත් ප්‍රමුඛ සිංහල වියතකු ද වූ හෙතෙම ඔහු සිය වවුලුව, සක් පුබුදුව වැනි උපහාසා කාව්‍යය නිසා අවධානයට ලක් වෙයි.

ළමාවිය

1899 දෙසැම්බර් 19 වැනි දින මීගමුව දිස්ත්‍රික්කයේ ගණේපොළ වළල්ලාවිට දී උපත ලැබුවේ ය. බිළිදු වියේ ම මව මියගිය බැවින් සොහොයුරියන් අතෙහි ඇත දැඩි විය.

අධ්‍යාපනය සහ වෘත්තීය ජීවිතය

රද්දොළුවේ බුදුනු පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර එයින් පසුව එහි ම ශිෂ්‍ය ගුරු තනතුරක් ලැබී ය. පසුව නිට්ටඹුව ගුරු අභ්‍යාස විදුහලට පිවිස එහි කථිකාචාර්යවරයකු වශයෙන් ද සේවය කළේ ය. බළපිටියේ සිද්ධාර්ථ අභ්‍යාස විදුහලේ පොතුපිටිය, මාදොළුවාව, දාගොන්න, ගංගොඩවිල ආදි විදුහල් රැසක විදුහල්පති ධුර හෙබවී ය.

පාසල් අධ්‍යාපනය ලබන සමය තුළ ම රද්දොළුව පන්සලෙන් ප්‍රාචීන භාෂා හා ඉංග්‍රීසි භාෂාව ද හැදෑරූ හෙතෙම පසුව දෙමල, ප්‍රංශ, ග්‍රීක්, හීබෲ ආදි භාෂා ගණනක් ම ස්වෝත්සාහයෙන් උගත්තේ ය.

ශාස්ත්‍රීය කෘති

ලක් ඉතිහාසය පිළිබද මනා දැනුමකින් යුතු ව සිටි ඔහුගේ ඒ දැනුම අනුරාධපුර බැසීම හා වැටීම, යටගිය දවස, සිංහල වංසය, පරංගි සමය වැනි ඉතිහාස කෘතිවලින් මෙන් ම වවුලුව වැනි කාව්‍යයකින් ද ප්‍රකට වෙයි.

නිට්ටඹුව ගුරු අභ්‍යාස විදුහලේ විදුහල්පති ලෙස කුමාරතංග ඒමත් සමග සිංහල භාෂාව කරා යොමු වුණු අතර එහි ප්‍රතිඵලය වූයේ කුමාරතුංගගේ ප්‍රබල අනුගාමිකයෙක් වීම බවට හෙතෙම පත්වීම ය. පසු කාලෙක හෙල හවුලේ නායක්තවය පවා රැයිපියල් තෙන්නකෝනුන් විසින් හෙබවිණි. හොද සිංහල කෘති පෙළ ඔහු විසින් ලියැවුණේත් එළු අත්තනගලු වංසය, සිදත් සගරාව, කෝකිල-ගිරා-සැවුල් සංදේශාදියට ලි්‍යූ විවේචන ග්‍රන්ථ සහ වීදාගම-සිරිරහල් පබද සංග්‍රහයන්, අපේ කව්, අපේ අසුන් කව් යන විචාර ග්‍රන්ථත් බිහිවූයේ හෙල හවුලේ සාමාජිකයකු වීමේ ප්‍රතිඵල වශයෙනි.

සාහිත්‍යය සේවය

පළමු පද්‍ය නිර්මාණය වන එළු සදෙස නිට්ටඹුව ගුරු අභ්‍යාස විදුහලේ කටයුතු කරන කාලය තුළ රචනා කළත් එය මුද්‍රණයෙන් පළ නොවී ය.

2500 බුද්ධ ජයන්තිය නිමිති කර ලංකාදීපය පැවැත්වූ තරගයෙන් මහාකවියා ලෙස තෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස පැදි 2500කින් ලංකා ඉතිහාසය ලිවීම පැවරුණි. සිංහල වංසය එහි ඵලය විණි.

වවුලුව, සක් පුබුදුව, වැනි කාව්‍ය ග්‍රන්ථ ද රුප්පෙ අන්දරය, පසමංදොරැ අන්දරය, හැවිල්ල වැනි පද්‍ය ද බස් පාර, කවුඩුව වැනි ගද්‍ය කෘති ද ඔහු විසින් රචනා කෙරුණි.

වවුලුව

සක් පුබුදුව

අවසන් කාලය

1965 මාර්තු 8 අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු විසින් ලියැවී තිබුණු කවි ගණන 25 000කට අධික බව පැවසේ.

"https://si.wikipedia.org/w/index.php?title=රැයිපියෙල්_තෙන්නකෝන්&oldid=478789" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි