"මන්ද පෝෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

නිර්මාණාත්මක වාක්‍ය සදිමකි
සුළු (194.87.234.42 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් KasunTharaka362 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි)
ටැගය: Rollback
(නිර්මාණාත්මක වාක්‍ය සදිමකි)
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
[[ගොනුව:Scurvy Victims.JPG|thumb|හිකොලායි සේටිමින් විසින් පින්තාරු කරන ලද මන්දපෝෂණය නිසා මරණයට පත්වූ සෝවියට් දේශයේ දණ්ඩන කදවුරක සිරකරුවන් පිරිසක්.]]
 
‍මන්දපෝෂණය‍ මන්දපෝෂණය :-මන්දපෝෂණය යනු අවිධිමත් හා ප්‍රමාණාත්මක නොවන ආහාර රටාවක් නිසා ඇති කරන තත්ත්ව විග්‍රහ කිරීමට භාවිතා කෙරෙන වෛද්‍ය විද්‍යාත්මක යෙදුමකි. මෙය බොහෝ අවස්ථාවලදී යොදා ගනුයේ අවපෝෂණය විග්‍රහ කිරීමට වන අතර මෙහිදී ප්‍රමාණවත් නොවූ ආහාර පරිභෝජනය, ආහාර අවශෝෂණයේදී ඇති වන ගැටළු හා පෝෂක ද්‍රව්‍ය සිරුරෙන් අධිකව ඉවත් වී යාමක් සිදු වේ.මන්දපෝෂණය යන යෙදුම අධිපෝෂණය ගැනද විග්‍රහ කෙරෙන අතර එය ඇති වනුයේ අධිකව ආහාර පරිභෝජනය හේතුවෙනි. යම්කිසි පුද්ගලයෙකු දීර්ඝකාලයක් මුළුල්ලේ නියමිත අදාල ප්‍රමාණයට පෝෂක පදාර්ථ හා සංඝටක වලින් යුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පරිභෝජනය නොකලහොත් මන්දපෝෂණයට ලක්වේ. මෙලෙස මන්දපෝෂණය ඇති වීමට හේතු වන්නේ නිරාහාරව සිටීම, නොයෙකුත් රෝගාබාධ හා ආසාදනයන්ය.
 
සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය නිසා නිරෝගී සෞඛ්‍ය සම්පන්න දේහ ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනීමට තරම් ප්‍රමාණාත්මක අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීයාම නිසා මන්දපෝෂණය ඇති වේ. ලෝකයේ දුර්භික්ෂ තත්ත්වයන් බලපා ඇති කොටස්වල බුද්ධි මට්ටම ඌණ වීම සදහා ප්‍රධානතම හේතුව මෙය වේ. සංවර්ධිත රටවල අධික ලෙස ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීම හා වැරදි ආහාර රටාවන් නිසා සමතුලිත ආහාර වේලක් නොලැබීයාම නිසා අධිස්ථුලතාව හෙවත් අධිපෝෂණය ඇති වේ.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/475657" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි