"වන සංවර්ධන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
සුළු 189.201.185.111 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Escarbot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
1 පේළිය:
[[ගොනුව: Replanting_of_trees.jpg|thumb|නැවත් සිටුවිමට සකස් කල පැළයක්.]]
[[ගොනුව: Treeplanter.jpg|thumb|ශාක සිටවන්නෙක්.]]වන සංවර්ධන විද්‍යාව යනු වනාන්තර හා ශාක වගා කිරීම පිළිබඳ අධ්‍යයන හා කළමණාකරන කලාව, විද්‍යාව හා පෙරහුරුව වගේම ඒ ආශ්‍රිත ස්වාභාවික සම්පත්ය. Silvi වගා කිරීම යනු මේ ආශ්‍රිත විද්‍යාවකි. එයට ශාක හා වනාන්තර වගා කිරීම හා රැක බලා ගැනීම ඇතුළත්ය. නූතන වන සංවර්ධන විද්‍යාව සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ තවත් කරුණු කිහිපයක් ද සමඟිනි. ඒවා නම් දැව නිෂ්පාදනය වෙනුවෙන් අමුද්‍රව්‍යයක් ලෙස ලී සැපයීමට වනාන්තර උපකාර කර ගැනීම, වන ජීවීන්ගේ නිජ බිමක් ලෙස, ස්වාභාවික ගුණාත්මක ජල නියමයන්, වෙනත් නිපැයුම්, භූමි දර්ශනය හා ප්‍රජාව රැක ගැනීම, රක්ෂාව, සෞන්දර්යාත්මකව සිත් ඇද ගන්නා භූමි දර්ශන, ජෛව විවිධත්ව කළමණාකරණය, ජල බැසීම් කළමණාකරනය, සහ වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් තැන්පත් වන ස්ථානයක් ලෙස යනාදී කරුණුය. වන සංවර්ධනය විද්‍යාවෙහි නියැලෙන තැනැත්තා වන ආරක්ෂක නිලධාරියා ලෙස හඳුන්වයි.
ජීව ගෝලයේ ඉතාම වැදගත් කොටස්වලින් එකක් බවට, වනාන්තර පරිසර පද්ධති පත් වී ඇති අතර වන සංවර්ධන විද්‍යාව, භාවිතයේ ඇති කලාවෙහි, විද්‍යාවෙහි, සහ තාක්ෂණයෙහි වැදගත් ක්ෂේත්‍රයක් ලෙස ඉස්මතු [[වී]] ඇත.
 
== ක්‍රියාකාරකම් ==
29 පේළිය:
== අධ්‍යනය ==
[[ගොනුව:Burn9582.JPG|thumb|right|ඉන්ධන ප්‍රමාණ අඩු කර ගැනීම සඳහා වනාන්තර භාරකරුවන් විසින් සිදු කරන නිර්දේශිත පිළිස්සීම්.]]
මධ්‍යම යුරෝපයේ වන කළමණාකරණය අතීතයේ සිට උගන්වා තිබුණ ද ඒ වෙනුවෙන්ම වෙන් වූ පළමුවන සංරක්ෂණ විද්‍යාලය George Harting විසින් 1787 දී Dillenburg නම් වු ජර්මානු නගරයේ ආරම්භ කරන ලදී. උතුරු ඇමරිකාවේ ප්‍රථම වන සංරක්ෂණ විද්‍යාලය George Vanderbilt විසින් උතුරු කැරලිනාවේ Asheville හි ඇරඹුවේ සිදුවන වනාන්තර විනාශය පිළිබදව කම්පා වීමෙනි. ඔහුගේ බිල්ට්මෝර් වත්ත සම්පුර්ණයෙන්ම කළමණාකරණය කරන ලද වනාන්තරයකි. මෙහි 1895 සිට මුඩු බිමෙහි වගා කරන ලද වැඩුණු ශාඛ දක්නට ඇත. New York State College තවත් මෙවැනිම [[1896]] දී Cornell හි ආරම්භ කරන ලද විද්‍යාලයකි. අතීත උතුරු ඇමෙරිකානුවන් දහ නව වන සියවසේ සිට වන කළමණාකරණය හැදැරීමට ජර්මනියට ගියහ. සමහර ජර්මානුවන් උතුරු ඇමෙරිකාවට පැමිණියහ. මෙසේ දෙරට අතර දැනුම හුවමාරු විය.
 
දකුණු ඇමෙරිකාවේ ප්‍රථම වන සංරක්ෂණ විද්‍යාලය බ්‍රසිලයේ ආරම්භ විය. විශේෂයෙන්ම Vicosa Minas Gerais සහ Curitiba parana යන ස්ථාන මෙහිදී වැදගත් විය.
"https://si.wikipedia.org/wiki/වන_සංවර්ධන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි