"සංස්ථා පසුබිම ඓතිහාසික" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 116.212.128.150 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් බිඟුවා ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
1 පේළිය:
ඓතිහාසික සංස්ථා පසුබිම
 
ඓතිහාසිකව [[සංස්ථා]], රජයේ විශේෂ පනතක් මගින් ආරම්භ කරන ලදි. අද වන විට සංස්ථා සාමාන්‍යයෙන් රජයේ, පළාතේ හෝ ජාතික ආණ්ඩුවේ ලියාපදිංචි වනු ලැබේ. මෙම ලියාපදිංචිවීමෙන් අනතුරුව ඒවා රජය මගින් පනවන ලද නීති මගින් විධිමත් ලෙසට පාලනය වන ආයතනයක් බවට පත්වේ. වගකීම් සීමිත ව්‍යාපාරයක් ලෙසට සංස්ථාව උපකල්පනය කිරීමට, ලියාපදිංචිය ප‍්‍රධාන පූර්ව අවශ්‍යතාවයක් වේ. මෙම ලියාපදිංචි කිරීමේ කාර්යයේදී සංස්ථාවේ සහ ලියාපදිංචි නියෝජිතවරයෙකුගේ (කි‍්‍රයාවලිය තුළ නෛතිකමය සේවාවක් ලබාගැනීමට හැකියාවක් ඇති බවට නම් කරන ලද සමාගමක් හෝ පුද්ගලයෙක්) ප‍්‍රධාන ලිපිනය නම් කිරීම අත්‍යාවශ්‍ය වේ. එසේම මෙම ලියාපදිංචි කිරීමේ කාර්යයේදී, සමහර විට නියෝජිතවරයෙක් හෝ ගොනු කරන ලද නීතිමය හෝ බලඅධිකාරයක් මත පදනම්වන සංස්ථාවේ වෙනත් නෛතික නියෝජිතවරයෙක් නම්කිරීම අත්‍යාවශ්‍ය වේ.
 
සාමාන්‍යයෙන් සංස්ථාවක් ආණ්ඩුවත් සමගින් සංස්ථාවේ පවතින සාමාන්‍ය ස්වභාවය, නිකුත් කිරීමට බලයලත් කොටස් ප‍්‍රමාණය සහ අධ්‍යක්ෂකවරුන්ගේ නම් සහ ලිපිනයන් ඇතුළත් ව්‍යවස්ථාවලියක් ගොනු කරනු ලැබේ. එම ව්‍යවස්ථාවලිය අනුමත වන විට, සංස්ථාවේ අධ්‍යක්ෂකවරු රැස්වී රැස්වීම් කි‍්‍රයාපටිපාටිය, නිලධාරී තනතුරු වැනි සංස්ථාවේ අභ්‍යන්තර කටයුතු පාලනය කරන අතුරු නීති නිර්මාණය කරනු ලබයි.
"https://si.wikipedia.org/wiki/සංස්ථා_පසුබිම_ඓතිහාසික" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි