"සම්මා සම්බුදුවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
5 පේළිය:
 
==වෙනත් නම්==
අප තිලෝකාග්‍ර, සුගත තතාගථතථාගත, මහා කාරුණික, සම්මා සම්බුදුසම්බුදුරජාණෝ, [[ථෙරවාද බෞද්ධ]]යන්ගේ එකම අධ්‍යාත්මික පැතුම හැකි ඉක්මනින් සසර දුකින් මිදී නිවන් දැකීමය. සම්මා සම්බුදු වරුන් ලොව පහල වන්නේ ඉතාම දීර්ඝ කාලයකින් බවත් එය අතිශය දුර්ලභ භාග්‍යයක් බවත් ථෙරවාද බෞද්ධ ඉගැන්වීමයි. ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ථෙරවාද බෞද්ධයන් උන්වහන්සේගේ සම්බුදු සසුනෙහි උත්සාහවත් වීමෙන් බුදු සසුන ලොවින් අතුරුදන් වීමට පෙර ධර්මය අවබෝධ කර නිවන් මගට යොමු වීම ථෙරවාද සම්ප්‍රදාය වඩාත් ප්‍රධානතම අරමුණ ලෙස සලකයි. යම් හෙයකින් මෙම බුදු සසුනෙහි පිහිට ලබා නිවන් අවබෝධ කිරීමට නොහැකි වුවහොත් සසරෙහි නැවතත් දුකට පත්වීමටත් සතර අපායෙහි වැටීමට සිදු වීමටත් සිදුවන බැවින් ප්‍රමාද නොවී ධර්මයට යොමු විය යුතු බවත් පින් රැස් කල යුතු බවත් ථෙරවාද බුදු සමය ශ්‍රාවකයන්ට කියා දෙයි. කෙසේ වෙතත් ගෞතම බුදු සසුන පිරිහීමෙන් පසුව ධර්මය අතුරුදන් වීමත් ඉන් පසුව ලෝකය දුශ්චරිතයෙන් සහ පවින් පිරුණු මිනිසුන් ආයුෂයෙන් පිරිහෙන කාලයකට ගමන කරන බවත් මනුෂ්‍ය ආයුෂ අවුරුදු දහයකට අඩුවන බවත් අනතුරුව මිනිසුන් ද්වේශයෙන් එකිනෙක හිංසාවට පත්කර මරා ගනිමින් මහත් විනාශයක් සිදු කරගන්නා බවත් ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ථෙරවාද ධර්මයෙහි සඳහන් වෙයි. එයින් අනතුරුව මිනිසුන් නැවත සුචරිතයෙහි හැසිරීමෙන් නැවත ආයුෂ වැඩි දියුණු වී මිනිස් ආයුෂ අවුරුදු අසුදහසක් දක්වා වැඩි වූ පසුව නැවතත් "මෛත්‍රී" බුදුපියාණන් වහන්සේ ලොව පහළවන බවත් ථෙරවාද ධර්මයෙහි දැක්වෙයි. තවද මෙම බුදු සසුනෙහි ධර්මය අවබෝධ නොකළහොත් මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක [[නිවන|නිවන්]] දැකීමද සමහර බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් වෙයි. ථෙරවාද බුදු දහම අනුව විමසා බැලීමේදී පෙනී යන්නේ එසේ නැවත පහල වන බුදු සසුනකින් හෝ පිහිටක් ලබා ගැනීමට වුවද පවින් දුරු වී මෙම ගෞතම බුදු සසුනෙහි උත්සාහවත් වී සතර අපායෙන් මිදී ථෙරවාද ධර්මයෙහි ඉගැන්වෙන ගුණ ධර්ම තමන් තුල දියුණු කර ගත යුතු බවයි.
 
 
"https://si.wikipedia.org/wiki/සම්මා_සම්බුදුවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි