"ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
සුළු 217.78.6.205 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Lee ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
17 පේළිය:
==ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ ඉතිහාසය==
===ආරම්භය===
ලක්වැසි ජනතාවගේ පමණක් නොව විදේශීය ජනතාවගේ පවා ඉමහත් භක්ත්‍යාදරයට ලක් වූ ශ්‍රී පාදය උඩවැඩියා මල් ගැනද ප්‍රසිද්ධය. ශ්‍රී පාදයේ උඩවැඩියා මල් නෙලීමට සහ ශ්‍රී පාද වන්දනා කිරීමට [[1959]] මාර්තු මාසයේ මැදින් පොහෝ දින තරුණ වෛද්‍යවරයෙකු වූ වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා මහතා ප්‍රමුඛ පිරිසක් අති දුෂ්කර රත්නපුර මාර්ගය ඔස්සේ ශ්‍රී පාද කඳු තරණයේ යෙදිණි. වන්දනාකරුවන්ට කඳු තරණයට ඇති එකම බලවේගය බුදු බැතියෙන් පිරී ගිය චිත්ත සන්තානයේ පවතින ආත්ම ශක්තිය පමණකි. එනමුත් ඔවුන්ගේ ආත්ම ශක්තිය කෙතරම් ප්‍රබල වුවද ලෙඩ රෝග වලින් සහ අනතුරුවලින් ඔවුනට එල්ල වූ තර්ජන අනන්තය, අප්‍රමාණ ය.
 
ගමන් අපහසුව නිසාත්, අධික සීතල නිසාත්, මාර්ගයේ පවතින දුෂ්කරතාවය නිසාත් කලට වේලාවට ආහාර නොලැබීම නිසාත් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වූ බැතිමතුන් අති විශාල සංඛ්‍යාවක් ශ්‍රී පාද තරණයේ යෙදුණු වෛද්‍ය ලක්ෂ්මන් ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායම එදා දුටූහ. ඔවුන්ගෙන් බොහෝමයක් උණ, වමනය, උදරාබාධ ආදියෙන්ද, කුඩා දරුවන් බොහෝ දෙනෙකු වලිප්පුවෙන්ද, අදික සීත නිසා ඇතිවන පපුවේ කැක්කුම්වලින්ද, වෙහෙස මහන්සිය නිසා ඇති වූ ශාරීරික වේදනාවෙන්ද, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, පාචනය වැනි තත්ත්ව වලින් පෙළුණු වැඩිහිටියන් හා ළමුන් අති විශාල සංඛ්‍යාවක් ඉතාමත් අසරණව වැතිර සිටිනු මොවුන් විසින් දක්නා ලදි.
24 පේළිය:
 
1960 වසරේදී මාර්තු මස “ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය“ නමින් ස්වේච්ඡා සංවිධානය ආරම්භ කරමින් ශ්‍රී පාදයේදී නල්ලතන්නිය, ගඟුලතැන්න, ඉඳිකටුපාන, ආඬියාමලතැන්න, හා මළුව යන ස්ථාන වල ප්‍රථම සංවිධානාත්මක සෞඛ්‍යදාන කඳවුර පවත්වනු ලැබීය. මෙම මංගල කඳවුරට වෛද්‍යවරුන්, සහකාර වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ ව්‍යාපාරයේ පුහුණු ස්වේච්ඡා සේවක සේවිකාවෝ සියයක් පමණ සහභාගී වී අසරණ රෝගීන්ට කරුණාව, මෛත්‍රිය පෙරදැරි කොට ගෙන පිහිට විය.
 
===වර්ධනය===
එදා පටන් අද දක්වා ම ශ්‍රී පාදයේ වෛද්‍යාධාර කඳවුරු පවත්වමින් රෝගීන් දස දහස් ගණනකට පිහිට වෙමින් ස්වේච්ඡා සේවයේ නිරත වීම අතිශයෝක්තියක් නොවේ. එදා ඉතා ම සුළුවෙන් ආරම්භ වූ සෞඛ්‍යදාන ව්‍යාපාරය අද ගම් නියම්ගම් සිසාරා විහිදී පැතිරී ගිය දිස්ත්‍රික් සංවිධාන, ප්‍රාදේශීය සංවිධාන, පාසල් සෞඛ්‍යදාන ඒකක රාශියකින් සමන්විත දේශයේ ඉතාමත් ප්‍රබල ස්වේච්ඡා සේවා ව්‍යාපාරයකි.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකා_සෞඛ්‍යදාන_ව්‍යාපාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි