"සුනිල් එදිරිසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 217.78.6.205 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 103.29.60.24 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
9 පේළිය:
පාසල් අධ්‍යාපනය හමාර වීමෙන් පසු එදිරිසිංහ මහතා 1969 දී ලිපිකරුවකු වශයෙන් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට බැඳුනේය. ඔහුගේ ජීවිතයේ පෙරැළියක් සිදු වූයේ 1970 වර්ෂයේදී තම සොයුරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අධ්‍යක්ෂණය කළ සහ වික්ටර් රත්නායක මහතා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ ‘මාතර ආච්චි‘ චිත්‍රපටයට ගීත ගායනයෙන් සහභාගි වීමෙනි. මේ අයුරිනි ඔහු ගායන ශිල්පියකු වශයෙන් දොරට වැඩියේ. මෙයින් ඇති වූ උනන්දුව නිසා සංගීතය පිළිබඳ වැඩිපුර ඉගෙන ගැනීමට කල්පනා කළ එදිරිසිංහයන් ගායන හා වාද්‍ය විශාරද පී.වී. නන්දසිරි ආචාර්යවරයාගේ සංගීත ශාස්ත්‍රාලයට ඇතුළු විය. පසුව ඉන්දියාවේ ලක්නව් හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ පළමු විභාගයට ඉදිරිපත්ව ඉන් පළමු පෙළ සාමාර්ථයක් ලබා ගත්තේය.
 
මේ අතර ‘හුලවාලි‘ සහ ‘ශ්‍රී මදාරා‘ යන චිත්‍රපටවලටද පසුබිම් ගායනයෙන් සුනිල් එදිරිසිංයන් සහභාගි විය. එසේම විශාරද විභාගයෙන් සහ ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පිඨයේ ඩිප්ලෝමා විභාගයෙන් සමත් වීමටද ඔහුට හැකි විය. එපමණක් නොව 1975 දී ගුවන් විදුලි සංගීත පරීක්ෂණයෙන් සරළ ගී ගායකයකු ලෙස සමත් වූ එදිරිසිංහයන් [[1977]] වසරේදී වෙළඳ ගී තැටියක් සඳහාද ගීත කිහිපයක් ගායනා කළේය. ඒ සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේ රෝහණ වීරසිංහ මහතාය. එතැනින් ඇරඹුණු සුනිල් එදිරිසිංහ සහ රෝහණ වීරසිංහ යන මේ දෙදෙනාගේ අපූරු සුසංයෝගයෙන් අගනා ගීත රැසක් සිංහල ගීත සාහිත්‍යයට තිළිණ වුණි.
 
පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා - මඟ නොමඟ නොවැටී යන තාලේ
"https://si.wikipedia.org/wiki/සුනිල්_එදිරිසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි