"පරමාණු ක්‍රමාංකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 116.212.128.150 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Escarbot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
5 පේළිය:
ආරම්භයේ දී පරමාණුක ක්‍රමාංකය භාවිතා කරන ලද්දේ ආවර්තිතා වගුවේ යම් මුලද්‍රව්‍යයක් පිහිටිය යුතු ස්ථානය ඇගවීම සදහාය. දිමිත්‍රි මෙන්ඩලීෆ් විසින් දන්නා මුලද්‍රව්‍ය ඒවායේ පරමාණුක භාරය වැඩිවන අනුපිළිවෙලට සකසා සමාන රසායනික ගුණ සහිත මුලද්‍රව්‍ය කණ්ඩායම් වලට බෙදන ලදී. කෙසේ වුවත් මුලද්‍රව්‍ය ඒවායේ පරමාණුක භාරයන් පදනම් කර ගෙන පමණක් පෙළ ගැස්වීමෙන් නොගැලපීම් කිහිපයක්ම පැන නැගිනි. අයඩීන් හා තෙලුරියම් ඒවායේ පරමාණුක භාරයන් අනුව පෙළ ගැස් වූ විට යම් නොගැලපීමක් පෙන්නුම් කළ අතර ඒවායේ ස්ථානයන් හුවමාරු කළ විට රසායනික ගුණ අතින් වඩා සුදුසු පිළිවෙලකට පවතින බව පෙන්නුම් කෙරිණි. එබැවින් මුලද්‍රව්‍ය ඒවායේ රසායනික ගුණ අතින් ඉතා හොදින් ගැළපෙන අනුපිළිවෙලට සකස් කොට ඒවා ස්ථාන ගත කළ විට වගුව තුළ ඒවා දරන අංකය ඒවායේ පරමාණුක ක්‍රමාංකය විය. මෙම අංකය පරමාණුවේ ස්කන්ධය සමග බන්ධුතාවයක් පෙන්නුම් කළද,
 
[[1913]] දී හෙන්රි ග්වයින් ජෙෆ්රි මොස්ලි විසින් සිදුකරන ලද පරීක්ෂණ වලින් පසුව මෙම මුලද්‍රව්‍යයන්ගේ අනුපිළිවෙල පිළිබදව පැන නැගී තිබු විෂමතාවයන්ට අවසානයේ දී පැහැදිලි කිරීමක් සිදුකෙරීය. මුලද්‍රව්‍යයන්ගේ X කිරණ විවර්තන වර්ණාවලි අතර දැඩි සම්බන්ධතාවයක් ඇති බව සොයා ගත් මොස්ලි ආවස්ථිතා වගුවේ නිවැරදි ස්ථානයන්හි මුලද්‍රව්‍ය ස්ථාන ගත කරන ලදී. මුලද්‍රව්‍යයක න්‍යෂ්ටියේ විද්‍යුත් ආරෝපණය හෙවත් ප්‍රෝටෝනවල ආරෝපණය එම මුලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකයන්ට අනුරූප වන බව මෙයින් නිර්ණය කරන ලදි. පරමාණුක ක්‍රමාංකය පරමාණුවේ අඩංගු ප්‍රෝටෝන හෝ ඉ‍ලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වේ. තවද ප්‍රෝටෝන ධන ආරෝපිත වන අතර ඉලෙක්ට්‍රෝනය සෘණ ආරෝපිතය.
 
රසායනික ගුණ
"https://si.wikipedia.org/wiki/පරමාණු_ක්‍රමාංකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි