"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Removed content that can cause hatress among communities.
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
241 පේළිය:
 
සිංහල පෙරමුණගේ සමන් වික්‍රමසිංහ</P>
 
==අතීතයේ නොතිබූ කුල භේදයක් මහනුවර යුගයේ අැතිකර අැත. එයට පෙර තිබුනු රජ බමුණු වෙළද ගොවි ලෙස තිබුනු කුල කංඩායම් තම තමන්ට හුරු පුරුදු සේවාවන්හි යෙදුනහ. රාජ වංශික පරපුර සමාජය පාලණය කිරීම කලහ. බ්‍රාහ්මණ වංශිකයන් තම දැනුම බුද්ධිය තවතවත් දියුණු කරගෙන සමාජයේ යහපැවැත්මට උපදෙස් දෙන ගුරු වෙෙද්‍ය වැනි [[කාර්යයන්හි]] නිරත වූහ. වෙළද හෙවත් වෙෙශ්‍ය වංශය වෙළද සහ මුදල් යොදවා කරන වගා කර්මාන්ත කරන ධනය මත යැපුනු පිරිසක් වූහ. දහඩිය හෝ ශ්‍රමය වගුරුවා ජීවත් වන සියල්ලන් ගොවි හෙවත් ශුද්‍ර වංශිකයන් ලෙස හැදින්විණ. දඩුචම් ලෙස පහත හෙලූ පිරිස චන්ඩාල කුලය ලෙස හැදින්විණ. ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෙෙශ්‍ය ශුද්‍ර ලෙස කාන්ඩ වලට ඉහල අයට ඉන් පහල කාර්යයන්හි යෙදීමට දැනුම හා හැකියාව තිබුනද ඉහල කන්ඩායම් වල සේවාවන් යෙදීම නොකලහ. බුදුන් වහන්සේ ක්ෂත්‍රිය රාජ වංශයේ වුවද දැනුම බුද්ධිය සහ ප්‍රඥාව සමාජයට ලබාදුන්නේ බ්‍රාහ්මණයකු මෙනි. ගොවිතැන කර්මාන්ත කම්කරු ධීවර දඩයම් කරන වැදි කන්ඩායම් අාදී සියල්ලන් ගොවි කණ්ඩායමට අයත් වූහ. ෴ නරියෙකු සිංහ යකු සේ වැඩකල නොහැකි බව හා කපුටෙකුට හංසයකු විය නොහැකි බවට සෙල්ලිපි පවා අැත්තේ එ් එ් වංශිකයන්ට නොදන්නා කාර්යයන්හි නොයෙදීමට කල උපදෙස් ලෙසිනි. චණඩාල හෙවත් රොඩී අය රැකියාවේ යෙදීම නිවසක ජීවත්වීම තහනම් කොට අනුන්ට අතපා ඉල්ලාගෙන ජීවත් වීමේ මරණ දඩුවමට වඩා දරුණු ලෙස දුන් දඩුවමක් විය.==
 
කුල වල උස්, පහත් ගතිය රඳා පවතින්නේ පහත සඳහා වන කරුණු තුනෙහි සංයෝගය මතය.
 
# පාරම්පරික නාම
# රැකියාව
# කුල ප්‍රජාවක වෙන්ව කැපී පෙනෙන සුළු බව
 
ඉහත කරුණු තුන අනුව කුලයක උස් පහත් බව තීරණය වේ. ඒ අනුව විවිධ මට්ටමේ සැලකුම්, තරාතිරම් හිමි වේ. කුලවලට හිමි ධූරාවලිගත මට්ටම අනුව ගරුත්වය හා සැලකිල්ල විවිධ වේ. ඇඳුම් පැලදුම්, ආහාර ගැනීම, විවාහය, නිවාස තත්වය, ආචාර කිරීමේ එදිනෙදා ක්‍රියාකාරකම් ආදී මිනිස් ජීවිතයේ සියලූම අංගයන් වල උස් පහත් බව කුලය අනුව තීරණය වේ. උසස් හා පහත් යැයි සම්මත කුල අතර එකී සබඳතා වල පවතින්නේ දැඩි විෂමතාවයකි.
 
රැල්ෆ් පීරිස් ට අනුව ගොවිගම කුලය අඩු කුල වලින් සේවය ලබා ගැනීමට සුදුස්සෝ විය. අඩු කුල අතර වුවද එක් කුලයකට අයත් වූවෙකු සේවය කළේ තමනට වඩා උසස් කුල වල අයට පමණි. කුඹල් ජනයාට (බඩහැල කුලයට) හා ඊට වඩා උසස් වූ කුල වල අයට රදා කුලයේ අය රෙදි ඇපිල්ලු අතර කුඹල් ජනයාට වඩා පහත් කුල අයට රෙදි අපුල්ලන ලද්දේ "පලි" නම් අන් විශේෂයක අය විසිනි. (පීරිස්, 1964:188.)
 
පුද්ගලයන් එකිනෙකා ඇමතීමේදී යොදා ගන්නා ඇතැම් පද කුල තත්වය අනුව වෙනස් විය. "දෙයියෝ, හාමුදුරුවෝ, අප්පෝ, නිලමේ, රාලහාමි, මහත්තයා, තමුන්නාන්සේ" ආදී පද ඉහළ කුල ඇත්තන් හැඳින්වීමට යොදා ගත්හ. පුද්ගල නාම සම කුල ඇත්තන් හැඳින්වීමට යොදා ගත් අතර "තමුසෙ, උඹ, අඩා, තෝ" යන පද පහත් කුල ඇමතීමට යොදා ගත්හ. නොක්ස් ට අනුව තමන්ගේ තරාතිරමට වඩා පහත් යැයි සලකන අය සමඟ එක් වී ආහාර ගැනීමටවත්, විවාහ වීමටවත් ඉහල කුලිකයන් අකමැතිය. උසස් හෝ පහත් තරාතිරම් පිළිබඳ ලකුණු නම් උඩුකට වැසුම් ඇතිවීම හෝ නැති වීම, දනින් පහත වස්ත්‍රයේ දිග, පුටුවක හෝ කොලොම්බු කොට වල හෝ පැදුරුවල වාඩිවීම ආදිය තුළින් පැහැදිලි වේ. අඩු කුල ස්ත්‍රීන්ට දනින් පහලට හා උඩුකය වැසෙන සේ ඇඳුම් ඇඳිය නොහැක. (නොක්ස්,1681:80/109.)
 
රැල්ෆ් පීරිස්ද මෙයම සනාථ කරමින් පවසනුයේ කුඹල්ලූ දණහිසින් පහලට රෙදි ඇඳීමට ද, පැහැරුම් පුටුවක වාඩි වීමටද අවසර නොලත් බවයි. ඉඟටියෙන් පහලට රෙදි ඇඳීමට රොඩීන්ට තහනම් විය. නවන්දන්න කුලයේ පිරිමි දණහිසින් පහලට රෙදි ඇඳීමටද, ගැහැණු ඔසරිය ඇඳීමට ද සුදුස්සෝ වූහ. කින්නර කුලයේ ගැහැණු හා පිරිමින්ට හිසෙහි මොනයම් දෙයක්වත් පැළඳීම හෝ දණහිසින් පහලට රෙදි ඇඳීම තහනම් විය. (පීරිස්, 1964:189/193/197.)
 
එසේම ඉහළ කුලිකයෙන් හමු වූ විට හිස පහත් කිරීම, හිස දවටනය අතට ගැනීම, පාරෙන් පසෙකට වී ඉඩ දීම වැනි ක්‍රියාවන් මගින් යටහත් පහත් බව පෙන්විය යුතු විය. සාමාන්‍යයෙන් නිවසට එන උසස් කුල වල පිරිමින්ට දක්වන ගරු සැලකිල්ලක් ලෙස තම බිරිඳට රාත්‍රියේ ඔහු සමඟ එකට විසීමට පවා සැමියා ඉඩ දෙනු ලැබේ.
 
එසේම කාන්තාවන් ඇමතීමේදී ද කුලය සැලකිල්ලට ගැණුනි. පහල තත්වයේ ස්ත්‍රීහු "පොඩිස්සී", ගෞරව වශයෙන් තරුණියෝ "කිඩැහැකෙළි" යනුවෙන් අමතන ලදි. අනෙක් උසස් ආමන්ත්‍රණ වූයේ "එතනා, ළමා එතනා, කුමාරිහාමි" යන පදයි. "කුමාරිහාමි” යන පදය භාවිතා කරන ලද්දේ උසස්ම පෙලැන්තියේ වනිතාවන් උදෙසා පමණි. (පීරිස්, 1964:191.) ඩොයිලිගේ දින පොතට අනුව කොණ්ඩය හෝ රැවුල වැවීමට පදු හා ඛෙරව කුල වලට අවසර නොවීය. වහුම්පුර, සලාගම කුලිකයන්ට දැලි රැවුළු වැවීමට හෝ ඔසරිය ඇඳීමට තහනම් ය. නමුත් කොණ්ඩය බැඳීමට අවසර ඇත. (පීරිස්, 1964:190.)
 
ආසන පැනවීමේදී ද ඒ ඒ පුද්ගලයාගේ කුල තත්වය අනුව සම්මත රටාවක් අනුගමනය කරන ලදී. හාන්සි පුටුව, කවිච්චිය ඉහළ කුලිකයන්ටත්, පුටුව සම කුලිකයන් අතරත් පුටු භාගය, කොලොම්බුව, පැදුර, පිල පහල කුලිකයන්ටත් නියම විය.
{| class="wikitable"
|-
! ආසන විශේෂය
! තත්වය
|-
| හාන්සි පුටුව
| ඉහල
|-
|කවිච්චිය
| ඉහල
|-
| පුටුව
| සම
|-
| පුටු භාගය
| පහල
|-
| කොලොම්බුව
| පහල
|-
| පැදුර
| පහල
|-
| පිල
| පහල
|}
(මූලාශ්‍රය : කේ.ටී.දසිල්වා, 2005:33.)
 
ධූරාවලියේ පහලින් සිටින කෙනෙකුට ඉහල කෙනෙකු සමඟ සම අසුන් ගැනීමේ හැකියාවක් නොවීය. මයිකල් රොබට්ස් ට අනුව කුල සිරිත් විරිත් නිවස සම්බන්ධ හැම අවස්ථාවකදීම ඉතා පැහැදිළිවම පිළිඹිඹු විය. බොහෝ සිංහල ප්‍රදේශ වල මෙය හොඳින් ප්‍රකාශ කරන ලද්දේ උසස් කුලවල ගෙවල් වලට එන පහත් කුල ජනයාට වාඩිවීමට තබා තිබුණු කොලොම්බුව නැමැති කුඩා පුටුව හෙවත් ලී කොටය මගිනි. (රොබට්ස්, 2008:288.)
 
කුල සිරිත් වඩාත්ම පිළි පැදුනේ ආවාහ විවාහ වලදී ය. සිය කුලයෙන් බැහැරව විවාහ ගණුදෙනු කිරීම නීති විරෝධී ලෙස සැලකුණු අතර උසස් කුලයේ අයෙකු පහත් කුලයේ අයෙකු විවාහ කර ගත්තේ නම් එම පුද්ගලයා අයත් වන වර්ගය කෙරෙහිද එම නින්දාව බලපෑවේය. එබඳු අවස්ථා වලදී වරිගයේ අය වරිගයේ කුල ගෞරවය ආරක‍්ෂා කර ගැනීම සඳහා එකී පුද්ගලයා මරා දැමීම පවා සිදු විය. එනිසා හැම විටම ආවාහ විවාහ සිදු කිරීමේදී අන්තර් කුල විවාහ පමණක් සිදු විය. නිවාස තත්ත්වය ගත්තද වෙනස්කම් දක්නට ලැබුණි. අඩු කුල අයට නිවෙස් වල උළු හෙවිලි කිරීම, හුණු පිරියම් කිරීම තහනම් විය.
 
හත අයුරින් ඇඳුම් පැලදුම්, ඉඳුම් හිටුම්, ආහාර ගැනීම්, ආචාර කිරීම්, කතා කිරීම් ආදී සියලූම සමාජ චර්යා වලදී කුලය යන සාධකය අතිශයින්ම තීරණාත්මක වූ අතර ඒවා අතර දැඩි සමාජ විෂමතාවයක් විය. උසස් කුලිකයන්ට වරප්‍රසාද තත්වයේත්, පහත් කුලිකයන්ට නින්දා සහගත හා සමාජයේ අවශේෂ කොටසක් ලෙසත් සැලකීමේ තත්වයක් ඉහත දැක්වූ සියලූ සමාජ සබඳතා වලින් පෙනේ. මේ තුළින් කුල මට්ටම් වල ස්ථර ගත බව හොඳින් පවත්වාගෙන යාමට හේතු සාධක සැපයීය.
 
==මෙයද බලන්න==
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි