"අණුක කාක්ෂිකවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 116.212.128.150 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් තඹරු විජේසේකර ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
7 පේළිය:
උදාහරණයක් වශයෙන් අණුක කාක්ෂික වාදයේදී බෙන්සීන්, කාබන් පරමාණු හයකින් සමන්විත ෂඩාස්‍රාකාර මුදුවක් ලෙස දක්වනු ලැබේ.මෙම අණූවේදී සංයුජතා බන්ධන ඉලෙක්ට්‍රෝන 30 න් 24 ක් ප්‍රධාන වශයෙන් පිහිටා ඇත්තේ පරමාණූ යුගලයක් (C – C හෝ C-H ) අතර පිහිටි σ (සිග්මා) බන්ධන කාක්ෂික 12 කය. මෙම සැකසීම සංයුජතා කාක්ෂිකවාදයේ සැකැස්මට සමානය . කෙසේ නමුත් බෙන්සීන්වල ඉතිරි ඉලෙක්ට්‍රෝන 6 පිහිටා ඇත්තේ වලය පුරා විස්ථානගත වූ π (පයි) අණුක බන්ධන කාක්ෂික 3 ය. පරමාණු 6 න්ම සමාන දායකත්වයක් සහිත අණූක කාක්ෂිකයක දෙකක් පවතී. අනෙක් දෙක එකිනෙකට ලම්භක අක්ෂ ඔස්සේ පවතී. සංයුජතා කවචවාදය අනුව මෙම විස්ථාන ගත වූ ෆයි ඉලෙක්ට්‍රෝන 6 වලය අඩංගු තලයට ඉහළින් හා පහළින් වූ විශාල අවකාශයක් පුරා පැතිරී පවතී. බෙන්සීන් හි ඇති සියලුම කාබන් - කාබන් බන්ධන සර්වසමය. අණුක කාක්ෂිකවාදයට අනුව මෙය ෆයි අණූක කාක්ෂික 3 සංයුක්ත වී අතිරික්ත ඉලෙක්ට්‍රෝන 6, කාබන් පරමාණු 6 පුරා ඒකාකාරව ව්‍යාප්ත වීමේ ඍජු ප්‍රතිඵලයකි.
 
මීතේන් වැනි අණුවල, අණූක කාක්ෂික [[4]] ක පවතින සංයුජතා ඉලෙක්ට්‍රෝන 8 අණුවේ ඇති පරමාණු 5 පුරාම ව්‍යාප්ත වී ඇත. කෙසේ වෙතත් මෙම ආකෘතියේ තරංග ස්‍රැතය හෝ ශක්තිය වෙනස් කිරීමකින් තොරව, ඉලෙක්ට්‍රෝන දෙකක් සහිත සහ සංයුජ බන්ධන හතරකින් සමන්විත සාමාන්‍යය බන්ධන ආකෘතිය, ස්ථානගත කාක්ෂික හතරක් පිහිටි ඉලෙක්ට්‍රෝන අටකින් යුත් ආකෘතියක් බවට පරිවර්තනය කළ හැකිය.ඉහත ‍බෙන්සීන්වලයේ වූ (සිග්මා) බන්ධන සඳහා ද සිදු කරන ලද්දේ මෙයම වන නමුත් එය ෆයි බන්ධන සඳහා යොදා ගත නොහැකිය. මෙම විස්තාපනය වූ ආකෘතිය අයනීකරණ හා වර්ණාවලි ගතිගුණ සඳහා වඩාත් හොඳින් ගැළපේ. අයනීකරණයේදී මුළු අණූවෙන්ම එක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කෙරේ. එහිදී සෑදෙන අයනයේ ඇති බන්ධන තුන එකිනෙකට සමාන වේ. උත්තේජිත ඉලෙක්ට්‍රෝනය, ඉලෙක්ට්‍රෝනික උත්තේජනවලදී මෙන්ම මුළු අණූවෙන්ම ඉවත් වී ඇති එය එක් බන්ධනයකට අයත් නොවේ.
 
දැනට නිරීක්ෂණය කර ඇති පරිදි බෙන්සීන්වල මෙන්ම බීටා කැරොටීන්, ක්ලෝරොෆිල් හා හීම් වැනි ද්‍රව්‍යයවල ද π (පයි) කාක්ෂිකවල අඩංගු ඇතැම් ඉලෙක්ට්‍රෝන අණුවේ ඇති අණූක කාක්ෂික ඔස්සේ දීර්ඝ දුරකට විහිදී ඇති අතර එමගින් අණුව ආලෝක ශක්තිය අවශෝෂණය කරගනු ලබන්නේ වඩාත් අඩු ශක්තියකින් යුතු දෘශ්‍ය ආලෝකයෙනි. මෙය හා අණු පිළිබඳ වූ වර්ණාවලි දත්ත අණුක කාක්ෂිකවාදය භාවිතයෙන් වඩා හොඳින් පැහැදිලි කළ හැකිය. උදාහරණයක් වශයෙන් මිනිරන් හි පවතින තලීය දිශාව ඔස්සේ විහිදුණු ෂඩාස්‍රාකාර පරමාණු තලයක්හි වූ අධික විද්‍යුත් සන්නායකතාවය අණුකකාක්ෂිකවාදයෙන් පැහැදිලි කිරීම දැක්විය හැකිය. අණුක කාක්ෂිකවාදයේදී සැළකෙන පරිදි “ සම්ප්‍රයුක්තාවය ” (සංයුජතා බන්ධන , බන්ධන අවස්ථාවන්හි මිශ්‍රවීම) සමමිතියේ ස්වභාවයේ ප්‍රතිඵලයකි. උදාහරණයක් වශයෙන් මිනිරන්හි විද්‍යූත් සන්නායකතාවය පැහැදිලි කිරීමට සංයුජතා බන්ධනවාදයේ අඩංගු Sp2 මුහුම්කරණය සහ සම්ප්‍රයුක්තතාවය යොදා ගැනීම අනවශ්‍ය වේ. ඒ වෙනුවට මිනිරන්වල පරමාණූක තල අතර ඇති සමහර ඉලෙක්ට්‍රෝන අවිනිශ්චිත දුරවලට සම්පූර්ණයෙන්ම ස්ථානගත වී ඇති අතර මුළු කාබන් පරමාණු තලයම ආවරණය කරන විශාල අණුක කාක්ෂිකවල පිහිටයි. මේ අතර මෙම ඉලෙක්ට්‍රෝන අතරින් සමහරකට චලනය විය හැකි අතර ගලය ඔස්සේ ලෝහවල පවතින ආකාරයට පවතිමින් විද්‍යූතය සන්නයනය කරයි.
"https://si.wikipedia.org/wiki/අණුක_කාක්ෂිකවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි