"දළදා වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
34 පේළිය:
13 වැනි සියවසේද දෙවැනි කාර්තුව ආරම්භයේදී පොලෝන්නරුවේ කීර්තිය පිරිහුනි. කාලිංග මාඝගේ ආක්‍රමණය සමග රාජධානිය තෙත් කලාපයේ ගිණිකොන දෙසට ගෙන යන ලදී. ඒ අනුව දඹදෙනි යුගය ආරම්භ විය. මෙම යුගය ශාස්ත්‍රීය හා සාහිත්‍ය කටයුතු අතින් ප්‍රබෝධවත් වූ කාලයක් විය.
මෙම කාලයේදී දන්ත ධාතුව හා පාත්‍රධාතුව නැවත වරක් ආරක්ෂාව පිණිස බෞද්ධ භික්ෂුණ් වහන්සේලා විසින් මධ්‍ය කඳුකරයේ කොත්මලයට ගෙන යන ලදී. පසුව තුන් වැනි විජයබාහු රජතුමා මෙම ධාතුන් වහන්සේලා දෙනම ආපසු ගෙන්වා ගෙන බෙලිගල කඳු මුදුනේ මනරම් මන්දිරයක් කරවා එහි තැන්පත් කරන ලදැයි වාර්තා වේ. මෙම රජතුමා ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර විධි නැවත ආරම්භ කළේය. ධාතුන් වහන්සේලාගේ භාරකාරත්වය තම පුත්‍රයා වූ පසුව [[දෙවන පරාක්‍රමබාහු රජ|දෙවැනි පරාක්‍රමබාහු]] ලෙසින් (1236 – 1270) රජු බවට පත් වූ තම වැඩි මහල් පුතාට පැවරුවේය. ඔහු බහුශ්‍රැත පඬිවරයෙකු විය. කව්සිළුමිණ වැනි ශාස්ත්‍රීය සාහිත්‍ය කෘති රචනා කළ පුද්ගලයෙකු වශයෙන් ප්‍රසිද්ධය.
 
මෙම දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ධාතුන් වහන්සේලා බෙලිගලෙන් නැවත ගෙන්වා ගෙන දඹදෙනිය පර්වතය අසල රජ මාළිගාව කිට්ටුවෙන් මන්දිරයක් සාදා එම ධාතු තැන්පත් කළේය. දළදා පූජාවලිය ග්‍රන්ථයට අනුව රජතුමා ධාතුන් වහන්සේලා ශ්‍රී වර්ධනපුර නම් ඔහුගේ උපන් නගරයට ගෙන ගියේය. එහිදී අති උත්කර්ෂවත් ලෙස පුද පූජා පවත්වන ලදී. ඔහු දඹදෙනියේ විජයසුන්දරාරාමයෙහි දළදා මන්දිරයක් තැනුවේය. එහි දළදාව තැන් පත් කර උත්සවාකාරයෙන් පුද පූජා පැවැත්වූයේය.
"https://si.wikipedia.org/wiki/දළදා_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි