"සමාජ ම‍නෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 189.201.185.111 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Ravindu Navin ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
1 පේළිය:
මිනිසාගේ සිතුවිලි , හැඟීම් සහ හැසිරීම්වලට අන්‍යන්ගේ පැවතීම, සිතෙහි මවා ගැනීම හෝ හැඟීයාම බලපාන ආකාරය ගැන අධ්‍යයනය කිරීම සමාජ මනෝවිද්‍යාව වෙයි. මෙම අර්ථ දැක්වීමට අනුව පර්යේෂණ සඳහා අනුභවික ක්‍රමයක් යොදාගෙන ඇත. සිතුවිලි, හැඟීම් සහ චර්යාවන් යන කොටස් තුළින් මිනිසා මැනිය හැකි සියලුම මනෝවිද්‍යාත්මක විචල්‍යයන් අඩංගු වෙයි. ඉහත සඳහන් අන් අය මවා ගත හැකිය හෝ හැඟී යා හැකිය යන අර්ථයට අනුව අප අන් පුද්ගලයින් සිටිය ද නොසිටිය ද සමාජයීය බලපෑම්වලට ලක්විය හැකි බව කිව හැකිය. එනම් උදාහරණයක් ලෙස රූපවාහිනිය නැරඹීම, අභ්‍යන්තරයේ පවතින සංස්කෘතික ප්‍රතිමාණයන් මත ද, සමාජයීය බලපෑම් මතද ඇති විය හැකි බවය.
මානසික තත්ත්වය හා සමාජයීය අවස්ථා අතර සම්බන්ධතාවය නිසා මිනිස් චර්යාවන් ඇති වන ආකාරය පිළිබඳව සමාජයීය මනෝවිද්‍යාඥයෝ පහදා දෙති.වර්ෂ [[1951]] කර්ට් ලුවින්ස්ගේ විවරණයට අනුව චර්යාව යනු මිනිසා සහ පරිසරය අතර ක්‍රියාකාරිත්වය ලෙස හැඳින්විය හැකිය. සමාජ විද්‍යාඥයෝ පර්යේෂණාගාර ප්‍රමුඛ වූ සොයා ගැනීම් සඳහා වැඩි කැමැත්තක් දක්වති. එසේම ඔවුන්ගේ සිද්ධාන්ත වඩා විශේෂිත සහ ඉලක්ක සහගත ඒවාය.
 
සමාජ මනෝවිද්‍යාව , සමාජ විද්‍යාව හා මනෝවිද්‍යාව අතර හිඩැස යා කරන අන්තර් විෂයකි. දෙවන ලෝක යුද්ධයට පසු මනෝවිද්‍යාඥයින් සහ සමාජ විද්‍යාඥයින් අතර නිරන්තරයෙන් එක්වීමක් සිදු විණි. එහෙත් පසුව මෙම විෂය ක්ෂේත්‍ර එකිනෙකින් වෙන් වී තනි තනි විෂයයන් ලෙස වර්ධනය විය. සමාජ විද්‍යාඥයෝ මහා විචල්‍යයන් (සමාජ ස්ථරය) දෙස වැඩිවශයෙන් අවධානය යොමු කළහ. එනමුත් සමාජ මනෝවිද්‍යාවට, සමාජ විද්‍යාත්මකව ප්‍රවේශන වීම මනෝවිද්‍යාවේ වැදගත් ප්‍රතිරූපයකි.
"https://si.wikipedia.org/wiki/සමාජ_ම‍නෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි